• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෙළුම් කුලුන දුන්න කිවුවා, කැසිනෝවක් ආවා කිවුවා, ඩොලර් බිලියන ගානක් දෙනවා කිවුවා, කිවුවා… කිවුවා… කිවුවා… අපේ එවුනුත් ඇන්ද I Sri Lanka Latest News

June 8, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආවයි කියන සිංගප්පූරුකාරයො ටික පැදුරටත් නොකියම ගියා කියහන්කෝ…

කලකට පෙර ලංකාවේ තිබූ උසම ගොඩනැගිල්ල වූයේ සෙලින්කෝ ගොඩනැගිල්ලය. එහි උඩම තට්ටුවේ ආපන ශාලාවක් තිබූ අතර එය හැඳින් වූයේ ‘ආකාස කඩේ’ නමිනි. එහෙත් ආකාස කඩේ පිහිටි සෙලින්කෝ ගොඩනැගිල්ල ලංකා බැංකු කුලුන, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වැනි නූතන ඉදිකිරීම් හමුවේ කුරුමිට්ටෙක් බවට පත්ව අපෙ මතකයේ සැඟව යමින් පවතී.(Sri Lanka Latest News)

විශේෂයෙන්ම ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිව ඇති දකුණු ආසියාවේ උසම කුලුනු අතර වන නෙළුම් කුලුන හමුවේ අද වන විට සෙලින්කෝ බිල්ඩිම ගැන කතා කරන්නට පවා කෙනෙක් නොමැති බවට පත්ව ඇත.

රාජපක්ෂ පාලනය යටතේ ලංකාවේ කළ මහා පරිමාණ ඉදිකිරීම් බොහෝය. ඒවායෙන් බහුතරයක් අදටත් කිසිදු ආර්ථික පල ප්‍රයෝජනයකින් තොරව ආර්ථිකයට ඩොලර්වලින් ගෙවන ණය කන්දක්ද, මහපොළොවට දැවැන්ත කොන්ක්‍රීට් ස්කන්ධයක්ද පමණක් උරුම කර දෙමින් ඔහේ පවතිනු දැකගත හැකිය. සූරියවැව ක්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය මෙන්ම මේ කියන නෙළුම් කුලුනද අයත් වන්නේ එකී අසාර්ථක ඉදිකිරීම් සමූහයටය.

එහෙත් මේ ආකාරයේ උස කුලුනු ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. ලෝකයේ තවත් බොහෝ රටවල මෙවැනි කුලුනු ඉදිව ඇත්තේය. ඩුබායිහි බර්ජ් කලීෆා, ක්වාලාලම්පූර්හි මෙර්ඩෙකා කුලුන ඊට නිදසුන්ය. මේ සෑම කුලුනක්ම ඉතා ප්‍රවේශමෙන් සොයාබලා ඉතා නිවැරදිම වේලාවේ ඉදිකරන ලද ඒවාය. එහෙයින් ඒ කිසිම කුලුනක් පාළුවට ගොස් ඇති බවක් අදටත් දැකගත නොහැක.

එවායේ වැඩ නිමා වන්නටත් පෙරම එම ගොඩනැගිලිවල ව්‍යාපාරික ස්ථාන අලෙවී වී අවසානව තිබිණි. නැතහොත් එවැනි ගොඩනැගිලිවල වැඩ නිම වූයේ ඒවායේ ආයෝජනය කරන්නට ආ ව්‍යාපාරිකයන්ගේ මුදල්වලිනි. එහෙත් ලංකාවේ ඉදිව ඇති නෙළුම් කුලුන ඊට ඉඳුරාම වෙනස්ය. එය ඉදිවූයේ මහජන චීනයෙන් ගිනි පොලියට ලබාගත් ණය මුදලක් යොදවමිනි. වැඩ නිමවී වසර කිහිපයක් ගත වුවද අදටත් එහි ආයෝජනය කරන්නට කිසිවෙක් ඉදිරිපත්ව නැත. එහෙ‍යින් අදටත් නෙළුම් කුලුන ඔහේ ති‍යෙන්නන් වාලේ තිබෙනු දැකගත හැක්කේය.

දැන් මේ නෙළුම් කුලුන පත්වන සෑම ආණ්ඩුවකටම මහා බරකි. කුලුන නිකම් තිබුණාට ඊට ලබාගත් ණය මුදල ගෙවිය යුතුය. එහෙත් පවතින අර්බුදය හමුවේ නිකම් තිබෙන කුලුනකට ඩොලර් මිලියන ගණනින් ණය ගෙවීම අපරාධයකි. එහෙයින් කීයක් හෝ හොයාගනු රිසින් දැන් මේ නෙළුම් කුලුන මිනිස්සුන්ට මුදලට ප්‍රදර්ශනය කරන්නට පටන්ගෙන තිබේ.

ගිනි අව්වේ පෝලිමේ සිට ටිකට් අරන් කුලුන බලන ජනතාව කරන්නේ රාජපක්ෂවරුන්ගේ ණය කන්දට ඇබිත්තං මුක්කුවක් ගැසීම පමණි. ඒ හැර නෙළුම් කුලුන දෙස් විදෙස් සංචාරකයන්ට පෙන්වා එහි ණය ගෙවන්නට නොහැක. නෙළුම් මාවතේ පිහිටි නෙළුම් පොහොට්ටුව පක්ෂයේ ඇත්තෝ නෙළුම් පොහොට්ටුවක හැඩයට ඉදිකළ කොළඹ නෙළුම් කුලුනට ආයෝජකයෙක් හොයාගත නොහැකිව රාජපක්ෂලාගේ ආණ්ඩුවට පමණක් නොව, රාජපක්ෂ හරණයෙන් පසු බිහිවූ වික්‍රමසිංහ ආණ්ඩුවටද ළතැවෙන්නට සිදුව ඇත්තේය.

එහෙත් මීට හත්අට මාසයකට පෙර නෙළුම් පොහොට්ටුව දෙසින් ඇසුණේ යම් තරමකට සතුටු විය හැකි ආකාරයේ පුවතකි. ඒ පාළුවට යමින් තිබූ නෙළුම් පොකුණේ කැසිනෝ හලක් දාන්නට සහ ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කරන්නට සමාගමක් ඉදිරිපත් වූ බවය. ජෝසිම්ගෙන් පටන් ගන්නා ලංකාවේ කැසිනෝ ඉතිහාසය ආරම්භයෙ සිටම ප්‍රශ්නකාරීය.

ඊට බොහෝ පාර්ශ්ව විරුද්ධ වනුයේ කලක සිටය. එහෙත් සෑම අණ්ඩුවක්ම පාහේ හැකි සෑම විටම බද්ද ඉහළ දමමින් කැසිනෝ පවත්වාගෙන යාමට උත්සාහ ගත්තේය. එහෙත් මේ කැසිනෝ ව්‍යාපාරය නෙළුම් කුලුනේ සිය ව්‍යාපාර කටයුතු අරඹන බවට ලද පුවත රට වැසියන් හට ගෙනාවේ යම් තරමක සැනසිල්ලකි.

මෙම ආයෝජනය සිදුකිරීමට එකඟව සිටියේ සිංගප්පූරුවේ Kreate Design (Pvt) Limited නම් ගෝලීය ආයෝජන සමාගමයි. එම සමාගම මෙරටට රැගෙන ඒමේ ගෞරවය හිමිවූයේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේටය.

අමාත්‍ය ධුරය බාරගත් දිනයේ සිට කංසා වගාව, නොනිදන නගර සෑදීම, ගණිකා වෘත්තිය නීතිගත කිරීම වැනි ආන්දෝලනාත්මක යෝජනා ගෙන එමින් අමුතුම ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් සිටින ඇය, මෙම සිංගප්පූරු ආයෝජකයා ඉදිරි වසර තුන ඇතුළත කොළඹ නෙළුම් කුලුනේ බහුවිධ ආයෝජන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් පොම්ප කරනු ඇති බව පැවැසුවාය. ගනුදෙනුවට අදාළව අවබෝධතා ගිවිසුමක්ද අස්සන් කරන්නට යෙදණි. එම ගිවිසුමට අනුව ආයෝජනයේ පළමු ඩොලර් මිලියන 100 ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ලැබීමට නියමිත බවද එම අවස්ථාවේ කියැවිණි.

නව ආයෝජකයා ඉදිරි මාස හය ඇතුළත කොළඹ නෙළුම් කුලුන සංකීර්ණයේ සංවර්ධනය කිරීමට නියමිත බවත්, අංගසම්පූර්ණ කැසිනෝ ශාලාවක් සහ ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද උද්‍යානයක් ඇති කිරීමට අදහස් කරන බවත් පැවසුණි. ගිවිසුම අස්සන් කිරීමේ සමාරම්භක අවස්ථාවට සිංගප්පූරුවේ Kreate Design (Pvt) Limited ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ, සින්ටියා චෑන්ද එක්විය.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්‍රියාකාරකම් දියුණු කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ නෙළුම් කුලුන පරිවර්තනය කිරීමට ඔවුන් උනන්දු වන බව ඇය මෙරට ඉංග්‍රීසි පුවත්පතක ව්‍යාපාරික අතිරේකයක් වෙත පැවැසුවාය.

‘අපි ඩී.ආර්. විජේවර්ධන මාවතේ සහ ඒ අවට ප්‍රදේශවල විශේෂයෙන් ජලය ආශ්‍රිත ක්‍රීඩා ක්‍රියාකාරකම් දියුණු කිරීම සඳහා තවදුරටත් ආයෝජන සැලසුම් කරනවා. ඉදිරි වසර දෙක තුළ ප්‍රධාන වශයෙන් චීනයෙන් සහ සිංගප්පූරුව, මැලේසියාව වැනි කලාපීය රටවල සංචාරකයන් මිලියනයක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා….’ සින්ටියා චෑන්ද එම පුවත්පතට පැවසූවාය.

නව ආයෝජකයා පිළිබඳ අදහස් දක්වමින් නෙළුම් කුලුන සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවැසූයේ මෙම ව්‍යාපෘතිය සහ තවත් ආයෝජන කිහිපයක් සඳහා සිංගප්පූරු සමාගම කුලුනෙන් වර්ග අඩි 50,000කට ආසන්න ප්‍රමාණයක් ද පවරාගෙන ඇති බවය. ‘ඔවුන් දැනටමත් අපට ඩොලර් මිලියන 56ක් ගෙවලා තියෙනවා. එය තමා කොළඹ නෙළුම් කුලුනේ පළමු ඩොලර් ඉපැයීම.’ මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසූයේය.

මෙම වැඩසටහනේ ප්‍රධාන සාකච්ඡාකරුවා වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවැසුවේ පසුගිය වසර කිහිපය තුළ සංචාරක ක්ෂේත්‍රය සඳහා සිදුකිරීමට ප්‍රතිඥා දී ඇති විශාලතම තනි ආයෝජනය මෙය බවයි. ‘මෙය රාත්‍රී ආර්ථිකය දියුණු කිරීමට ද උපකාරී වනු ඇත.’ ඇය වැඩි දුරටත් පැවැසුවාය.

මේ ආකාරයේ ප්‍රකාශ හුදු දේශපාලන ප්‍රකාශ බව තහවුරු කරමින් පසුගිය සතියේ අපූරු දෙයක් සිදුවිය. ඒ මෙතරම් බරපතළ ප්‍රකාශ සිදුකරමින් නෙළුම් කුලුනේ ප්‍රථම සම්පත් දායකයා වූ සිංගප්පූරුවේ Kreate Design (Pvt) Limited ආයතනය ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම අතහැර දැමූ බව ප්‍රකාශ කිරීමය. ඒ අනුව දහසක් බලාපොරොත්තු ඇතිකරමින්, කෝටියක් සුබ සිහින පෙන්වූ සිංගප්පූරු ව්‍යාපාරය ශ්‍රී ලංකාව එක් ක්ෂණික තීරණයක් මගින් අතහැර දමා ඇත්තේය.

මෙතරම් විශාල ගනුදෙනුවක් මෙතරම් ක්ෂණිකව අතහැරීම නිසා සිංගප්පූරු සමාගම සහ නෙළුම් කුලුන අතර ඇතිකරගත් බව කියන ගිවිසුම පිළිබඳ පවා මෙරට ජනයා සැක කරති. සැබැවින්ම සිංගප්පූරු සමාගම යළි ශ්‍රී ලංකාවට එන්නෙ නැතිනම් ඔවුන් මුල් අදියරේ කටයුතු අරඹමින් ලබාදුන් බව කී ඩොලර් මිලියන 56ට සිදුවන්නේ කුමක්දැයි යන සැකය අපට ඇතිවන්නේ නිතැතිනි.

සැබැවින්ම එවැනි ගනුදෙනුවක් සිදු වූයේද? නොඑසේ නම් එයද කාගේ හෝ ප්‍රකාශයක් පමණක් වීද? මේවා අද බොහෝ දෙනාට විසඳා ගැනීමට ඇති ගැටලුය. එමෙන්ම සිංගප්පූරු සමාගම මෙරට ගනුදෙනුව හිටි හැටියේ අතහැර දැමීමට හේතුව කවරේද? ඩොලර් බිලියනයක් වියදම් කිරීමට මෙරට ආර්ථිකය ප්‍රසාරණය වී නැති බව ඔවුන් උපකල්පනය කළේද? කැසිනෝ වැනි සූදු ව්‍යාපාරයක් කලක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ අනාගතයේ සිදුවිය හැකි දේශපාලන වෙනස්කම් මගින් යම් බලපෑමක් වෙතැයි ඔවුන් සිතුවේද?

එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අකාර්යක්ෂම නිලධාරීවාදය මගින් සිදුකරන ප්‍රමාද කිරීම් නිසා සිංගප්පූරු ආයෝජකයාට යම් කලකිරීමක් ඇතිවීද? නොඑසේ නම් කටුනායක ගුවන් තොටුපොළ ඉදිකරන්නට ආ ජපාන සමාගමෙන් ඇමැතිව‍රයෙක් ඉල්ලුවා සේ කවුරුන් හෝ සිංගප්පූරු සමාගමෙන් පගාවක් ඉල්ලුවේද? මේ කරුණු පිළිබඳ සොයාබලා කටයුතු කිරීම මගින් අනාගතයට ආයෝජකයන් සොයාගැනීම මෙන්ම දැනට ජනතා සිත්සතන් තුළ ඇතිවෙමින් තිබෙන සැකසංකා දුරු කිරීමටද හැකිවනු ඇත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

SEX තරගාවලිය අමූලික බොරුවක්! එහෙම එකක් නෑ! ස්වීඩනය නිවේදනය කරයි! I Sri Lanka Latest News

Next Post

මිලියන 1760ක හන්තානේ අක්කර 25ක ඉඩමක් පර්චසය රුපියල් 33 ගාණේ සුප්‍රකට හෝම්ලෑන්ඩ්ස් සමාගමට දීලා! දේශපාලඥයෙක් තවත් අක්කර 10ක් බෙදාදෙන්න ලෑස්තියි! දැනටමත් ඇමැතිලා දෙතුන්දෙනෙක් කටානේ අක්කර 25ක් බෙදන්න පටන් අරන්! ලිපිලේඛනත් එක්කම මරික්කාර් මහා හෙළිදරව්වක! ඡන්ද කල් දාලා ඔන්න ආණ්ඩුව කරන දේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.