පෞද්ගලික බස්රථවලින් සියයට 25කට ආසන්න ප්‍රමාණයක් ඩීසල් වෙනුවට භූමිතෙල්වලින් ධාවනය කරමින් ප්‍රමිතියෙන් බාල ඩීසල් ආනයනය කරන බව කියමින් බස් හිමියන් රජයට දොස් පවරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් සහ බැඳීම් ප්‍රකාශය එළිදැක්වීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් ලීටරයක් රු. 77 කටද, ඩීසල් ලීටරයක් රු. 111කටද අලෙවි වන බවකි.
භූමිතෙල් සහ ඩීසල් අතර මිල වෙනස නිසා බොහෝ පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ භූමිතෙල්වලින් බවද ඔහු පැවසීය.
ඩීසල් මෙහෙයුම් එන්ජින් ඩීසල් භාවිතයෙන් පමණක් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
ඩීසල් එන්ජින් සඳහා වැඩි කාලයක් භූමිතෙල් භාවිත කිරීමෙන් එන්ජින්වලට හානි සිදුවන බවද අමාත්‍ය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.









