අලුක්කාල සහ සල්ලිය
රුපියල් අස්සෙ අලුක්කාල ගහනවයි කියල ප්‍රසිද්ධ කියමනට කිව්වාට රුපියල වැටෙන වේගෙට පරණ අලුක්කාල් වැටෙන්නෙ නැති බවයි පේන්න තියෙන්නෙ. කෙසේ නමුත් 1872 පමණ රුපියල් ශත ලංකාවේ පිළිගත් මුදල් ඒකක බවට පත්වී ඇත. එකල බි්‍රතාන්‍ය පාලන බලය මෙරට පැවැති හෙයින් මෙම කාසි බොහෝමයක ඔවුන්ගේ උඩුකය රූප දක්නට තිබේ. එකල රුපියල (ශත සීයකි). ඒ අනුව ශත කාලක වටිනාකම හඳුන්වා ඇත්තේ අලුක්කාල වශයෙනි. ශත භාගය සල්ලිය ලෙසින් ශත සහ ඝනකම් ශතය ලෙසත් ශතය කාසිය වර්ග කිහිපයකිනුත් තිබී ඇත.
වැටෙන්නෙ නැති තුට්ටුව
තුට්ටුව කියද්දි යම් නොවටින බවක් මනස තුළ ගොඩනැඟෙන විවිධ කතා සමාජය තුළ ප්‍රචලිතව ඇතත් තුට්ටුව කියන්නෙ බි්‍රතාන්‍ය පාලන සමයේ ලංකාවේ භාවිතා වූ මුදල් ඒකකයක්. එකල ඔවුන් මෙය හැඳින්වූයේ ස්ටිව(ර්)ස් යන නමින්. සිංහලයන් මෙය තුට්ටුව ලෙස උච්චාරණය කරමින් භාවිතයට හුරුවුණා. කතාවට තුට්ටු දෙකක් තරම් වටින්නෑ කියන කතාව අද වෙද්දි ඇත්ත වෙමින් තියෙනවා. මොකද රුපියල්වලින් තක්සේරු කරන්න බැරි වටිනාකමක් මේ වෙනකොට තුට්ටුවට ලැබෙමින් තියෙනවා.
නම තියපු පනම
පනම කියන්නෙ පුරාණ ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද පැරැණි මුදල් ඒකකයක්. මෙරට පාලනය නතු කරගෙන හිටපු බි්‍රතාන්‍ය පාලකයන් තම පාලන කාලයේ ලංකාවේ ගනුදෙනු සඳහා භාවිතා කළේ (Fanam) කියන මුදල් ඒකකය. එය ලංකාවේ අය අතර උච්චාරණයේදී පනම බවට පත්වූ බව තමයි කියැවෙන්නෙ. කෙසේ නමුත් පනම, පනම් දෙකහමාර, පනම් පහ ආදී කාසි එකල ලංකාවේ භාවිතා වෙලා තිබෙනවා.
පනමක වටිනාකම වෙන්නෙ ශත 6 1/4ක්. පනම් හතරක් ශත 25ක්. පනම් අටක් කියන්නෙ ශත 50ක් ලෙස තමයි වටිනාකම් බෙදිලා තියෙන්නෙ. ඊට අමතරව පනම් අටට සිලිමක් කියලත් හඳුන්වා තිබෙනවා.