පේරාදෙණිය ගොඩකන්දෙනීයේ පිහිටි කුසුම භාරතී චේතියාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබුණු චූඩා මාණික්‍ය කිසියම් අයෙක් විසින් සොරාගෙන ගොස් ඇති බවට ඊයේ පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
විහාරාධිපති අඹලියද්දේ සංඝරථන හිමියන් විසින් මේ ගැන පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි දැක්වෙන්නේ චූඩා මාණික්‍යට අමතරව විහාරස්ථානය තුළ තිබුණු විදුලි කේතලයක්ද සොරාගෙන ගොස් ඇති බවය.
මෙම සොරකම සිදුව ඇත්තේ රාත්‍රීකාලයේදීය. පොලීසිය සැකකරනුයේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින්නෙක් හෝ කිහිප දෙනෙක් මෙම සොරකම සිදුකර ඇති බවය.










