• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොදු පරීක්ෂණයට දුන්න පොදු නොවන ප්‍රශ්න ටික! හැදුවේ කවුද? කාගෙ කීමටද? අනුමත කළේ කවුද? Sri Lanka Latest News

November 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Share on WhatsAppShare on Facebook

ඇත්තටම රටක් කියන්නේ මාර ආතල් පොට් එකක්. රටක ආතල් දකින්න දකින්න ඒවා ආතල් විදියට ගන්න පුළුවන් වෙන්නේ රටක් සුඛිතමුදිත නම්. රටක නිකන් එහෙන් මෙහෙන් අප්සෙට් වෙලා තියෙන වෙලාවක රටේ ආතල් දීලා වැඩක් නෑ. රටක ආතල්වලින් අපිට හැබෑ ආතල් එකක් ගන්න නම් රට දියුණු වෙලා තියෙන්න ඕනේ. අපේ රට දියුණු වෙලත් නෑ. හැබැයි අපේ රටේ ආතල් නම් අඩුවෙලා නෑ. බැලූ බැල්මට මෙහෙම ආතල් දෙන මේ වගේ උතුම් දේශයක් මේ ලෝකෙ කොහේවත් නැතුව ඇති කියන ආඩම්බරෙත් එක්කයි මේ ලිපිය ලියන්නේ. (Sri Lanka Latest News)

ඔන්න එකෝමත් එක රටක තිබුණලු ඉස්කෝලයක්. ඒ ඉස්කෝලෙ ලොකු ඉස්කෝලයක්. කොච්චර ලොකුද කියනවා නම් ඒ රටට නිදහස් අධ්‍යාපනය හිමිකරලා දුන්න උතුම්ම කෙනාගේ නම තමයි මේ ඉස්කෝලෙට දාලා තියෙන්නේ. මේක රටේ මුල් කාලේ ඇතිවෙච්ච ඉස්කෝලයක්. ඒ නිසා ඒ ඉස්කෝලෙට හැමෝම ආදරේ කළා. දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ ඉස්කෝලෙට ගියා සහ යනවා සහ ආදි ශිෂ්‍යයෝ ගත්තට පස්සේ ඒ රටේ ලොකු පුටුවල ඉන්න ලොකුම ලොකු මිනිස්සුත් මේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෝ. ඒ නිසා මේ ඉස්කෝලෙ හරිම වටිනා ඉස්කෝලයක්. මේ ලිපිය කොහොම ලිව්වත්, මේ ලිපියේ අන්තර්ගතය මොකක් වුණත්, මේ සිදුවීම මොකක් වුණත් මේ ඉස්කෝලේ තියෙන වටිනාකම නම් බින්දුවකින්වත් අඩු වෙන්නේ නෑ කියන එක පටන් ගනිද්දිම කියලා ඉන්න ඕනේ. කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ ලිපිය කියෙව්වට පස්සේ අනේ මේ ඉස්කෝලෙ හරි වැරැදියි කියලා, එහෙම හිතන්න එපා. මොකද ඉස්කෝලයක් වැරැදි වෙන්නේ නෑ. ඉස්කෝලේ නෙවෙයි වැරැදි. ඉස්කෝලේ ඇතුළේ ඉන්න පුද්ගලයෝ. පුද්ගලයන් ගන්නා සමහර අත්තනෝමතික තීරණ, සරල භාෂාවෙන් කියනවා නම් ගොං තීරණ හින්දා ඒ ඉස්කෝලේ නමටත් හානි වෙනවා. ඒ නිසා තමයි අපි මේ ඉස්කෝලේ නම නොලියන්න තීරණය කළේ. මොකද එදා මෙදාතුර මේ පාසලෙන් ඉගෙනගත්ත උතුම් මිනිස්සුන්ට අගෞරවයක් සිදුවෙන එක වළක්වන්න අපි නම නොකියා ඉන්නවා. නම දන්න අය නම දන්න විදියට ඉන්න. නම කිව්වත් නොකිව්වත් ඉස්කෝලේ වරදක් නෙවෙයි කියලා අපි කෙළින්ම ආයෙත් කියනවා.

කොහොම වුණත් මෙන්න මේ ඉස්කෝලේ පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් දීලා. පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය මොකක්ද කියලා ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ. ඉස්කෝලෙකට උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නිකුත් කරන ප්‍රශ්න පත්‍ර කීපයක් තියෙනවා. උසස් පෙළ විෂයන් සම්බන්ධව ප්‍රශ්න පත්‍රවලට අමතරව ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයකටත්, පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයකටත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ හරිම තීරණාත්මක ප්‍රශ්න පත්‍රයක්. ඒකට හේතුව වෙන්නේ පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා ලකුණු ගන්න බැරි වුණොත් අදාළ ලකුණු ප්‍රමාණය වෙච්ච ලකුණු 30ට වඩා ලකුණු ප්‍රමාණය අඩු වුණොත් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල වරම් හිමිවෙන්නේ නෑ. ඉතින් මේ පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හදන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න ටිකක් සහ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න ටිකකුත් එක්ක. මේ වතාවේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නත් එක්ක මේ කියපු ඉස්කෝලේ උසස් පෙළ ළමයින්ට ප්‍රශ්න පත්‍රයක් දීලා. අරුමය කියලා කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ මේ වෙලාවේ ලංකාවේ බලය හිමිකරගත්ත ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව කියන කණ්ඩායම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගොඩක්. ප්‍රශ්න 5ක් 6ක්ම හදලා තියෙන්නේ මාලිමාවේ නායකයා ගැන, අගමැතිවරිය ගැන, අමාත්‍යාංශ ගැන, ජවිපෙ පටන්ගැනීම ගැන වගේ දේවල් ගැන. මේ ප්‍රශ්න පත්‍රය හැදුවේ කවුද කියන එක ගැන හිතනවට වඩා අපිට අහන්න තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය හදපු කෙනා කන්නේ මොනවද කියලා. මේ ප්‍රශ්න පත්‍රය හදපු කෙනාට කන්න දෙන්නේ මොනවද කියන ප්‍රශ්නය මත අපිට මේක නිරාකරණය කරගන්න පුළුවන්. යම් හෙයකින් මේ විදියේ ප්‍රශ්න පත්‍රයක් හදපු කෙනකුට කන්න දෙන්න තණකොළ සහ පුන්නක්කු කියලා ඒගොල්ලෝ අපිට ඔප්පු කරලා පෙන්වනවා නම් අපි කියනවා මේ වැඩේ වැරැදි නෑ කියලා. මොකද ඒ වගේ වැඩක් ඒ විදියට කරන්න නම් ඒ මට්ටමේ කෙනෙක්වත් වෙන්න ඕනේ.

දේශපාලනය පැත්තක තියලා තමන්ගේ රස්සාව විදියට ගුරු වෘත්තිය තෝරගත්ත කෙනෙක් නම් ගුරුවරයෙක් විදියට මේ වගේ ප්‍රශ්න පත්‍රයක් හදන්නේ නෑ කියන එකයි අපේ විශ්වාසය. මොකද දේශපාලනය අදාළ වෙන්නේ අපිට. අපි විශ්වාස කරනවා ගුරුවරයෙක්ට තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දේශපාලනය යෝජනා කරන්නවත්, ඡන්දය දෙන එක ගැන කතන්දර කියන්නවත් අයිතියක් නෑ. ගුරුවරුන්ට ඡන්දේ ඉල්ලන්න පුළුවන්. හැබැයි ගුරුවරයා කියන භූමිකාවෙන් මිදිලා දේශපාලකයා කියන භූමිකාවට ගිහිල්ලා.

අපි දන්නවා ලංකාවේ ගුරුවරු විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගියා. මහාචාර්යවරු ඡන්දේ ඉල්ලුවා. වැඩේ පස්සේ අනාගත්ත එක වෙනම කතාවක්. හැබැයි පාර්ලිමේන්තු ගියා. ඉතින් ඒ නිසා මේ වතාවෙත් එහෙම කරන්න අයිතිය තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. අන්න ඒ ප්‍රශ්න පත්‍රය හදපු මහත්තයට හරි නෝනට හරි හොයලා අඩුම තරමේ ප්‍රාදේශීය සභාවටවත් නොමිනේෂන් අරන් දුන්නා නම් ගුරු රස්සාවට බායි කියලා තමන්ට ආසා දේ කරගෙන යන්න පුළුවන්. තාත්තලගේ අම්මලගේ කීමට ආසා නැති දේවල් කරන්න ආපු, දේශපාලනය ඇඟේ තියෙන, දේශපාලනයට ආදරේ කරන, දේශපාලකයෙක් කියලා හිතාගෙන ඉන්න, දේශපාලකයෙක් වෙන්න හීන මවපු කෙනෙක්ව ගුරුවරයෙක් බවට පත්කිරීමේ විපාකයයි මේ විදියට විඳින්නේ කියලයි අපිට මේක දැක්කට පස්සේ හිතුණේ.

කොහොම වුණත් කමක් නෑ මේ ප්‍රශ්න පත්‍රය කියන එක විහිළුවක් නෙවෙයි. දැන් මේකට එක එක කතන්දර කියමින් බොහෝ අය මේකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. හැබැයි මේකෙන් නිදහස් වෙන්න කිසි කෙනකුට අයිතියක් නෑ. පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සියලු දෙනාටම මේකේ වගකීම දරන්න සිදුවෙනවා. රටක දේශපාලනයයි පාසල් අධ්‍යාපනයයි පටලවා ගැනීම තරම් ගොංකමක්, බූරුකමක් වෙන නෑ. ඒ නිසා මේ වගේ දේවල් පටලවා ගත්ත අයට කොලේ වහන්න, බොරු කියන්න, තව කාටහරි බෝලේ පාස්කරන්න ඉඩ නොදී නිසි ආකාරයෙන් දඬුවම් කරන්න ඕනේ. දඬුවම් කරන්න තේරෙන්නේ නැත්නම් අපි කියලා දෙන්නම් දඬුවම් කරන පිළිවෙළ සහ ක්‍රමය. මුලින්ම හොයාගන්න ඕනේ ප්‍රශ්න පත්‍රය හදපු කෙනාව. ප්‍රශ්න පත්‍රය හදපු කෙනා හොයාගන්න එක අමාරු නිසා මුලින්ම විදුහල්පතිවරයාව අල්ලගන්න ඕනේ. විදුහල්පතිවරයාව අල්ලාගෙන 13 වසර හෝ 12 වසර උසස් පෙළ භාර කෙනාව හොයාගන්න. එහෙම හොයාගෙන මේ ප්‍රශ්න පත්‍රය හැදීම සම්බන්ධයෙන් වගකිව යුත්තා කවුද කියන එක හොයාගන්න. ඒ ඒ ප්‍රශ්න පත්‍රයට ඒ ඒ වගකිවයුත්තෙක් ඉන්නවා. ඉස්කේලේ උසස් පෙළ සන්නිවේදය සහ මාධ්‍ය අධ්‍යයන ප්‍රශ්න පත්‍රය හැදුවේ කවුද? ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය හැදුවේ කවුද? පොදු පරීක්ෂණය කියලා විෂයක් ඉස්කෝලේ උගන්වන්නේ නැති නිසා පොදු පරීක්ෂණය කියන විෂය සම්බන්ධයෙන් ප්‍රශ්න පත්‍ර හදන්න වෙන කෙනකුටනේ පවරන්නේ. ඊට පස්සේ හොයාගන්න කවුද ප්‍රශ්න පත්‍රය හැදුවේ කියලා. ප්‍රශ්න පත්‍රය හදපු කෙනාට ප්‍රශ්න පත්‍රය හදන්න භාරදුන්නේ කවුද?
ප්‍රශ්න පත්‍රය හැදුවට පස්සේ අදාළ අධීක්ෂණ කටයුත්ත කළේ කවුද? ප්‍රශ්න පත්‍රයක් නිකන්ම නිකන් ළමයින්ට බෙදන්න කලින් ඒ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ මොනවද කියන එක හරි බලන එක පාසලක තියෙන වගකීමක්. ගුරුවරයෙක්ට අදාළ විෂය සම්බන්ධයෙන් දැනුම තියෙන නිසා, එම දැනුම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න අයිතියක් නැති නිසා විදුහල්පතිවරයා හෝ යම් කිසිවෙක්ට ඒ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව ඇත්ත. නමුත් මේ වගේ අවස්ථාවකදී ප්‍රශ්න පත්‍රයක් ගැන විශේෂයෙන් හොයලා බලන්න විදුහලකට සිදුවෙනවා. ඇත්තටම විදුහල්පතිවරයාගේ නිල වශයෙන් වගකීමක් විදියට මේ ප්‍රශ්න පත්‍ර බැලිල්ල පාසල්වල සිදුනොවන බව ඇත්ත. හැබැයි මේ වගේ අවස්ථාවකදී මේ වගකීමෙන් මිදෙන්න විදුහල්පතිවරයාට බැහැ. මොකද ඒකට හේතුව විදුහලේ ළමයි 5000ක් ඉන්නවා නම් 5000ම අදාළ දේශපාලන කණ්ඩායමත් එක්ක ගනුදෙනු කරන අය නෙවෙයි. ඒ 5000න් වැඩි ප්‍රමාණයකට තමන්ගේ දේශපාලනය කරන්න ඕනේ තරම් අයිතිය තියෙනවා. දේශපාලන කියලා කියන්නේ පුද්ගල අයිතියක්. උප්පැන්න සහතිකයේ දේශපාලන පක්ෂය සඳහන් කරලා නැත්තේ ඒ නිසයි. ඒ නිසා මතක තියාගන්න දේශපාලනය පේපර්වලට සම්බන්ධ කරගත්ත පේපර්වලට ගාවාගත්ත, ප්‍රශ්න පත්‍රයට දේශපාලනයේ ප්‍රශ්න හදපු ඒ මහත්තයට හෝ නෝනාට අපි යෝජනා කරනවා තවදුරටත් බත් කනවා වෙනුවට අපි ඉස්සෙල්ලා කිව්වා වගේ තණකොළ සහ පුන්නක්කු ඔබේ ආහාරයට එකතු කරගන්න. එය ඔබේ ආහාර වේල ඉතා රසවත් කරාවි. ඔබට ගැළපෙන ආහාරයක් බවට පත්කරාවි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දකුණේ පාතාලයෝ ආයෙත් ඇවිළෙති! මහ මග ගිනි අවි පත්තුවෙයි! Sri Lanka Latest News

Next Post

ලංකාවේ ඛනිජ සම්පත් හොයන වැඩේ ඔස්ටේ්‍රලියානු සමාගමකට දෙන්නයි යන්නේ! ඩොලර් මිලියන 20ක් ගියේ කාගෙ සාක්කුවෙන්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.