කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු පසුගිය දා හිඟුරක්ගොඩ පොලීසියට පැමිණ පැමිණිල්ලක් ගොනු කර තිබීම හේතුවෙන් හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
ඔවුන් පොලිස් ස්ථානය ආසන්නයේම ඇති නිවස්නයක් තුළ මෙලෙස දින කිහිපයක සිට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලිස් ස්ථානයේ නිලධාරීන් 10 දෙනෙකු සහ නිලධාරිනියන් 3 දෙනෙකු මෙලෙස නිරෝධානයට ලක් කර ඇත.