16 වන හිටපු පාප් වහන්සේ වන බෙනඩික්ට් පාප් වහන්සේ වතිකානයේදී ස්වර්ගස්ථ වී තිබේ.
95 වැනි වියේ පසුවූ හිටපු පාප් වහන්සේ වතිකානයේ පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වී ඇති බව වාර්තා වෙයි.
හිටපු පාප් වහන්සේගේ දේහය එළඹෙන සඳුදා සිට මහජන ගෞරවය සඳහා වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කිරීමට නියමිතය.