• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපහාසයක් කළාද? ප්‍රසාද් – හරිනි – ලක්මාලි තුන්කොන් සටන! Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අපහාසයක් කළාද? ප්‍රසාද් – හරිනි – ලක්මාලි තුන්කොන් සටන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදුකළ ප්‍රකාශයකින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක වන ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියට අපහාසයක් සිදුවූ බවට චෝදනා කරමින් අග්‍රාමාත්‍යවරිය, සභානායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් දිගින් දිගටම අදහස් පළ කළා. කෙසේ වෙතත් පසුව ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා සිය ප්‍රකාශයෙන් අදාළ මන්ත්‍රීවරියට යම් සිත් තැවුලක් වූයේ නම් ඊට සමාව අයැදින බව සඳහන් කරමින් සිය ෆේස්බුක් පිටුවේ පෝස්ටුවක්ද පළකර තිබුණා. එහෙත් ඊට පසුවද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර උක්ත කරුණ සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇතිවූ අතර, පහත පළවන්නේ එලෙස පළවූ අදහස්වලින් කිහිපයකි.Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
ඊයේ ගරු කතානායකතුමනි, මේ සභාව තුළ අපේ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට ඉතාමත්ම තර්ජනාත්මක විදිහට විපක්ෂ නායකයාගේ මාධ්‍ය ප්‍රකාශක කියලා කියාගන්නා මන්ත්‍රීවරයෙක් කතා කළා.

ගරු කතානායකතුමනි, මම ඒක මතු කරන්නේ මෙන්න මේ හේතුවට. මේක ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට පමණක් කරන තර්ජනයක් හැටියට නෙවෙයි මම ඒක සලකන්නේ. ඔබතුමා දන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් සංඛ්‍යාව ඉතාමත්ම අඩු මට්ටමක පැවතුණේ. අදටත් ඒක 22ක් වුණත් මේ දකුණු ආසියාවෙම අඩුම මන්ත්‍රීවරියන් නියෝජනයක් තියෙන පාර්ලිමේන්තුවක් මේක. දැන් එවැනි අවස්ථාවක මේ විදිහට, මොකද ඒක මම දකින්නේ ප්‍රචණ්ඩත්වය. මම දකින්නේ ඒක තර්ජනයක්. ඒක නිකම් වචනවලට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ඒක ඇත්තටම වර්බල් ත්‍රෙට් එකක්, හැරස්මන්ට් එකක්, වයලන්ස්.

ඔන්න ඔය සංස්කෘතිය පරාජය කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අද උදෙත් මෙතැන හැසිරුණේ ගරු කතානායකතුමනි ඒ අන්දමටම තමා. මේ සංස්කෘතිය වෙනස් කරන්න තමයි මේ රටේ ජනතාව ඉල්ලන්නේ. මම ඉල්ලා සිටිනවා ගරු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, සමාජ මාධ්‍ය පොඩ්ඩක් බලන්න. සමාජ මාධ්‍යයේ මේ සිද්ධිය පිළිබඳ, අද සිද්ධියත් ඊයේ සිද්ධියත් පිළිබඳ ජනතාව, මේ රටේ පුරවැසියන් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් පරිශීලනය කරන්න, පොඩ්ඩක් ඒක ස්ටඩි කරන්න. කොච්චර පිළිකුල්සහගතද කියලා අපි කියන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව, මේ රටේ පුරවැසියන් කියන්නේ. ඔවුන් ඒක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ.
අපි මහන්සි වෙලා මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් 22ක් පත්කර ගත්තා. ඒ 22 දෙනා නියෝජනය කරන්නේ මේ රටේ කාන්තාවන්. ඔබතුමා වෛද්‍යවරයෙක් හැටියට දන්නවා මේ රටේ කාන්තාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රචණ්ඩත්වය. ඕවා පටන් ගන්නේ වාචික ප්‍රචණ්ඩත්වයෙන්. ඕවා පටන් ගන්නේ ඔය වගේ වචනවලින් ගැහැනුන්ව යටත් කරන්න උත්සාහ කරමින්. මේක තමා පීතෘමූලික සමාජයක ඒ පේටි්‍රයාකල් සංස්කෘතියේ කැතම කැතම එක.

දක්ෂ ගැහැනු මන්ත්‍රීවරියකගේ ඒ දක්ෂතාවය අභියෝගයක් වෙලා තියෙනවා මේ මන්ත්‍රීවරුන්ගේ පිරිමිකමට. ඒකයි මෙතැන ප්‍රශ්නේ. ඒක තමා මේ රටේ ජනතාව, රටේ මේ කාන්තාවනුත් දිගින් දිගටම මුහුණ දෙන ප්‍රශ්නය. ඒ නිසා තමයි අපේ මන්ත්‍රීවරියන් මේ රටේ සමස්ත ගැහැනුන් නියෝජනය කරමින් මෙතැන කතා කරනකොට මේ මන්ත්‍රීවරුන් ඒ තර්ජනය කරන්නේ මේ රටේ කාන්තාවන්ට කියන එකත් මම මතක් කරලා දෙනවා. ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා, මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමා එහෙම කතාකරන කෙනෙක් නෙවෙයි. ඔබතුමා ශිෂ්ටසම්පන්නව මෙතැන සාමාන්‍යයෙන් හැසිරෙන කෙනෙක්. ඒක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. තර්ජනාත්මකව කාට වුණත් කතාකරන එක අනුමත කරන්න බැහැ.

අපි අතිශයින්ම අමාරුවෙන් මහන්සි වෙලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තා නියෝජනය වැඩි කළාම ඒක ඔබතුමන්ලාගේ මන්ත්‍රීවරුන්ට අභියෝගයක් වෙන්න පුළුවන්. දක්ෂ මන්ත්‍රීවරියන් අද පාර්ලිමේන්තුවේ ඉන්න එක. හැබැයි, ඒක තමා වෙනස. ඒ අනුව ඔබලාත් වෙනස් වෙන්න කියලා මම ඔබතුමන්ලාට ආරාධනා කරනවා. අපේ මන්ත්‍රීවරියන් දිහා බලන් ඉන්න ගැහැනු දරුවන්, පොඩි දරුවන්, දැරියන්, ඔවුන් හිතන්නේ කවදා හරි ඔවුන්ටත් ලක්මාලි හේමචන්ද්‍ර වගේ, සමන්මලී ගුණසිංහ වගේ, කෞෂල්‍යා ආරියරත්න වගේ, සරෝජා පෝල්රාජ් වගේ, අපේ මේ ඉන්න 22 දෙනා වගේ වෙන්න කවදා හරි ඔවුන් සිහින දකිමින් ඉන්නේ. ඒ සිහිනවලට තමයි අර තර්ජනය එල්ල කරන්නේ. මේ හැසිරීමේ කැත සහ කුහකකම තියෙන්නේ එතැන.

ගරු කතානායකතුමනි, මම ඉල්ලා සිටිනවා, ඔබ තදින් අවවාද කරන්න. මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න, මෙතැන ඉන්න මේ මන්ත්‍රීවරුන්ට මේ විදිහේ හැසිරීම ඉතාමත්ම කැතයි, අවලස්සනයි. ඒක අපි නෙමෙයි තරයේ ප්‍රතික්ෂේප කරන්නේ, මේ රටේ පුරවැසියන්. ඒ නිසා තමයි අද මේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ එකතුව ගත්තත් මම හිතන්නේ බස්නාහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නවා ඊට වඩා. මොන විශ්වාසභංගයක්ද? විශ්වාසභංගය පැත්තක තියන්න. අපිට පුළුවන් අපේ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන් ටික විතරක් ගෙන්නලා මේගොල්ලන්ව පරාජය කරන්න.

ඒ තත්ත්වයට මේ රටේ ජනතාව මේ විපක්ෂය පත් කළේ මේ රටේ ජනතාව මේ සංස්කෘතික වෙනස ඉල්ලපු නිසා. පාර්ලිමේන්තුව තුළ ඒ වෙනස ඉල්ලපු නිසා. අපිට විවාද කරන්න පුළුවන්, අභියෝග කරන්න පුළුවන්. නමුත් තියෙනවා යම්කිසි සදාචාරයක්. අන්න ඒ අනුව හැසිරෙන්න කියලා ඉල්ලමින්, මේ කාලය ලබාදීම පිළිබඳ මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන
අගමැතිතුමිය මගේ නම සඳහන් කරමින් ඊයේ දවසේ කාන්තා මන්ත්‍රීතුමියකට තර්ජනය කළා වගේ අදහසකින් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඇත්තටම අගමැතිතුමිය එතැන හිටියා නම් දකින්න ලැබෙයි, මම මගේ අදහස ඉදිරිපත් කරන අවස්ථාවේ රීත්‍යානුකූල නොවන අන්දමට මයික් එක ලබාගැනීම තමයි එතැන ඇති වෙච්ච ප්‍රශ්නය. ඒ වෙලාවේදී මම කිව්වේ, මම කරපු කතාවේ කොතැනද වැරැද්ද යම්කිසි මන්ත්‍රීවරියකට අමනාපයක් ඇති වෙන්න? එහෙම නැතුව තර්ජනාත්මකවත් මොකුත් නෙවෙයි. ඒ වෙලාවේ එයාට අපහාසයක් නෙවෙයි. මම යම් සංසන්දනාත්මක කතාවක් තමයි එතැන කිව්වේ. එහෙම නැතුව මන්ත්‍රීවරියකට අපහාස කරන අදහසකින්වත්, එහෙම නැත්නම් වෙනත් දේශපාලනයට එන්න බලාපොරොත්තු වන කාන්තාවන්ව අපහසුතාවට පත්කරන අදහසකින්වත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් 22ගේම ගෞරවයට කිසියම් හානියක් කරන අදහසකින්වත් කරපු කතාවක් නෙවෙයි. මගේ කතාවට බාධා කිරීම සඳහා අවස්ථාව ලබාදීමට විරෝධය පළකිරීමක් ලෙස තමයි ඒ ප්‍රකාශය නිකුත් කළේ. එහෙම නැතුව ඔබතුමිය සඳහන් කරන ආකාරයට ඒක මේ දේශපාලනික වාසියක් විදිහට අරගෙන කතා කරන්න උත්සාහ කරන්න එපා කියලා අගමැතිතුමියගෙනුත් ඉල්ලීමක් කරනවා.
මෙතැන මන්ත්‍රීවරු කියන කැටගරි එක යටතේ තමයි ඒ සාකච්ඡාව සිද්ධ වුණේ. එහෙම නැතුව වෙන එකකට නෙවෙයි. එහෙම අදහසකින් හැර වෙනත් අපහසුතාවට පත්කරන අදහසකින් කරපු එකක් නෙවෙයි ඒක. ඒක තමයි මට කියන්න තියෙන අදහස.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
මම හිතන්නේ මේ මෙතැන දේශපාලන වාසියක් හෝ අවාසියක් ගැන නෙවෙයි කතාව තියෙන්නේ. ඔහුට ගිහිල්ලා නැවත වතාවක් ඔහු කියපු එක හොඳින් බලන්න කියන්න, කොච්චර තර්ජනාත්මකද කියලා. ඒක කැතයි ගරු කතානායකතුමනි. ඒක පිළිගන්න ඕනේ. ඒක පිළිගන්න ඕනේ සහ ඒ තර්ජනය, තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අර්ථයක් තියෙනවා. මන්ත්‍රීවරියකට තමයි එහෙම කතා කළේ. ඒ නිසා ඒ පිළිබඳ ඔහුට අවබෝධයක් නැත්නම් ඒ අවබෝධය ලබාගන්න කියලා මම යෝජනා කරනවා. සමගි ජන බලවේගයේ පක්ෂයටත් මම යෝජනා කරනවා ඒ පිළිබඳ අවබෝධයක් ලබාගන්න කියලා. මහ ලොකුවට කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරනකොට ඒක ප්‍රැක්ටිස් එකෙන් කොහොමද වෙන්න ඕනේ කියන එක හදාරලා එන්න කියන එකත් මම යෝජනා කරනවා. බොහොමත් ස්තුතියි.

සභානායක, අමාත්‍ය බිමල් රත්නායක
මම හිතන්නේ මේකෙන් පේන්නේ වැරදි කරන එක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක පෙන්වා දුන්නට පස්සේ හදාගන්න බැරි එක ඊට වඩා අමාරු දෙයක්. ඒ මන්ත්‍රීවරයා ලක්මාලි හේමචන්ද්‍ර මැතිනියට කරපු අපහාසාත්මක ප්‍රකාශය, මොකද අපි නම් ලස්සනයි කියන්නේ හදවත් ලස්සන අයට, වැඩ ලස්සන අයට. අපි ආදරය කරන්නෙත් එහෙම අයට. මම මේ කතාවක් පාර්ලිමේන්තුවේ කළා ගරු කතානායකතුමනි, කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ විවාදයේදී මම 22 දෙනා ගැනම කතා කළා. චමින්ද්‍රාණි මැතිනිය ගැනත් කතා කළා. මම කිව්වා මේගොල්ලෝ 22දෙනා හයිපතියා වගේ අය, මේගොල්ලෝ පරිස්සම් කරන්න ඕනේ කියලා. දැන් ගරු අග්‍රාමාත්‍යතුමිය වැරැද්ද පෙන්වලා දුන්නට පස්සෙත් ඒක පිළිගන්නේ නැහැ. සෝෂල් මීඩියා එකේ පෝස්ට් එකක් දාපු එකත් අපිට හිතෙනවා බොරුවටද දාලා තියෙන්නේ කියලා. ඒකත් බොරු කියලා තමයි පේන්නේ. මොකද වැරැද්ද ඔබතුමා දන්නේ නැහැනේ.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන
ක්‍රියාව පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. ප්‍රතික්‍රියාව තමයි ප්‍රශ්නය. එතුමිය ක්‍රියාව නොකර සිටියා නම් මගේ අතින් ප්‍රතික්‍රියාවක් එන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වෙලාවේ මගේ අතින් අපහසුතාවක් වුණා නම් මම ඒකට එතුමියට පෞද්ගලිකව සමාව ඉල්ලලා මාධ්‍යයට දැම්මා පණිවුඩයක්. ඇයි දැම්මේ? ඒක ඇතුළේ යම් අපහසුතාවක් කාන්තාවක් ලෙස සිදුවෙනවා නම් ඒකට. හැබැයි මම ඒක එතැනින් එහාට අරගෙන යන්න උත්සාහ කළේත් නැහැ. ඒ මොහොතේ ක්‍රියාව නොකර සිටියා නම් ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ඒක ගැන කාටවත් කතා කරන්න වුවමනාවක් නැහැ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
ගුටි ගහන ගැහැනුන්ටත් කියන්නේ ඕකම තමා. හරියට වෙලාවට හැසිරුණා නම්, තේ කෝප්පේ ගෙනැල්ලා දුන්නා නම්, කියපු විදිහට හිටියා නම්, ගුටි කන්නේ නැහැ කියලා. තර්ජනය කරලා දැන් එතුමියටම ආයෙත් අපහාස කරනවා එතුමිය කතා කළේ නැත්නම්… අයියෝ ලැජ්ජයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ
ප්‍රසාද් මන්ත්‍රීතුමා. ඔබතුමා ඔබතුමාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරගන්න එපා ආපහු. ඔබතුමාට දැනිච්ච නිසා ඔබතුමාම ගිහිල්ලා මේක පිළිබඳ සමාජ මාධ්‍යයට එකක් දැම්මනේ, ‘ලක්මාලි සමාවෙන්න’ කියලා. ඇයි ඒ? මේ අපහාසයන් පිළිබඳව, මේගොල්ලන්ගේ හැසිරීම් පිළිබඳව, තමන්ට වුණාට පස්සේ මේක ආපහු හරි කියලා කියන්න යන්න එපා. වැරදිච්ච එක වැරදුණා විතරක් නෙමෙයි, මේක සම්ප්‍රදායක් වුණා ගරු කතානායකතුමනි.

The News Reporter

SendShareShare
Previous Post

මහත්වරුන්ගේ ක්‍රීඩාව….! ඊයා හලෝ…! Sri Lanka Latest News

Next Post

76 වසරක ශාපයේ ප්‍රභූ වත්කම්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.