රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ 2022 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා, යුක්රේන භූමිය තුළ රුසියානු හමුදා සෙබළුන් පනස් දහසකට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති බව බී.බී.බී වාර්තා කරයි.Sri Lanka Latest News
මෙම මරණ පනස් දහසින් වැඩි මරණ සංඛ්‍යාවක් සිද්ධ වී ඇත්තේ යුද්ධයේ දෙවන වසරේ දී ය.
යුද්ධයේ දෙවන වසරේ දී රුසියානු හමුදා විසින් හදුන්වා දෙන ලද නව උපාය උපක්‍රම ඔවුන්ටම පාරා වළලක්වී මරණ සංඛ්‍යාව ඉහළ යාමට එය බලපා ඇතැයි බීබීසී පවසයි.
බීබීසී වාර්තා කරන ආකාරයට, පළමු වසරට සාපේක්ෂව ආක්‍රමණය සිද්ධ කර ගෙවී යන දෙවන වසරේ දී මරණ සංඛ්‍යාවේ 25% ක වැඩි වීමක් දෙවන වසරේ දී වාර්තා වී තිබේ.
මේ අතර, යුද්ධයෙන් සිය හමුදාවේ තිස් එක් දහසක් මියගිය බව යුක්රේනය පවසයි. කෙසේ වෙතත්, එක්සත් ජනපදය පවසන්නේ මෙම සංඛ්‍යාව මීට වඩා විශාල ලෙස ඉහළ යා හැකි බවයි.