• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

76 වසරක ශාපයේ ප්‍රභූ වත්කම්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

September 21, 2025
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
76 වසරක ශාපයේ ප්‍රභූ වත්කම්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඒ 1956 අග විතර. බණ්ඩාරනායක බෝම්බයක් පත්තු කළේ අපේ ඔළුවල….’ Sri Lanka Latest News

සිරිමාවෝ කීවාය. ඔහු එදා කලින්ම ගෙදර ආවා. මට ඇහුණා ඔහු ඉන්නේ ප්‍රශ්නයක කියලා. ඔහු මට කීවා ගෙදර වැඩ පැත්තකින් තියලා ඔහු සමග වැදගත් ප්‍රශ්නයක් කතා කරන්න උඩුමහලට එන්න කියලා. සාමාන්‍යයෙන් ඒක මට හුරුපුරුදු දෙයක් නොවේ. ලොකු කටකතාවක් යනවා සර් ජෝන් පාර්ලිමේන්තුව විසුරුවන්න යනවා කියලා. ඔහු හිතනවා ඇති තව වසර පහකට ඔහුගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ජනවරමක් ගන්න ඕනෙ කියලා. ඔහු මුළුමනින්ම වැරැදියි. නමුත් ඒක නොවේ ප්‍රශ්නය. අපි ලෑස්ති නැහැ අපේ සටන පටන් ගන්න. මොන ආයුධවලින්ද මම සටන් කරන්නේ? මම කොහොමද දිනන්නේ? කොහෙන්ද මම අරමුදල් හොයාගන්නේ? මට කොයින්ද සම්පත්? ඔබ දන්නවා මම තාත්තගේ මරණයෙන් පස්සේ ඔහුගේ වතුවලට ගෙවිය යුතු මුදල් කොයි තරම් ගෙව්වද කියලා. 1952 ඡන්දෙට මම කොතරම් වියදම් කළාද? අපිට ඉඩකඩම් තියෙනවා. ඒත් ඒවා ක්ෂණිකව සල්ලි කරන්නේ කොහොමද? අපිට ධනවත් බිස්නස්කාරයෝ, මුදලාලිලා නැහැ. මට උදව් කරන අය ඔක්කොම දුප්පත්. මම ඔවුන්ව අපේක්ෂකයෝ කළොත් ඔවුන් ඡන්ද කරන්න සල්ලි හොයාගන්නේ කොහොමද? මට ඔහු කියන දේ වැටහුණි. ඒත් මට ඒවාට උත්තර තිබුණේ නැත. මම ඇහුම්කන් දීගෙන හිටියා පමණි. ඔහුගේ ප්‍රශ්නයට විසඳුමක් මගේ හිතේ තිබුණේ නැත. ඔහු එක්වරම විසඳුමක් කීවේය.
‘අපිට මේ ගෙදර උකස් කරන්න වෙනවා’ ඔහු කීවේය. මම කම්පාවට සහ පුදුමයට පත් වුණෙමි.

‘මේ ගෙදර…?’

මම වික්ෂිප්තව ඇසුවෙමි.

ලොව තියෙන අවාසනාවන්තම දේ ණයවීම බව මගේ මවුපියන් මට උගන්වා ඇත. මේ නිසා මට ඔහුගේ යෝජනාවට එකඟ විය නොහැකි විය.

‘ඔබ එහෙම දෙයක් හිතන්නේවත් කොහොමද? මේ ගෙදර ඔබට දුන්නේ ඔබේ පියා. අපේ දරුවන්ට මොකද වෙන්නේ? ඔබට ඕනා ඔවුන්ට ණය උරුම කරලා යන්නද? දේපළක් උරුම කරලා යන්නද?

මම එසේ ඔහුට යාදිනි කීවෙමි.

‘මම කොහොමද සල්ලි හොයන්නේ…?’

ඔහු අසරණව කීවේය.

‘මේක ලේසි තීරණයක් නොවේ. මම වසර 25කට වාරික ගෙවලා ගෙදර බේරාගන්නම්….

ඔහු කීවේ අධිෂ්ඨානපූර්වකවය. මම එයට එකඟ විය. ඉතින් අපේ රොස්මිඩ් නිවස ලක්ෂ දෙකකට ලංකා බැංකුවට උකස් කරනු ලැබීය.

මේ, ‘සිරිමාවෝ’ නමින් මයුරීන් සෙනෙවිරත්න 1975 ප්‍රකාශයට පත්කළ ග්‍රන්ථයක සටහන් වූ කතාවකි.

ඇත්තටම බණ්ඩාරනායක ඝාතනය වූවාට පසු රොස්මිඩ් නිවසේ ණය වාරික ගෙවීම අත්හැරුණි. 1965 මහ මැතිවරණය පරාජය වීමෙන් පසු එවක අගමැතිනිය වූ සිරිමාවෝට කොළඹ ඉන්න ගෙයක් නොවීය. රොස්මිඩ් නිවස බැංකුවට සින්න වී තිබිණි. ඇයගේ දරුවන් වූ සුනේත්‍රා, චන්ද්‍රිකා සහ අනුරට කොළඹ පාසල් යන්න සිදුවූයේ හොරගොල්ලේ වලව්වේ සිටය. 1965 අගමැති වූ ඩඩ්ලි මානුෂීය පදනම මත ඇයට අරලියගහ මන්දිරයේ දිගටම පදිංචිව සිටීමට අවසර දුන්නේය. ඒත් ඇය ඩඩ්ලිගේ අනුකම්පාවට පයින් ගසා හොරගොල්ලට ගියාය. ඇය 1975දී ‘සිරිමාවෝ’ පොත ලියපු මයුරීන්ට පවසා ඇත්තේ තමා තවමත් රොස්මිඩ් උකසේ ණය වාරිකය ගෙවන බවය.

රොස්මිඩ් වලව්වේ ණය වාරික ගෙවද්දීම ඇය 1970-77 ඇයගේ ආණ්ඩුව ලවා ඉඩම් පනත ගෙනැවිත් ඇයට හිමි අක්කර දහස් ගණනක් ආණ්ඩුවට දුන්නාය. අන්තිමේදී ඇයගේ මවුපියන්ගේ බූදලය වූ බළංගොඩ රත්වත්ත වලව්ව අවට ඉඩම් රජයට පවරාදී පොඩි ඉඩම් කොටසකට සීමාවිය.

ඇය සහ ඇගේ සැමියා බණ්ඩාරනායක පමණක් නොව ලංකාවේ පළමු අගමැති ඩී.ඇස්. සේනානායකද දේශපාලනය කළේ සිය ඉඩකඩම් විකුණලාය. ඔවුන්ට හිමි වැවිලි සමාගම් ඔවුන්ට අහිමි වී අන්තිමේ ඔහුගේ පුත් පසුව අගමැති වූ ඩඩ්ලිට හිමිවූයේ බොරැල්ලේ වුඩ්ලන්ඩ්ස් වලව්ව සහ බෝතලේ වලව්වය. වුඩ්ලන්ඩ්ස් වලව්වේත්, බොරැල්ල හන්දියට යනතෙක් විහිදී තිබූ ඉඩම් විකුණලා අවසානයේ වුඩ්ලන්ඩ්ස් වලව්ව පොඩි ඉඩම් කොටුවකට සීමාවිය. මියයන විට ඩඩ්ලිගේ බැංකු පොතෙහි තිබුණේ රුපියල් 234ක් පමණි.

1953 ඩඩ්ලිට පසු අගමැති වූ සර් ජෝන් කොතලාවල ඔහුගේ දේපළ වූ කඳවල වලව්ව සහ වතුයාය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් සඳහා පරිත්‍යාග කළේ එවක හමුදාපති ජී.ඊ.ඩී. පෙරේරා ඔහු හමුවීමට පැමිණ ලංකාවේ ආරක්ෂක අංශයන්ට විශ්වවිද්‍යාලයක් නොමැති වීමේ අඩුව පෙන්වා දුන් පසුවය. සර් ජෝන් වහාම ඔහුගේ වලව්ව සහ කඳවල වතුයාය ආරක්ෂක විශ්වවිද්‍යාලයකට දෙන්න තීරණය කළේය. ඒ සඳහා වූ ඔප්පුව අස්සන් කළේ 1979 ජූලි 11ය. එම විශ්වවිද්‍යාලයට ඔහුගේ නම යොදනවාට ඔහු විරුද්ධ විය. එම විශ්වවිද්‍යාලයට ඔහුගේ නම දැම්මේ ඔහු මියගියාට පසුවය. ඒ, කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියය.

ඩී.ඇස්., ඩඩ්ලි, සර් ජෝන්, බණ්ඩාරනායක, සිරිමාවෝට පසු අගමැති වී ජනාධිපති වූ ජේ.ආර්. ඔහුගේ පවුලේ මහගෙදර වූ වෛජන්ත, චීන තානාපති කාර්යාලයට වික්කේ ඔහු අගමැති වී ජනාධිපති වීමට බොහෝ කාලයකට පෙරය. පසුව චීනය සිය තානාපති කාර්යාලය බෞද්ධාලෝක මාවතට ගෙන යන්න තීරණය කොට එම නිවස ජේ.ආර්.ට දුන්නේය. ජේ.ආර්. ඒ නිවස ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය නමින් ඔහුට ජනාධිපති කාලයේ ලැබුණු වටිනා කෞතුක වස්තු සහ ඔහුගේ පොත්පත්, ලේඛන අඩංගු මධ්‍යස්ථානයක් සඳහා රජයට දුන්නේය. අද එය ජේ.ආර්. ජයවර්ධන සෙන්ටර් නමින් හැඳින්වේ.

ඔහු වෛජන්ත නිවසින් ගොස් ජීවත් වූ බිරිඳට අයත් බි්‍රමාර් නිවස ඔහු මුලින් ආදායම් බදු දෙපාර්තමේන්තුවටද, පසුව ජාතික මූලික අධ්‍යයන ආයතනයටද, ඊටත් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද දුන්නේය. පසුව එය ආණ්ඩුවට පවරා ජයවර්ධන මධ්‍යස්ථානයට අයත් විය. ඔහුගේ වෛජන්ත නිවස හෝ බි්‍රමාර් නිවස ඔහුගේ පුත් රවී ජයවර්ධනට හිමි නොවීය. ඔහු ඒ වටිනා දේපළ ලීවේ මහජනතාවටය. අද ඒ ගැන ජයවර්ධනගේ මුණුබුරන් කම්පා වෙන බවක් අසා නැත.

ඩී.ඇස්., ඩඩ්ලි, සර් ජෝන්, බණ්ඩාරනායක, සිරිමාවෝ සහ ජේ.ආර්. සලකන්නේ ලංකාවේ ප්‍රභූවරු හැටියටය. ජවිපෙ න්‍යායාචාරීන් කියන්නේ මේ ප්‍රභූවරුන්ගේ 76 වසරක පාලනය රටට ශාපයක් කියාය. ප්‍රභූවරුන්ගේ ඒ ශාපය අවසන් කරන්න නිර්ප්‍රභූ ජවිපෙ ප්‍රභූ පාලනය පෙරළා බලය ගත්තා කියාය. මේ දිනවල නිර්ප්‍රභූ ජවිපෙ මැති ඇමැතිවරුන්ගේ වත්කම් ලැයිස්තු සමාජ මාධ්‍ය හරහා එළියට එද්දී ප්‍රභූ නායකයන් සිය වත්කම් මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරපු ආකාරය මතක් කරගැනීම වටී.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අපහාසයක් කළාද? ප්‍රසාද් – හරිනි – ලක්මාලි තුන්කොන් සටන! Sri Lanka Latest News

Next Post

ඩබල් ඩෙකර් බස් එකක අපි හැමෝම එකතුවෙලා යමු! එතකොට තමයි හරි! අපි එකතුවෙමු.. එකතු වෙමු.. එකතුවෙමු..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.