• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ඛනිජ සම්පත් හොයන වැඩේ ඔස්ටේ්‍රලියානු සමාගමකට දෙන්නයි යන්නේ! ඩොලර් මිලියන 20ක් ගියේ කාගෙ සාක්කුවෙන්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! Sri Lanka Latest News

November 18, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ ඛනිජ සම්පත් හොයන වැඩේ ඔස්ටේ්‍රලියානු සමාගමකට දෙන්නයි යන්නේ! ඩොලර් මිලියන 20ක් ගියේ කාගෙ සාක්කුවෙන්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඕගොල්ලෝ හැමෝම දන්නවා ලංකාව කියන්නේ ඛනිජ සම්පත් සහ දුර්ලභ ලෝහ බහුල දූපතක් කියලා. ලංකාවේ තිබෙන මේ ඛනිජ සම්පත්වල කැණීම් කිරීමේ සහ ඒවා ගවේෂණය කිරීමේ ඒකාධිකාරිය ඔස්ටේ්‍රලියානු සමාගමකට පවරා දීමේ උත්සාහයක් පිළිබඳ තමයි අපි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණීමට හේතුව. පසුගියදා මේ අදාළ සමාගම මගින් අභියාචනාධිකරණයට ගොනු කරනු ලැබූ ලේඛනයක සඳහන් වුණා ඔවුන් ලංකාවේ ඇතුළත ඩොලර් මිලියන 20ක ආයෝජනයක් කරලා තියෙනවා කියලා. නමුත් අපිට දැනගන්න ලැබෙන ආකාරයට මොවුන් මේ ගෙනාපු බව කියන ඩොලර් මිලියන 20 හෙවත් රුපියල් කෝටි 650කට ආසන්න අතිදැවැන්ත මුදල සාමාන්‍ය බැංකු පද්ධතිය හරහා හෝ එහෙම නැත්නම් මුදල් වශයෙන් ලංකාව ඇතුළට ගෙන ඒමක් සිදුවෙලා නැහැ. මේ ඩොලර් මිලියන 20 ඇත්තටම වියදම් වුණේ ලංකාවේ දූෂිත රාජ්‍ය නිලධාරීන් මිලදී ගන්නද, එහෙම නැත්නම් ලංකාවේ දේශීය සමාගම් සහ ඛනිජ සම්පත් ගවේෂණය සහ ඒ සම්පත් ගොඩගැනීම පිළිබඳ නිපුණත්වයක් තිබෙන රාජ්‍ය ආයතන පද්ධතිය යටපත් කරන්නද කියන ප්‍රශ්නය තමයි අපි අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ තැබුවේ. (Sri Lanka Latest News)

මම ඔබට පෙන්වන්න කැමැතියි විශේෂ ඡායාරූපයක්. මේක 2022 වසරේදී ලංකාදීප පුවත්පතෙත් පළවුණා. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලංකාවේ පතල් හා කැණීම් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අදාළ සමාගමේ නියෝජිතයන් සමග ඔස්ටේ්‍රලියාවේ අවන්හලක සතුටු සාමීචියේ යෙදෙමින් අහාරපාන ලබාගන්නා අවස්ථාවක්.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවෙන් මම අහන්නේ ඇත්තටම මේ ඩොලර් මිලියන 20 වියදම් වුණේ ලංකාවේ ජාතික සම්පත් පොළොවෙන් ගොඩට අරගෙන, ඒවා පිරිපහදු කරලා ලංකාවේ ජාතික ආර්ථිකය ගොඩනංවන්නද, එහෙම නැත්නම් දූෂිත නිලධාරී පැලැන්තියක ආර්ථිකය ගොඩනංවන්නද කියන එක. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ඇත්තටම ආර්ථිකය ගොඩගන්න නම් අවශ්‍ය වෙන මහාපරිමාණ කර්මාන්ත ඇතිකරන්න ඕනේ. මේ ඛනිජ සම්පත් ලංකාවේ සමාගම්වලටත් ලංකාවේ රාජ්‍ය ආයතනවලටත් ප්‍රමුඛතාව ලැබෙන පරිදි ගවේෂණය කළ යුතුයි කියන යෝජනාව ජනගත කරන්න. ඒක උසාවිය හමුවට ගෙන යන්න. අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවට ගෙන යන්න. ඒ ගොඩගන්න ඛනිජ සම්පත් ලංකාව තුළදීම අගය එකතු කිරීමකින් ලංකාවට වැඩි මුදලක් උපයා ගන්න ඕනේ කියන යෝජනාවත් මම කරනවා. උදාහරණයක් ලෙස ලංකාදීප පුවත්පතේ මේ පිළිබඳ ඉතා විස්තරාත්මකව පළකෙරුණා මීට පෙර වාර්තාවක්. ඒ වාර්තාවේ කියැවුණේ ඩොලර් 7ත් 14ත් අතර ප්‍රමාණයක් තමයි ටොන් එකකින් ලංකා රජයට ආදායම විදියට ලැබෙන්නේ කියලා. නමුත් මේ අදාළ ඛනිජ සම්පතේ ටොන් එකක් ඩොලර් 2,300ක් පමණ වටිනවා. අදාළ විදේශ සමාගම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා ඔවුන්ට ඩොලර් 230ත් 250ත් අතර මුදලක් තමයි ලබාදෙන්න පුළුවන් කියලා. අපිට සාධාරණ සැකයක් තියෙනවා මේ ගණන් හිලව් විකෘති කරලා කියලා. ලංකාවට මේ ඛනිජ ටොන් එකකින් ලබාගන්න පුළුවන් මුදල ඩොලර් 2,300ක් වී තිබියදී ඇයි මේ ඩොලර් 7ත් 14ත් අතර මුදලක් ටොන් එකකට දෙන්නේ කියන එක ගැන. මේක දූෂිත ගනුදෙනුවක්. ඒක රටේ ජාතික ආර්ථිකයට ඉතා ඍණාත්මකව බලපානවා.

ලංකාවට විදේශ විනිමය අවශ්‍ය මේ මොහොතේ මෙරට දේශීය කර්මාන්ත ශක්තිමත් කරන්න ඕනේ මොහොතේ ඇයි අපි විදේශීය සමාගමකට අපේ දේශීය සම්පත් කුණුකොල්ලයට පවරා දෙන්නේ කියන ප්‍රශ්නය මම ගරු අධිකරණයෙනුත්, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවෙනුත් සහ වර්තමාන රජයෙනුත් අහනවා.

අනුර කුමාර දිසානායක මහත්මයා ළඟදී ප්‍රකාශයට පත්කරලා තිබුණා ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව එළිදක්වන අවස්ථාවේ අලුත් ආණ්ඩුව දේශීය කර්මාන්ත රකින, දේශීය සම්පත් රකින, රටේ ආර්ථික ස්වෛරීත්වය රකින ආණ්ඩුවක් කියලා. එහෙම ආණ්ඩුවක් නම් අනුර කුමාර දිසානායක මහත්මයට මේ වෙලාවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමේ යුතුකමක් තියෙනවා ලංකාවේ දේශීය කර්මාන්ත ආයතනවලටත්, ලංකාවේ රාජ්‍ය ආයතනවලටත් ප්‍රමුඛතාව ලැබෙන පරිදි මේ ඛනිජ සම්පත් ගවේෂණය කරන්නත්, ඒවා කැණීම් කරන්නත්, ඒවායෙන් අගය එකතු කරලා නිෂ්පාදන රට ඇතුළේ කරලා රටේ ආර්ථිකයට අදාළ නිසි දායකත්වය ලබාගැනීමත් සඳහා. එහෙම නැත්නම් අපිට අහන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ‘රට විකුණන වික්කමසිංහ ප්‍රතිපත්තිය’ද මේ ආණ්ඩුවත් ඉදිරියට ගෙනයන්නේ කියලා.

මේ පිළිබඳ අදාළ සමාගම විසින් ලංකාවේ රාජ්‍ය ආයතන ගණනාවක් චූදිතයො කරලා අභියාචනාධිකරණයේ නඩු පැවරීමක් පවා සිදුකරලා තිබෙනවා. අභියාචනාධිකරණයට ඔවුන් විසින් ලබාදුන්න ලියකියවිලිවල තමයි කියැවෙන්නේ ඔවුන් ඩොලර් මිලියන 20ක් රට ඇතුළට ගෙනල්ලා තියෙනවා කියලා. අපි අහන්න කැමැතියි මේ රටේ මිනිස්සුන්ගෙන් ඕගොල්ලෝ හිතනවද ඇත්තටම මේ සමාගම රුපියල් කෝටි 650ක් මේ රටේ වියදම් කරලා තියෙනවා කියලා? එහෙම නැත්නම් රාජ්‍ය ආයතනවලින් මම අහන්න කැමැතියි ඕගොල්ලන්ට පේනවද රුපියල් කෝටි 650ක් ගෙනල්ලා තියෙනවා කියලා. මහ බැංකුවට යුතුකමක් තියෙනවා මේ පිළිබඳ සොයා බලලා මේ විදේශීය සමාගම් ලංකාව මංකොල්ල කන්න හුවාදක්වන ව්‍යාජ සංඛ්‍යාලේඛනවල බොරුව ජනතාවට ඉදිරියට ගේන්න.

මේ ජාතික සම්පත්වල අනාගතය කියන්නේ රටේ ආර්ථිකයේ අනාගතය. ලංකාවට අවශ්‍ය කර්මාන්ත හදන්න මේ ජාතික සම්පත් නිසි කළමනාකරණයකට ලක්කරන එක ඉතා වැදගත්. ලංකාවේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ආයතනයක් තියෙනවා පුල්මුඩේ ඛනිජ වැලි නිධිය මූලික කරගෙන. ලංකා සිමෙන්ති සංස්ථාවත් තිබෙනවා. ලංකාවේ දේශීය ඛනිජ සම්පත් ගවේෂණය කරන, කැණීම් කරන විශාල ව්‍යාපාරික ආයතන ප්‍රමාණයක් තියෙනවා. මේ ආයතනවලට මූලිකත්වය ලබාදීලා කටයුතු කරන්න ඕනේ කියන එක අපි ශ්‍රී ලංකා ඛනිජ සන්ධානය වශයෙන් දැඩිව විශ්වාස කරනවා. ඒ මතය දැඩිව ප්‍රකාශ කරන්නත් මේ අවස්ථාව උපයෝගී කරගන්නත් අපි කැමැතියි. ඒ වගේම සංවර්ධන වෙච්ච අනෙක් රටවල් කරපු විදියටම ලංකාවේ ආර්ථික ස්වෛරීත්වයට මුල් තැන දීලා ලංකාවට ගන්න ඕනේ ඩොලර් ප්‍රමාණය නිසි ආකාරයට ගන්න පුළුවන් විදියට විනිවිදභාවයකින් යුක්තව මේ ගනුදෙනු කරන්න කියලා ආණ්ඩුවටත් අපි යෝජනා කරනවා.

SendShareShare
Previous Post

පොදු පරීක්ෂණයට දුන්න පොදු නොවන ප්‍රශ්න ටික! හැදුවේ කවුද? කාගෙ කීමටද? අනුමත කළේ කවුද? Sri Lanka Latest News

Next Post

ඇමෙරිකාවත් ලංකාවත් හොල්ලපු ෆර්හාඩ් ෂකේරි කවුද? ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩිතැබීමේ සහ ආරුගම්පේ ඝාතනයේ මහමොළකරු! Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.