විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු විසින් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන දෙකක් පරිත්‍යාග කර තිබේ.
මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ කිං කුසල ගවේශී සංගමයේ නිර්මාතෘ සහ එහි සභාපති විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් සේනානායක මහතාය.
අද (24) ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඒ මහතා මෙලෙස එම මුදල ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදී තිබේ.
ඒ මහතා සිය ලේඛන කටයුතු වලින් සහ දේශන පවත්වා ලබන ආදායමෙන් මෙම මුදල පරිත්‍යාග කරඇත.
ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ උතුරු නැගෙනහිර පළාතේ පැවති යුද්ධයේදී පාද අහිමි වූ කාන්තාවන්ට කෘතීම පාද ලබාදීම සඳහා එම මුදල් වෙන් කරන බවය.
ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් (මූල්‍ය) ඩ්බ්.ඒ සරත් කුමාර, කිංකුසල ගවේශී සංගමයේ ලේකම් ඒ.බී වික්‍රමසිංහ, කිංකුසල ගවේශී සංගමයේ හිටපු තරුණ කටයුතු ලේකම් නීතිඥ පියතිලක මුතුගම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.








