විදේශ ණය ප්‍රතිව්‍යුගතකිරීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුගතකිරීම වඩාත් භායනක මෙන්ම මෙරට වැඩකරන ජනතාවට ඒ හරහා විශාල අවධානමකට මුහුණ දීමට සිදුවන බවත් වැඩකරන ජනතාවගේ ඉතිරි කළ මුදල් ඇති අර්ථ සාධක අරමුදල, භාරඅරමුදල යන ඒවාගේ මුදල් තුණෙන් එකක් අඩු වී ඇති බවත් ජී. එල්. පීරිස් මහතා කීය.
මෙම තත්වය හමුවේ රාජ්‍ය බැංකු කීපයක් ඇතුළුව බැංකු පද්ධතිය දැඩි අවධානමකට ලක්වන බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කොළඹ පිහිටි ‘නිදහස ජනතා සභාව’ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.










