• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ආණ්ඩුවට තරු පෙන්වන්න විපක්ෂය ලෑස්ති වෙයි! උපන්දින සාදයේදී ප්‍රබලයන් රැසක් එකඟතාවකට ඇවිත්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

April 27, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානමක්!

අපිට හොයාගන්න බැරිවුණු මහමොළකරු!

ඒකාබද්ධ නිවේදනයට මොකද වුණේ?

‘විසාලා මහනුවරක්‘

දළදා වන්දනාවේ මෑත ඉතිහාසය දෙස බැලීමේදී හිටපු අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා දළදා මාලිගාවට රන් වියන පූජාකොට ඉන් අනතුරුව මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට පියවර ගත්තේය. ඒ, 1991 මාර්තු මාසයේදීය. ඉන් අනතුරුව මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූයේ 2009 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඒ, යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුවය. ඉන් වසර 16කට පසු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළ අතර, එම ඉල්ලීමට අනුව උන්වහන්සේලා දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට පියවර ගත්හ. නමුත් ඉකුත් අවස්ථාවන් දෙකටම වඩා මෙවර දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් දැඩි කතාබහක් රට තුළ මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.Sri Lanka Latest News

මෙහිදී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පළමුවෙන්ම විවේචනය ඉදිරිපත් වූයේ විපක්ෂය පැත්තෙනි. එම චෝදනාව වූයේ පළාත් පාලන මැතිවරණය කැඳවා තිබියදී ආණ්ඩුව අනිසි දේශපාලන වාසියක් ලබාගැනීම සඳහා දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කළා යැයි කියාය. ආණ්ඩුවට හිමිව ඇති ජනතා ප්‍රසාදය මේ වනවිට විශාල වශයෙන් පහත බසිමින් පවතින බවත්, එය ආවරණය කරගැනීම සඳහා මෙසේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කළ බවත් එම චෝදනාවලින් වැඩිදුරටත් කියැවිණි. විශේෂයෙන්ම කන්ද උඩරට මෙන්ම අනෙකුත් පළාත්වල බොහෝ තැන්වලින්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණු ඇමතුම්වලින් කියැවුණේ ගම්වල සිටින ජවිපෙ නියෝජිතයන් මෙය ඡන්ද ප්‍රචාරක කටයුත්තක් බවට පත්කර ගනිමින් දළදා දැක්ම සිදුකර ගැනීමට ගම්වල වන්දනා ගමන් සංවිධාන කරමින් සිටිනවා යැයි කියාය. නිවෙස්වල සිටින වැඩිහිටි කණ්ඩායම් ඊට එක්කර ගනිමින් සිටිනවා යැයි කියාය. මෙවැනි ජාතික තලයේ ආගමික සංකේතයක් දේශපාලනයට යොදාගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙසත් ඔවුන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මුල් අදියරේදී සජිත් ඊට වැඩිය කන් නොදුන්නත් රට වටෙන්ම දිගින් දිගටම ලැබූණු ඉල්ලීම් හේතුවෙන් අවසානයේ සජිත් තීන්දු කළේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමටය. ඒ අනුව ඉතා ප්‍රවේසමෙන් වචන භාවිත කළ සජිත්, දළදා ප්‍රදර්ශනය පෙරටුකොට ගෙන දේශපාලනය කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර සිටියේය. සජිත්ගේ මේ ප්‍රකාශයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලවල ආණ්ඩුව දන්ත ධාතුන්වහන්සේ පෙරට දමා දේශපාලනය කිරීමට උත්සාහ කරන බවටත්, එය කිසිසේත්ම පිළිගත නොහැකි සදාචාර විරෝධී කටයුත්තක් බවටත් කියමින් දැඩි විවේචනයට ලක්කරන ආකාරයක්ද දැකගත හැකි විය.

අනුර යයි සජිත් නොයයි

කෙසේ වෙතත් සැලසුම් කළ පරිදි දළදා ප්‍රදර්ශනය ආරම්භ වූ අතර, එහි ආරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්විය. එදිනම විපක්ෂ නායක සජිත්ද මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදක සාකච්ඡා කළ අතර, එහිදී මල්වතු අනුනාහිමියන් සජිත්ට ආරාධනාවක් කරමින් දැනුම් දී සිටියේ දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට එක්වන ලෙසය. නමුත් එම ආරාධනාව ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළ සජිත් කියා සිටියේ ලක්ෂ ගණනාවක ජනතාවක් දින ගණනක් තිස්සේ පෝලිම්වල දුක් විඳිද්දී තමන් පෝලිම පැන දළදා වන්දනා කිරීම සදාචාර විරෝධී කටයුත්තකැයි කියාය.

කෙසේ වෙතත් පසුගිය සතිය වනවිට දළදා ප්‍රදර්ශනය කිසිවකුත් නොසිතූ පැත්තකට තල්ලු වෙමින් පැවැති ආකාරයක් දැකගත හැකි විය. දළදා ප්‍රදර්ශනය ආරම්භයේදී කිසිදු වී.අයි.පී. සහ වී.වී.අයි.පී. පෝලිමක් නැති බව පොලිසිය ප්‍රකාශ කළද, ලක්ෂ ගණනක ජනතාවක් දින ගණනක් තිස්සේ පෝලිම්වල සිටියදී වෙනම වී.අයි.පී. පෝලිමක් මාලිගාව පසුපස දෙසින් තිබූ ආකාරයක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණි. ලක්ෂ ගණනක් එකවර මහනුවරට පැමිණ තිබීම හේතුවෙන් පොලිසියට පවා ජනතාව පාලනය කරගැනීමට නොහැකි තැනකට පත්ව තිබිණි. පෝලිමේ සිටි ජනතාවට ආහාර පාන ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් ලබාදීම උග්‍ර ගැටලුවක් බවට පත්ව තිබිණි. පෝලිම්වල තෙරපීම හේතුවෙන් හෘදයාබාධ වැලඳී සිවුදෙනකු මියගොස් තිබූ අතර, දිනකට 400ක පමණ ප්‍රමාණයක් රෝහල්ගත කරන තත්ත්වයක් මතුව තිබිණි. රැස්ව සිටි ජනතාව කුණු කසළ සහ අපද්‍රව්‍ය නගරය පුරා දැමීම හේතුවෙන් මහනුවර ‘විසාලා මහනුවරක්’ බවට පත්ව තිබූ ආකාරයක් දක්නට හැකි විය. අවසානයේ තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් බලධාරීන් පියවර ගෙන තිබුණේ බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන තෙදිනම අලුතෙන් බැතිමතුන් මහනුවරට පැමිණීම වැළැක්වීමටය. සියලු බස් මහනුවරට ඇතුළු වීම අත්හිටුවා තිබුණු අතර, කොළඹ සිට මහනුවරට යොදා තිබුණු විශේෂ දුම්රියද අත්හිටවිණි. බ්‍රහස්පතින්දා දිනයේදී මහනුවර නගරයේ කලබලයක් ඇතිකිරීමට කිසියම් කණ්ඩායමක් කැසකවන බවට වාර්තා වීමත් සමග එදින පෙරවරුවේම යුද හමුදාව සහ පොලිසිය නගරය පුරා සීරුවෙන් තැබීමට කටයුතු කෙරිණි.

කෙසේ වෙතත් මහනුවර මතුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් දළදා වන්දනා කමිටුව සහ පොලිසිය දිනපතාම රැස්වී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. අවසානයේදී මතුව ඇති අවදානම් සහගත තත්ත්වය පිළිබඳ බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී වන්දනා කමිටුව තීන්දු කළේ දැනට පෝලිම්වල සිටින ජනතාවට පමණක් දළදා වන්දනාවට අවස්ථාව ලබාදීමටය. ඉන් ඉදිරියට පැමිණෙන කිසිදු වන්දනාකරුවකු පෝලිමට එක්කර නොගැනීමටත්, යම් හෙයකින් බ්‍රහස්පතින්දා වනවිට රැස්ව සිටි ලක්ෂ 4කට ආසන්න බැතිමතුන්ට වන්දනා කිරීමට අවස්ථාව ලබාදීමට හැකි වුවවොත් පමණක් ඉන්පසුව අලුත් වන්දනාකරුවන් පිළිබඳ සලකා බැලීමටත් එහිදී තීන්දු විය.

කෙසේ වෙතත් මේ අර්බුදය සම්බන්ධයෙන් බොහෝ දෙනා පෙන්වා දෙන්නේ නිසි සැලසුමක් සහ සංවිධානාත්මක බවක් නොමැති වීම හේතුවෙන් මේ ආකාරයෙන් දළදා ප්‍රදර්ශනය යම් ගැටලුවකට තුඩුදුන්නා යැයි කියාය. තවත් පිරිස් පෙන්වා දෙන්නේ දේශපාලන කරුණු කාරණා පිටුපස තබාගෙන දළදා ප්‍රදර්ශනය සිදුකිරීමට යෑමෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වූවා යැයි කියාය. ඒ කොයිහැටි වෙතත් විපක්ෂ නායකවරයාට මෙහිදී බොහෝ දෙනා ප්‍රශංසා කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් දින ගණන් පෝලිම්වල අසීරුවෙන් සිටියදී අවස්ථාව ලැබී හෝ පෝලිමෙන් පිට පැන දළදා වන්දනාව සිදු නොකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි.

ලෝක ආර්ථිකය අවදානමේ

මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා බලා සිටින්නේ දළදා ප්‍රදර්ශනයත්, පළාත් පාලන මැතිවරණය දෙසත්ය. ඒ නිසා ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් හෝ ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ හෝ රටේ ආර්ථික ක්ෂේත්‍රය තුළ විද්වත් කතාබහක් නොමැති තරම්ය. නමුත් මේ වනවිට ජාත්‍යන්තරයේ පළවන ආර්ථික පුවත්වලින් නම් කියැවෙන්නේ ඉදිරි කාලවකවානුව ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් යහපත් තත්ත්වයක් දැකගැනීමට හැකි නොවනු ඇතැයි කියාය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත්තේ ඉදිරි වසර කිහිපය ඇතුළත නැවත වතාවක් ලෝක ආර්ථික අර්බුදයක් මතුවීමේ විශාල අවදානමක් මතුවෙමින් පවතිනවා යැයි කියාය.

මේ බව තහවුරු වන සිදුවීමක්ද පසුගිය සතියේ ලන්ඩනයේ සිදුවිය. ලන්ඩනයේ ක්‍රියාත්මක ලොව ප්‍රකට බැංකුවක මූල්‍ය විශ්ලේෂණ කණ්ඩායමක් පසුගිය සතියේදී එම බැංකුවට ලබාදී තිබූ විශේෂ වාර්තාවකින් දැනුම් දී තිබුණේ ඉදිරි කාලවකවානුව තුළ ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉඩකඩක් මතුවෙමින් පවතින බවකි. ඒ අනුව අදාළ බැංකුව සිය ගනුදෙනුකරුවන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පසුගිය සතියේ සිට ආරම්භ කොට තිබිණි. එහිදී ඔවුන් තමන්ගේ ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවන්ට දැනුම් දී තිබුණේ ඉදිරියේ එම ආර්ථික අර්බුදය හේතුවෙන් ලෝක කොටස් වෙළෙඳපොළ 30%ත් 40%ත් අතර ප්‍රමාණයකින් කඩාවැටීමේ අවදානමක් ඇති බවකි. එම නිසා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී ඉතා ප්‍රවේසමෙන් එම කටයුතු සිදුකරන ලෙසද අදාළ බැංකුව සිය ගනුදෙනුකරුවන්ට උපදෙස් ලබාදී තිබිණි.

මූල්‍ය අරමුදලත් කියනවා

දැනට ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මේ ආකාරයේ ලෝක ආර්ථික අර්බුදයක්ද මතුවුවහොත් එය ලංකාවේ ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. එම නිසා වහාම ඊට මුහුණදිය යුතු ආකාරයත්, ඊට පිළියම් යෙදිය යුතු ආකාරයත් පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් විශේෂ සාකච්ඡාවක් ආරම්භ විය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මේ බව තහවුරු වන තවත් ඉඟියක් මේ වනවිටත් ආණ්ඩුවට ලැබී තිබේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනි. එහි ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මියද පසුගිය දා ආණ්ඩුවේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී ඉඟිකොට තිබුණේ ජාත්‍යන්තර වශයෙන් ආර්ථික අර්බුදයක්ද මතුවීමේ අවදානමක් මතුව ඇති බවකි. නමුත් එහි විශාල බලපෑමක් ලංකාවට සිදුවනු ඇති බවක් දැකගන්නට නොමැති බවද එහිදී සඳහන් කොට තිබූ බවක් ආරංචිය. මීට අමතරව ලෝක බැංකුව විසින් පසුගියදා නිකුත් කර තිබූ නවතම වාර්තාවකින් පෙන්වා දී තිබුණේද පවතින ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ තුනෙන් එකක ජනතාවක් දැඩි දරිද්‍රතාවකින් පෙළෙන බවකි. ඉදිරි කාලයේදී එම ජනතාව තව තවත් දරිද්‍රතාවේ පහළ මට්ටමට ඇදවැටීමට නියමිත බවද එම ලෝක බැංකු වාර්තාවෙන් අවධාරණය කොට තිබිණි. එවැනි පසුබිමක් යටතේ ලෝක ආර්ථික අවපාතයක්ද සිදුවුවහොත් එහි බලපෑම ලංකාවට දරුණු ලෙස බලපනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

මහමොළකරුට වෙච්ච දෙයක්

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ ප්‍රධාන කරුණු දෙකක් ජනතාව හමුවේ තබමිනි. ඉන් එකක් වූයේ මහබැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමට කටයුතු කරන බවය. බැඳුම්කර වංචාවේ ප්‍රධාන වගඋත්තරකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා යළි ලංකාවට රැගෙන එන බවය. දෙවැන්න වූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගැනීම සඳහා කටයුතු කරන බවය. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ පාස්කු ප්‍රහාරයට වසර 6 පිරෙන අප්‍රේල් මස 21 වැනි දිනට ප්‍රථම ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහමොළකරු රටට හෙළිකරනු ඇතැයි කියාය.

ඒ සඳහා බලපෑ විශේෂ හේතුවක්ද තිබිණි. ඉන් පළමුවැන්න වූයේ පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරය සමරන අප්‍රේල් 21 වැනි දිනට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වීමය. අප ඒ සම්බන්ධයෙන් තොරතුර මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරයේ පළකිරීමට පියවර ගත්තෙමු. ආරක්ෂක අංශ ප්‍රධානීන් කීප දෙනකු කාදිනල් හිමිපාණන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත් බවද අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දුන්නෙමු. දෙවැනි කාරණාව වූයේ අප්‍රේල් 21 වැනි දින පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා හෙළිදරව් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට සති දෙකකට පෙර දේශපාලන වේදිකාවේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමය. ඒ වනවිටත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම නිසා බොහෝ දෙනා සැක මතු කළ කාරණාවක් වූයේ පිල්ලෙයාන් හරහා පාස්කු ප්‍රහාරයේ අලගිය මුලගිය තැන් සොයාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කොට ඇතැයි කියාය. නමුත් ජනාධිපතිවරයා කී පරිදි 21 වැනි දින පාස්කු ප්‍රහාරයේ මහමොළකරු රටට අනාවරණ කෙරුණේ නැත. අවසානයේ සිදුවූයේ ජනාධිපතිවරයා බලයට පත්ව මාස 6ක් ගතවීමෙන් පසු කොටුවේ ජනාධිපති කාර්යාලයේ තිබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව, ඊට කිලෝමීටරයක් පමණ ඈතින් වන්නට කොටුවේම පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවීම පමණි.

එෆ්.බී.අයි. එක කිව්වා

කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් මහමොළකරුවකු රටට අනාවරණ නොකෙරුණද, මෙම සිදුවීම් පෙළ හරහා තවත් විශේෂ තොරතුරක් නම් රටට අනාවරණ විය. ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලොව ප්‍රකට ඇමෙරිකාවේ එෆ්.බී. අයි. ආයතනය මගින් සකස් කළ අවසන් වාර්තාව එළියට ඒමය. පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමග මුලින්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට පටන් ගත්තේ ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනයය. ඊට හේතුව මෙම ප්‍රහාරය පසුපස අයි.එස්.අයි.එස්. සංවිධානය සිටින බවට තොරතුරු අනාවරණ වීමය. මේ වනවිට අයි.එස්.අයි.එස්. සංවිධානයේ තර්ජනයට ලක්ව සිටින ප්‍රධාන රටක් බවට ඇමෙරිකාව පත්ව සිටින නිසා ඔවුන් කළේ වහාම ලංකාවට පැමිණ ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමය. එම කණ්ඩායමට 33 දෙනකු ඇතුළත් වූ අතර, මාස 3ක කාලයක් ඔවුහු ලංකාවේ රැඳී සිටිමින් පරීක්ෂණ කිරීමට පියවර ගත්හ. එහිදී ඔවුන් අවධානය යොමුකළේ කටකතාවලට හෝ දේශපාලන වේදිකාවේ සිදුකෙරෙන කතාවලට නොව, ප්‍රහාරය පිටුපස පැවැති විද්‍යාත්මක සාක්ෂිවලටය. විශේෂයෙන්ම ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් සහ නවුෆර් මවුලවි පාවිච්චි කළ දුරකතන සහ ලැප්ටොප් පරිගණක ආශ්‍රයෙන් දීර්ඝ විමර්ශනයක් කළ එෆ්.බී.අයි. නිලධාරීන් සිය අවසන් වාර්තාව නිකුත් කරමින් කියා තිබුණේ සහරාන් හෂීම් විසින් ප්‍රහාරය දියත් කර තිබුණද, එහි මහමොළකරු නවුෆර් මව්ලවි යැයි කියාය. ඔහු ඍජුව අයි.එස්.අයි.එස්. සංවිධානය සමග ගනුදෙනු කර ඇති බවද එම වාර්තාව මගින් තහවුරු කර තිබිණි. එමෙන්ම ප්‍රහාරයට මූල්‍ය දායකත්වය දැක්වූ පිරිස් සම්බන්ධයෙන් එහිදී දීර්ඝ විස්තරයක් සිදුකොට තිබූ අතර, ඊබ්‍රාහිම් පවුල ඊට සම්බන්ධ බවද එහි සඳහන්ව තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කී ආකාරයට අප්‍රේල් 21 වැනි දින මහමොළකරු ප්‍රකාශයට පත් නොවුණු නිසා විපක්ෂය පැත්තෙන් ජනාධිපතිවරයාටත්, මාලිමා ආණ්ඩුවටත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපතිවරයා ඊට පසු දිනම දේශපාලන වේදිකාවේදී ජනතාව අමතමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති ප්‍රශ්න 6න් 2කට මේ වනවිට විමර්ශන අංශ විසින් පිළිතුරු ලබාදී ඇතැයි කියාය. ඉන් එක් ප්‍රශ්නයක් වී තිබුණේ වවුනතිව්හිදී ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සිදුවීමය. දෙවැන්න වූයේ ත්‍රස්තවාදීන් නිරන්තරයෙන්ම සම්බන්ධ වී තිබූ දුරකතන ‘ඉමි’ අංකයකි. මේ වනවිට එම ඉමි අංකයේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත්ව ඇති බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. ඒ අනුව, තවත් ප්‍රශ්න 4කට පිළිතුරු සෙවීමට පරීක්ෂණ පවත්වන අංශවලට සිදුවනු ඇත. නමුත් මෙහි ඇති හාස්‍යජනක කාරණාව වන්නේ මෙරට විමර්ශන අංශ පාස්කු මහමොළකරු ගැන වසර 6ක් ඉක්මවා ගොස් තිබියදී තවම පරීක්ෂණ කරද්දී, ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය ප්‍රහාරයේ මහමොළකරුවන් කවුරුන්ද කියා ප්‍රහාරයෙන් මාස කීපයකට පසු අනාවරණ කොට තිබීමය.

විපක්ෂය බලය අල්ලයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කිරීම ආරම්භ වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (24) දිනයේය. පසුගිය ජනාධිපතිවරණයේත්, මහ මැතිවරණයේත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයන් ඉතා විශාල උනන්දුවක් දැක්වුවත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගෙන් මන්දෝත්සාහී බවක් දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමකි. ඇතැම් ආයතනවල රාජ්‍ය සේවකයන් 50%ක් හෝ තැපැල් ඡන්ද ඉල්ලුම් කොට නොතිබුණු බවද ආරංචිය. මීට අමතරව මෙවර පළාත් පාලන මැතිවරණයේ හැසිරීම ආණ්ඩුවට තරමක් අවාසිදායක තත්ත්වයක් මතුකොට ඇති බවක්ද පැහැදිලිවම දැකගන්නට ඇති කාරණාවකි.

මෙම තත්ත්වය ආණ්ඩුවටද දැනී නැතුවා නොවේ. ඒ අනුව පසුගිය සති කීපයේම පැලවත්තේ මේ සම්බන්ධයෙන් මධ්‍යම රාත්‍රිය වන තෙක්ම විශේෂ සාකච්ඡා ගණනාවක්ම පැවැත්වී තිබිණි. මුලින් ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්ද වේදිකාවට පිවිසීමට සූදානමින් නොසිටියත්, මතුවෙමින් පවතින අවාසිසහගත තත්ත්වය යටතේ ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්ද වේදිකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසටය.

මෙහිදී මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සිදුකෙරුණු දීර්ඝ සාකච්ඡාවලදී මාලිමාවට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් සහ මාලිමාවට ජයග්‍රහණය කළ නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීම් සිදුව තිබිණි. එහිදී බොහෝ දෙනා පෙන්වා දී තිබුණේ බොහෝ තැන්වල 50%ක බහුතරය ගැනීමට මාලිමාවට නොහැකි නිසා විපක්ෂයේ සියලු පක්ෂ එක්වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට හැකි තැන් රැසක් පවතින බවකි. එසේ වුවහොත් ආණ්ඩුවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වීමේ ඉඩක් ඇති බවද එහිදී පැවැසිණි.

මෙහිදී මාලිමාවේ ඇතැම් ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ මාලිමාවට බහුතරය නොලැබෙන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සභාපති සහ උපසභාපති තනතුරු බෙදාගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ අතර කුලල්කෑම් ඇතිවනු ඇති බවත්, ඒ හරහා මාලිමාවට සභාවේ බලය පිහිටුවීමට හැකිවනු ඇති බවත්ය.

කෙසේ වෙතත් ආණ්ඩුව මෙසේ සිතා සිටියද මෙවර පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලයක් ලැබෙන බවත්, ඒ හරහා පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීමට විපක්ෂයට හැකිවන බවත් විපක්ෂයටද වාර්තා වී තිබිණි. ඒ අනුව, අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ එසේ විපක්ෂය බලය පිහිටුවන ආයතන සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට දැනටමත් විපක්ෂය කටයුතු කොට ඇති බවකි.

මෙම එකඟතාව ආවේ විපක්ෂයේ නැගී එන තරුණ දේශපාලනඥයකුගේ දියණිය වෙනුවෙන් පැවැති උපන්දින සාදයකදීය. ඊට විපක්ෂයේ පක්ෂ කීපයකම ප්‍රබල දේශපාලන නායකයන් රැසක් සහභාගි වී සිටි අතර, එහි ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ පළාත් පාලන මැතිවරණයය. එහිදී බොහෝ දෙනා පෙන්වා දුන්නේ මාලිමාව සිතා සිටින ආකාරයට පළාත් පාලන ආයතන රැසක 50%ක බලය ගැනීමට ඔවුන්ට හැකි නොවනු ඇති බවකි. ඒ අනුව විපක්ෂයට ඒවායේ බලය පිහිටුවීමට හැකිවන බවත්, එහිදී සභාව පිහිටුවන ආකාරය පිළිබඳවත් විපක්ෂ නායකයන් එකඟතාවකට ආ ආකාරයක් දැකගන්නට ලැබිණි.;

මීට අමතරව එම සාකච්ඡාවේදී තවත් එකඟතාවන් රැසකට පැමිණීමට මෙම විපක්ෂයේ පක්ෂ නායකයන් හට හැකියාව ලැබිණි. නමුත් එම එකඟතාවන් ප්‍රසිද්ධියට පත් නොකොට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දිගටම සිදුකළ යුතු බවද එහිදී කියැවිණි.

ලංකාවෙන් ගියේ කව්ද?

ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් රැසක් ඉලක්ක කොට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැනවූ තීරුබද්ද හේතුවෙන් මේ වනවිට සියලු රටවල් සිටින්නේ විශාල අර්බුදයකට මුහුණ දීය. ඇතැම් රටවල රාජ්‍ය නායකයන් නම් කෙළින්ම ඇමෙරිකාවට ගොස් ඒ පිළිබඳ ඇමෙරිකානු ජනාධිපතිවරයා හෝ උපජනාධිපතිවරයා හෝ වෙළෙඳ අමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා කොට එම තීරුබදු ප්‍රතිශතයන් විශාල වශයෙන් පහත දමාගැනීමට කටයුතු කර තිබුණත්, ලංකාව පැත්තෙන් එවැන්නක් දැකගන්නට නොහැකි විය. විපක්ෂයේ ඉල්ලීම මත ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින් වහාම දක්ෂ කණ්ඩායමක් ඇමෙරිකාවට පිටත් කොට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ඉල්ලද්දී ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ දැනටමත් කටයුතු සූදානම් කරමින් පවතිනවා යැයි කියාය. නමුත් එම කණ්ඩායමට ඇතුළත් වන්නේ කවුද, එහි නායකත්වය දරන්නේ කවුද යනාදී කිසිවක් එහිදී ප්‍රකාශයට පත් නොවුණි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ආණ්ඩුව පැත්තෙන් පළවූ පුවත්වල එවැනි කණ්ඩායමක් වොෂින්ටනයට ගොස් ඇමෙරිකානු නියෝජිතයන් සමග සාකච්ඡා කරන බව කියා තිබුණද, එම නියෝජිතයන් පිරිස කවුරුන්ද යන්න පිළිබඳ හෝ එහි නායකත්වය දරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ හෝ කිසිදු සඳහනක් නොවීම විශේෂ සිදුවීමක් විය. ඒ වනවිටත් ජනාධිපතිවරයාද ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ලංකාව පැත්තෙන් දෙරට අතර වෙළෙඳ ශේෂය අවම කරන ආකාරය පැහැදිලි කිරීමට කටයුතු කොට තිබිණි.

රනිල්ගේ ගැටය

කෙසේ වෙතත් පසුගිය සතියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට හිතවත් හිටපු මැති ඇමැතිවරුන් කණ්ඩායමක් සිරිකොතට කැඳවා ආණ්ඩුව ඇමෙරිකාවට යවා ඇති මෙම කණ්ඩායම පිළිබඳ අදහස් පළකිරීමට පියවර ගත්තේය. එහිදී රනිල් කියා සිටියේ ආණ්ඩුව යවා ඇත්තේ ශක්තිමත් කණ්ඩායමක් නොවන බවත්, ඔවුන්ට ඇමෙරිකාවෙන් එතරම් පිළිගැනීමක් ලැබී නොමැති බවත්ය. සාමාන්‍යයෙන් අනෙකුත් රටවල් ඇමෙරිකාවට ගොස් එරට ජනාධිපතිවරයා හෝ උපජනාධිපතිවරයා හෝ ඉහළ පෙළේ නිලධාරීන් හෝ හමුවී සාකච්ඡා කොට ඇති බව කියා සිටි රනිල්, ලංකාවේ කණ්ඩායම ඇමෙරිකාවට ගොස් සාකච්ඡා කර ඇත්තේ සාමාන්‍ය නිලධාරීන් කණ්ඩායමක් සමග බවද කියා සිටියේය. රනිල් මේ කතාව කළේම එහි සිටි පිරිස් හරහා එම පුවත එළියට දැමීමටය. රනිල් සිතුවා වාගේම සාකච්ඡාවේ සිට එළියට පැමිණි රාජිත සේනාරත්න රනිල් කී කතාව ඒ ආකාරයටම මාධ්‍ය හමුවේ කියා සිටියේය.

රාජිතගේ ප්‍රකාශයෙන් පසු එය ආණ්ඩුවට ඉතා අවාසිසහගත ලෙස බලපාන බව ආණ්ඩුවටද වැටහී ගොස් තිබිණ. ඒ අනුව ජනාධිපතිවරයා ඊට පසු දිනම මෙම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඇමෙරිකාව සමග පැවැත්වූ සාකච්ඡා ඉතා ඵලදායී වී ඇති බවත්, ඉදිරි පැය කීපය ඇතුළත ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ නිවේදනයක් මාධ්‍යයට නිකුත් කරනු ඇති බවත්ය. නමුත් ජනාධිපතිවරයා කී ආකාරයට ඒකාබද්ධ ප්‍රකාශනයක් ඒ සම්බන්ධයෙන් නිකුත් වූයේ නැත.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග සජබ නියෝජිතයන්ද දෙරට අතර පැවැති සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමක නිරත විය. එහිදී ඔවුන්ට දැනගැනීමට ලැබුණේ ජනාධිපතිවරයා කී ආකාරයේ එකඟතාවක් මතුව නොමැති බවකි. එවැනි එකඟතාවක් ඇතිවූවා නම් ඒ සම්බන්ධයෙන් වහාම ඇමෙරිකානු බලධාරීන් එක්ස් පණිවුඩයක් මගින් එය ප්‍රසිද්ධ කරන බවද ඔවුන්ට තහවුරු විය. ඒ අනුව වහාම මාධ්‍ය හමුවක් කැඳවූ ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා කී ආකාරයේ එකඟතාවක් මතුව ඇති බවක් දැනගන්නට නොමැති බවත්, එවැනි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වන තෙක් තමන්ද අපේක්ෂාවෙන් සිටින බවත්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකොට පැය 24ක් ඉක්මගොස් තිබියදීත් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් නොවුණු තැන ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් ඇමෙරිකානු-ශ්‍රී ලංකා සාකච්ඡා පිළිබඳ ඒකපාර්ශ්වික නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එහි සඳහන් වූයේ මෙවැන්නකි.

ඒකපාර්ශ්වක නිවේදනයක්

අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (ඹීඔඍ) කාර්යාලය සමග වොෂින්ටන් ඩීසීහි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජය විසින් කරනු ලබන ප්‍රකාශය
ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (උ්ියසබටඑදබ ෘක්‍) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වැනි දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් :න්‍්පසැිදබ ඨරුැර) මහතා හමුවිය.

එහිදී, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ග්‍රියර් මහතා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා දූත පිරිස විසින් ඒ මහතා වෙත භාරදෙන ලදී.

අතීතයේදී මුහුණ දුන් අභියෝග සහ අනාගතයේ මතු විය හැකි අභියෝග ජයගැනීමට මෙන්ම ආර්ථිකය යළි පූර්ණ ලෙස යථා තත්ත්වයට පත්කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳ එහිදී නියෝජිත පිරිස තානාපති ග්‍රියර් මහතා දැනුම්වත් කළහ.

වෙ‍ළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහාද එක්සත් ජනපද රජය සමගින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳ මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ඇගැයුමට ලක් කළ තානාපති ග්‍රියර් මහතා දෙරට අතර අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බවටද අපේක්ෂාව පළකළේය.

අනතුරුව, තානාපති ග්‍රියර් මහතා විසින් පත්කරන ලද දකුණු සහ මධ්‍යම ආසියාව භාර සහකාර එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා (ඊරුබා්බ ඛහබජය) නායකත්වය දරන ඹීඔඍ දූත පිරිස සමග දකුණු ආසියාව භාර අධ්‍යක්ෂ එමිලි ඈෂ්බි මහත්මියද එදිනම හමු වූ ශ්‍රී ලංකා දූත පිරිස, ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට ලිඛිතව ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූහ.
එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයේම එකඟතාව පළකෙරුණු අතර හැකි ඉක්මණින් කෙටි කාලයක් තුළ අදාළ ගිවිසුමට එළැඹීමටද දෙපාර්ශ්වයම කැමැත්ත පළකළහ.

එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළෙඳාම, වෙළෙඳ භාණ්ඩ, ඍජු ආයෝජන ප්‍රතිපත්තිය සංවර්ධනය සහ සම්බන්ධීකරණය මෙන්ම අනෙකුත් රටවල් සමග සිදුකරන සාකච්ඡා අධීක්ෂණය කිරීමේ වගකීම එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සතු වේ. එහි ප්‍රධානියා වන්නේ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයකු වන එරට ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෙළෙඳ උපදේශක, ගනුදෙනුකරු සහ වෙළෙඳ ගැටලු පිළිබඳ ප්‍රකාශක යන වගකීම් දරන කැබිනට් සාමාජිකයෙකි.
ජනාධිපති මාධ්‍ය අංශය – 2025.04.25

කෙසේ වෙතත් මෙම නිවේදනයේද ආණ්ඩුව නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වී සිටි කණ්ඩායම් පිළිබඳ කිසිදු සඳහනක් නොවීම විශේෂත්වයකි. ඒ අනුව සාකච්ඡාවට සහභාගි වී සිටි පිරිස කවුරුන්ද යන්න සොයාගැනීමට ‘රාජ්‍ය රහස්’ තීරයට හැකි විය. ඊට සහභාගි වී සිටියේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහාභාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාය. ඒ හැරුණු විට වෙනත් කිසිදු ඉහළ පෙළේ අමාත්‍යවරයකු එම කණ්ඩායම නියෝජනය කර නොතිබීමද විශේෂ සිදුවීමක් විය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

දළදා දැක්මෙ VIP කතාව ඇත්තටම නරකද? ‘මව්රට’ හොයාගත්ත ඇත්ත මෙන්න! Sri Lanka Latest News

Next Post

හැමෝම හොයන්න බැරි මහමොළකාරයා හොයනවා! පාස්කු ප්‍රහාරයට පස්සේ සජිත් ප්‍රේමදාස මාස දෙකෙන් මොනවද කළේ? කොච්චිකඩේ පල්ලියට වරායෙන් ඉඩමකුත් අරන් දුන්නා! හැම අඟහරුවාදාම බිෂොප් හවුස් එකේ සාකච්ඡාවට වාඩිවුණා! වහලේ දුර්ලභ වීදුරු වතිකානයෙන් ගෙන්නුවා! වින්දිතයන් සියලු දෙනාට ගෙවල් හදලා දුන්නා! දේවස්ථාන 3ම රජයේ අරමුදලින් හැදුවා! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.