ආණ්ඩුව තිත්ත වී ඇති ජනතාව විකල්පයක් ප්‍රාර්ථනා කරමින් සිටින බවත් ඒ විකල්පය වන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඊයේ (04) මුතූර්හි පැවති ජනතා හමුවකදී විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.
තට්ටුමාරු හට හෝ කයිවාරු කාරයින්ට මේ රට වෙනස් කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, විපක්ෂයේ සිටියදී පවා ජනතා සේවය කරන වෙනත් දේශපාලන පක්ෂයක් හෝ බලවේගයක් නැතැයිද පැවසීය.දේශපාලනය වෙනුවට දේශ සේවය තෝරාගත් එකම දේශපාලන ව්‍යාපාරය සමග ජන බලවේගය බව පැවසූ විපක්ෂ නායකතුමා, රටෙහි එකම විකල්පය සමගි ජන බලවේගය බව පැවසීය.
රටට අවාසිය වෙනුවට රටට වාසි අත්පත් කරදීම වෙනුවෙන් සිය න්‍යායපත්‍රය ක්‍රියාත්මක වන බව පැවසූ විපක්ෂ නායකතුමා, ජාත්‍යන්තර සබඳතා වලදීත් ප්‍රමුඛතාවය ගැනෙන්නේ රට බවද පැවසීය.
සක්වල වැඩසටහන, සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම පිණිස විපක්ෂ නායකතුමා මේ දිනවල උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංචාරයක යෙදෙන අතර ඒ අතරතුර පැවති පැවති රැළියකදී මේ බව පැවසීය.






















