මේ අවුරුද්‍දේ ජනවාරි 01 වෙනිදා සිට මැයි 24 දා දක්වා රටපුරා සිදුවූ රිය අනතුරුවලින් 1082 දෙදෙෙනක් මියගොස් තිබෙනවා.Sri Lanka Latest News
මාර්ග ආරක්ෂාව සහ රථවාහන පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ මෙම මරණ සිදුව ඇත්තේ රිය අනතුරු 1031කදී බවයි.
මෙම මරණ ගණන පසුගිය වසරේ මෙම කාලය තුළ සිදුවූ රිය අනතුරු මරණ හා සාපේක්ෂව සැසඳීමේදී මරණ 41ක වැඩිවීමකි.
මේ අවුරුද්දේ සිදුවෙච්ච මාරක රිය අනතුරු අතරින් මියගොස් සිටින වැඩි දෙනෙක් යතුරුපැදිකරුවන්. ඒ ගණන 375ක්. ඊට පසු වැඩියෙන්ම මියගිහින් තියෙන්නේ මහ පාරේ ගමන්කරන අය. ඒ ගණන 358ක් වෙනවා.
වාහන වල ගමන් ගන්නා මගීන් 100 දෙනෙක්ද, රියදුරන් 93 දෙෙනක්ද, පාපැදිකරුන් 79 දෙනෙක්ද, පසුපැදිකරුවන් 74 දෙනෙක්ද මේ කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් මියගොස් තිබෙනවා.
2021 අවුරුද්දේ ඉදන් පසුගිය අවුරුදු 05 තුළ සිදුවූ රිය අනතුරු හා සැසදීමේදී නම් 2025 අවුරුද්දේ තමයි වැඩිම රිය අනතුරු ගණනක් සිදුවෙලා තියෙන්නේ. මේ අවුරුදු 05 තුළ මාරක අනතුරු වගේම වැඩිම පිරිසක් රිය අනතුරු වලින් මිය ගිහින් තියෙන්නෙත් 2025 අවුරුද්දේ.
2021 අවුරුද්දේ මාරක රිය අනතුරු 2452ක්ද, 2022 අවුරුද්දේ 2420ක්ද, 2023 අවුරුද්දේ 2231ක්ද, 2024 අවුරුද්දේ 2403ක්ද, 2025 අවුරුද්දේ 2549ක්ද සිදුව ඇත. මෙම අනතුරුවලින් පිළිවෙලින් මරණ සිදුව ඇත්තේ 2557,2540,2341,2521ක් සහ 2721ක් වශයෙනි.










