හන්තානේ අක්කර 25ක ඉඩමක් පර්චසය රුපියල් තිස් තුනක මුදලකට හෝම්ලෑන්ඩ්ස් පෞද්ගලික සමාගමට ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ඉඩමෙි වානිජ වටිනාකම රුපියල් මිලියන 1760 ක් බවද මන්ත්‍රීවරයා කීය.
මෙම ඉඩම ලබා දීමට අදාල ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2020 වසරේ ජූලි මාසයේදී බව කී මරික්කාර් මහතා ඊට අදාල සියලු ලිපි ලේඛන තමා සතුව තිබෙන බවද මෙි පිටිපස්සේ ඉන්නේ කවුදැයි හොයා බලන්නැයි ඉල්ලා සිටින බවද කීය.
දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමෙන් හන්තානේ තවත් අක්කර දහයක් බෙදාදෙන්නට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කටාන ඉඹුල් වාඩිය ප්‍රදේශයේ අක්කර 25ක් ද බෙදන්න පටන් ගෙන තිබෙන බවද ඇමතිලා දෙතුන් දෙනෙකුටත් මෙම ඉඩමෙන් අක්කර දෙක තුන දීලා යැයි ආරංචි බව එස්.එම් මරික්කාර් මහතා කීය.
Hantane Katana S M Marikkar










