මහරගම ජීවත්වන බාලවයස්කාර පාසල් සිසුවියකට ලිංගික අතවර කළ 17 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ලංකාදීප පුවත්පතට අනුව 14 හැවිරිදි දැරිය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාව 17 හැවිරිදි දරුවාට එල්ල වී තිබේ.
සැකකරු සහ අපයෝජනයට ලක් වූ දැරිය මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වන අතර, ඔවුන් පසුගිය වසරේ සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බව මහරගම පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා පාසල සහ උපකාරක පන්ති මගහරිමින් එකට කාලය ගතකර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
lankasara









