මඩකලපුව, ඔලික්කුලම් ප්‍රදේශයේ මාස හයක් වයසැති බිළිඳෙකුට පොළඟෙකු දෂ්ට කිරීමේ ඛේදනීය මරණයක් ඊයේ (25) අලුයම සිදුවිය. (Sri Lanka Latest News)
මාස 6ක් වයසැති ඉග්නේෂ් අභිලාෂ් නමැති පිරිමි දරුවකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේය.
ෆාතිමාපුරම් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ බිමක නිදා සිටි මාස හයක බිළිඳාගේ සිරුරේ ස්ථාන කිහිපයක් සර්පයකු දෂ්ට කිරීමෙන් පසු මියගොස් ඇති බව හදිසි මරණ පරීක්‍ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ විය.
අලුයම තුනයි තිහට සිය මව අසල නිදා සිටි තම දරුවාට සර්පයෙකු දෂ්ඨ කර තිබෙන නමුත් මව සිහිසුන්ව සිටි දරුවා ආරයම්පති රෝහලට ඇතුළත් කර තිබුනේ උදෑසන 7.00ට පමණය.
ඉන් පසු දරුවා මඩකලපුව ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී දරුවා මියගොස් තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දරුවා ඥාතීන්ට භාරදී තිබෙයි.
එම සර්පයා නිවසට ආසන්න කැලෑවෙන් නිවසට ඇතුළු වන්නට ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් කාතන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර තිබේ.
gossiplankanews










