සිංහරාජය ආශ්‍රිතව සිදුවන වන විනාශය හේතුවෙන් දැඩි පාරසරික බලපැමක් ඇති බවත් ඒ හරහා මෙරට ජෛව විවිධත්වයටද දැඩි බලපැම් එල්ල වී ඇති බව සිරස ලක්ෂපති වැඩසටහනට එක්වූ භාග්‍යා අබේරත්න පවසයි.
පරිසර විනාශයක් හරහා සිදුවන සංවර්ධනය අර්ථ විරහිත බව ඇය පෙන්වා දෙයි.
“මං ජීවත්වෙන්නේ සිංහරාජෙ මායිමේ. උදේ හවස යද්දි ඇස් පනා පිටම කැලේ එළි වෙනවා බලන් ඉන්න මට වෙලා තියෙනවා. මම විතරක් නෙවෙයි මේ වෙනුවෙන් හඬ නගන්නේ. විශාල පිරිසක් හඬ නගනවා.
දැන් අලි දෙන්නයි ඉතුරුවෙලා ඉන්නේ. එයාලත් තව මහා ලොකු කාලයක් ජීවත් වෙයි කියලා මම හිතන්නේ නෑ.අපි ජීවත්වෙන වපසරිය වගේම සත්තුන්ටත් ඒ අයිතිය තියෙනවනේ. අපි ඒ අයිතිය දෙන්න ඕනෙ.
1997 දීලා තියෙනවනේ අපිට කතා කරන්න මේ වගේ වන සංහාරයක් වෙද්දි. මං හිතන්නේ අපි මෙච්චර කියද්දි අදාල බලධාරීන් මේ ගැන ඇවිල්ලා මේ ගැන විමර්ශනය කරන්නේ නැත්තේ එයාලට ඒ තරම් වැඩ ඇති. සිංහරාජෙ විතරක් නෙවෙයි මේක වෙන්නේ. මම කතා කරන්නේ ගස් කොළ ගැණ විතරක් නෙවෙයි ඒ ජෛව පද්ධතිය වාසභූමිය කරගත්තු දැවැන්ත සත්ත්ව ප්‍රජාවක් ඉන්නවා. බස් එකේ යද්දි ඕන කෙනෙක්ට පේනවා. මං හිතන්නේ රටම දන්නවා ඒක ගැන.”
දැන එතන කැලේ කපලා හෝටලයක් හදන්න යනවා. ගියොත් හැමෝටම බලාගන්න පුළුවන්’යැයි වැඩිදුරටත් ඇය පැවසුවාය.