• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම හොයන්න බැරි මහමොළකාරයා හොයනවා! පාස්කු ප්‍රහාරයට පස්සේ සජිත් ප්‍රේමදාස මාස දෙකෙන් මොනවද කළේ? කොච්චිකඩේ පල්ලියට වරායෙන් ඉඩමකුත් අරන් දුන්නා! හැම අඟහරුවාදාම බිෂොප් හවුස් එකේ සාකච්ඡාවට වාඩිවුණා! වහලේ දුර්ලභ වීදුරු වතිකානයෙන් ගෙන්නුවා! වින්දිතයන් සියලු දෙනාට ගෙවල් හදලා දුන්නා! දේවස්ථාන 3ම රජයේ අරමුදලින් හැදුවා! Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
හැමෝම හොයන්න බැරි මහමොළකාරයා හොයනවා! පාස්කු ප්‍රහාරයට පස්සේ සජිත් ප්‍රේමදාස මාස දෙකෙන් මොනවද කළේ? කොච්චිකඩේ පල්ලියට වරායෙන් ඉඩමකුත් අරන් දුන්නා! හැම අඟහරුවාදාම බිෂොප් හවුස් එකේ සාකච්ඡාවට වාඩිවුණා! වහලේ දුර්ලභ වීදුරු වතිකානයෙන් ගෙන්නුවා! වින්දිතයන් සියලු දෙනාට ගෙවල් හදලා දුන්නා! දේවස්ථාන 3ම රජයේ අරමුදලින් හැදුවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සිදුවී වසර හයක් ගතවී ඇත. පාලකයන් හැම එකිනෙකාට චෝදනා කරමින් මෙම ඛේදවාචකයට මුල්වූවෝ, දායක වූවෝ සොයමින් සිටී.
එනමුදු එහි වින්දිතයන්ට තවම සිය මතකයේ ඇත්තේ තමන් මුහුණ දුන් එම කුරිරු ප්‍රහාරය සහ එකී සිදුවීමෙන් අනතුරුව මාස කීපයක් තුළදී තම ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා සිදුවූ මෙහෙවර සහ තමන් වන්දනාමාන කළ දේවස්ථාන සියල්ල කෙටි කලකින් එවක තිබූ තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකින් පිළිසකර වීම පිළිබඳවයි.
එදා අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවී දිනක් ගතවීමෙන් පසු එහි පැවැති අනාරක්ෂිතභාවයේ අභියෝග මධ්‍යයේ නිවාස ඉදිකිරීම් හා සංකෘතික අමාත්‍යවරයා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ සිදුව ඇති විනාශය දැකබලා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි අතර, එම අවස්ථාවට පල්ලියේ පූජකතුමන්ලා සමගින් සිය අමාත්‍යාංශයේ නිලධාරී කිහිප පොළක්ද එක්විය. Sri Lanka Latest News

සිදුවූ විනාශය දැකබලා ගනිමින් එය නැවත කඩිනමින් පිළිසකර කිරීමේ අභියෝගය ස්වේච්ඡාවෙන් භාරගත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, ඉන් කෙටි වේලාවකට පසු සිය නිලධාරයන් සමගින් කතිකා කළේ මෙම කුරිරු ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර සහ මඩකළපුව සියොන් දෙව්මැඳුර පිළිසකර කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවයි.

එයට සමගාමීව එදින දේව මෙහෙය සඳහා සහභාගි වූ පිරිස් වෙත සිදුවූ විපත වෙතින් ඔවුන් ගොඩනැගීම සඳහා කළයුතු සමාජ මෙහෙවර පිළිබඳවද සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ අවධානය යොමුවිය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව කොළඹ බිෂොප් නිවසට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා එතැන් සිට මාස පහක පමණ කාලයක් සෑම සතියකම අඟහරුවාදා දින පස්වරුවේදී කොළඹ බිෂොප් නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රධානත්වයෙන් හා සෙසු මුල්පෙළේ දේවගැතිවරුන් සමගින් නොවරදවා රැස්විය.
මෙම සාකච්ඡාවන් සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජනාවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යන ආයතන නිලධාරීන් සමගින් මෙම දේවස්ථාන පිළිසකර කිරීම සඳහා සක්‍රීයව දායක වූ නාවික හා යුද හමුදා නිලධාරීන්ද සහභාගි විය.
නොකඩවා පැවැති මෙම සාකච්ඡාවන්හිදී අවධානය යොමුකළ විශේෂ කරුණු වූයේ,

● විපතින් හානි වූ දේවස්ථාන ආගමික සම්ප්‍රදායන්ට මුල් තැනක් දෙමින් පිළිසකර කිරීම.
● විපතින් ජීවිත හානිවූ පවුල් සඳහා අනුග්‍රහ ලබාදීම.
● විපතින් ශාරීරික හා මානසික හානි සිදුවූවන් සුවපත් කිරීම සඳහා වැඩපිළිවෙළ සැකසීම.
● ඉහත හානි සඳහා මුහුණ දුන් සියලු අයවළුන්ගේ නිවාස පිළිසකර කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය සහ නිවෙස් ඉදිකිරීමේ තාක්ෂණ සහාය ලබාදීම.
● එමෙන්ම මෙම විපතින් හානිවූ දේවස්ථාන සියල්ල පිළිසකර කිරීමේ නියුතු, දේවස්ථාන ස්වේච්ඡා සේවකයන් සහ හමුදා සහ නාවික නිලධාරීන් සඳහා සිය නිවාස පිළිසකර කරගැනීම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය ලබාදීම.
● තවද දේවස්ථාන ආශ්‍රිත සියලු පිළිසකර කාර්යයන්, එහි පෞරාණික ලක්ෂණ සුරැකෙන අයුරින් ඒ පිළිබඳ විද්වත් දැනුමෙන් හෙබි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරී උපදෙස් හා අධීක්ෂණයෙන් සිදුකිරීම.
● එමෙන්ම පාස්කු ප්‍රහාරය හේතුවෙන් අසරණ වූ බොහෝ පිරිසකට අනාගත දිවිපැවැතුම සුරැකීම උදෙසා ස්වයං රැකියා අවස්ථාවන් ලබාදීම.
● වින්දිත පාර්ශ්වයේ දරුවන්ගේ අනාගත අධ්‍යාපන කාර්යයන් සඳහා විවිධ පාර්ශ්වවල දායකත්වයෙන් ශිෂ්‍යත්ව ලබාදීම.

විශේෂයෙන් විපතින් හානිවූ මෙම දේවස්ථාන සියල්ල නැවත පිළිසකර කිරීම හා එකී විපතින් වින්දිතයන් වූවන් සඳහා වෙන වෙනම පුනරුත්ථාපන වැඩසටහන් සැලසුම් ක්‍රියාත්මක වීම මෙකී වැඩසටහනේ පැවැති සුවිශේෂ ලක්ෂණයයි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර සඳහා මෙම විපතින් දැඩි හානි සිදුවූ අතර, එහි මියගිය අයගේ දේහයන් ඉවත් කර, එකී විපතින් හානි සිදුවූවන් සඳහා ප්‍රතිකාර කිරීම මූලික වශයෙන් සිදුවිය.

මෙකී කාර්යයෙන් අනතුරුව අගරදගුරුතුමන් ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් රැස්වූ කමිටුවේ මූලික අපේක්ෂාව වූයේ එයට මාස දෙකකට පසු එලඹි ශාන්ත අන්තෝනි දේවස්ථාන මංගල්‍යයට ප්‍රථම දේවස්ථාන පිළිසකර කාර්යයන් නිමකිරීමයි.

එය අතිශය අභියෝගාත්මක කටයුත්තක් විය. බෝම්බ ප්‍රහාරයෙන් වසර සිය ගණනක් පැරැණි ශාන්ත අන්තෝනි දේවස්ථානයට දැඩි හානි සිදුවූ අතර, එහි පෞරාණික අගය සුරැකෙන අයුරින් එය නැවත පිළිසකර කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා කාර්යමණ්ඩල මගපෙන්වීමෙන්, නාවික හා යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදුවිය.
මුල් දේවස්ථානයේ පැවැති සීමිත ඉඩ සහිත දාන ශාලාව සහ වාහන නැවතුම්පළ සඳහා වඩාත් ඉඩකඩ අවශ්‍ය බව දේවස්ථාන පූජකතුමන්ලා විසින් පෙන්නුම් කිරීමෙන් පසු, සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන්, එයට යාබද වරාය අධිකාරියේ ඉඩමක් වෙතින් ඒ සඳහා අවශ්‍ය භූමි පහසුකම් සපයා ගැනීමට හැකි විය.

එම දේවස්ථානයේ ඉහළ වහල පිළිසකර කිරීමේදී එහි කලින් පැවැති දුර්ලභ ගනයේ වෛවර්ණ වීදුරු බොහොමයක් වතිකානුවෙන් ගෙන්වීමට සිදුවිය. මේ සියලු ක්‍රියාදාමයන් දිවාරාත්‍රි සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙසින්, දින හැටක් වැනි කෙටි කාලයකදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථායේ පිළිසකර කාර්යයන් සිදුවිය. මෙවන් වූ කඩිනම් පිළිසකර කාර්යයක්, විනාශ වූ කටුවපිටිය දේවස්ථානය පිළිසකර කිරීම සඳහාද භාවිත කරන ලදී.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව, පාස්කු ඉරුදින දේව මෙහෙය සඳහා සහභාගි වූ වින්දිතයන් සඳහා නිවාස පහසුකම් සැපයීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබීය. කොච්චිකඩේ, කටුවපිටිය දේවස්ථාන බැතිමතුන් සඳහා නිවාස පහසුකම් සැපයීමට අමතරව, මඩකළපුව සියොන් දේවස්ථානය අසල නව නිවාස 25කින් සමන්විත ආදර්ශ ගම්මානයක් ඉදිකොට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙත ලබාදීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු යොදනු ලැබීය.
මෙයට අමතරව ඉමහත් කැපවීමෙන් මෙම දේවස්ථාන සියල්ලේ පිළිසකර කාර්යයන් කඩිනමින් නිමකළ නාවික හා යුද හමුදා නිලධාරීන්ට මෙන්ම එකී දේවස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහාද සිය නිවාස ඉදිකිරමි වෙනුවෙන් වශේෂ මූල්‍ය අනුග්‍රශ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

මෙම පාස්කු ප්‍රහාරය හේතුවෙන් මානසික ආතතිය හා විකලාංගභාවයට පත්වූවෝ බොහෝය. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදීමේදී නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ දායකත්වය වඩාත් වැදගත් විය.

මේ සියලු ක්‍රියාකාරකම්වල වැඩි වගකීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ඉංජිනේරු සංස්ථාව, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය සමගින් නාවික හා යුද හමුදා නිලධාරීන්ගේ දායකත්වයෙන් සිදුවිය.

මේ සියලු ක්‍රියාකාරකම් නිසි අයුරින් සැලසුම් වීම සහ ඒවා සියල්ල ඉලක්කගතව නිසි අයුරින් ඉටුවීම මෙකී සමස්ත කර්යයේ සාර්ථකත්වයට හේතුවයි.
දේවස්ථාන ඇසුර් මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශ ඇසුරේ ක්‍රියාත්මක වූ නිවාස සංවර්ධන ක්‍රියාකාරකම් නිසි අයුරින් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ඍජු අධීක්ෂණය නිරන්තරයෙන් සිදුවිය. මේ සියලු කාර්යයන්හි ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සිදුවූ විනාශය නැවත පිළිසකර වී එහි වින්දිත ජනතාවට කිසියම් වූ සහනයක් හිමිවූ අවස්ථාවක් විය.

සැබෑ ලෙසින්ම ඔවුන්ගේ කෘතවේදී මතකයේ එය සදාතනිකව සටහන් වනු නොඅනුමානය.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

ආණ්ඩුවට තරු පෙන්වන්න විපක්ෂය ලෑස්ති වෙයි! උපන්දින සාදයේදී ප්‍රබලයන් රැසක් එකඟතාවකට ඇවිත්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

සජිත් ඉල්ලුවා – අනුර කැඳෙව්වා! සර්වපාක්ෂික සමුළුව පාරාවළල්ලක් වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.