• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ඉල්ලුවා – අනුර කැඳෙව්වා! සර්වපාක්ෂික සමුළුව පාරාවළල්ලක් වෙයිද? Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් එකඟතාවයෙන් කිසිදු බෙදීමක් නොමැතිව එක ඡන්දයෙන් අණ පනත් හා යෝජනා සම්මත වන අවස්ථාවන් සාමාන්‍යයෙන් දැකගත හැකිය. Sri Lanka Latest News

පොදුවේ රටට හා සමාජයට වැදගත් යැයි හැඟවෙන අණ පනත් හා යෝජනා සම්මත කිරීම්වලදී විරුද්ධ පක්ෂය බෙදීමක් ඉල්ලා නොසිටින අතර එවැනි අණ පනත් හා යෝජනා එක ඡන්දයෙන් සම්මත වේ.

නමුත් පාර්ලිමේන්තුව තුළදී වගේම ඉන් පිටතදී දේශපාලනමය වශයෙන් ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් යම් එකඟතාවකට පැමිණෙන්නේ බොහොම කලාතුරකිනි.

වර්තමාන මාලිමා ආණ්ඩුව බලයට පත්වී මාස 6ක පමණ කාලයක් යනවිට පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සමග අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එකඟතාවකට පැමිණියේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු ගැසීමත් සමගය.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබිණි.

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී පක්ෂ නායකයන් හා පක්ෂ නියෝජිතයන් යම් යම් කරුණු පෙන්වා දුන් අතර, ජනාධිපතිවරයා සහ දේශපාලන පක්ෂ නායකයන් පැවැත්වූ සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් විය.

එහිදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙන්ම විපක්ෂයද ඉතා වගකීමෙන් කටයුතු කර තිබිණි. මෙවැනි ජාතික අවශ්‍යතාවකදී රටේ පොදු මහජනතාවද වගකිව යුතු දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වන්නේ එයයි. මීට පෙර මෙවැනි එකඟතා දේශපාලන ක්ෂේත්‍රය තුළ ජාතික වශයෙන් ඇතිවී තිබෙන්නේ ඉතා කලාතුරකිනි.

80 දශකයේදී කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවූ අතර, ඊට උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කළ ඇතැම් දේශපාලන පක්ෂවල නියෝජිතයෝ සහභාගි නොවූහ.

ඉන් අනතුරුව 88-90 භීෂණ යුගයේදීද එවක පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සර්වපාක්ෂික සමුළුවක් කැඳවුවද ඊට ඇතැම් වාමාංශික දේශපාලන පක්ෂ සහභාගි වූයේ නැත.

2004 වර්ෂයේදී සුනාමි ව්‍යසනයට රට ලක්වීමෙන් අනතුරුව රට යළි ගොඩනැගීම සඳහා එවක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පොදුවේ කළ ඉල්ලීමට විරුද්ධ පක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂවලින් ලැබුණේ උපරිම සහායකි.

එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරි ඇතුළු දේශපාලනඥයන් රැසකගේ සහාය චන්ද්‍රිකා ජනපති, මහින්ද අගමැති ආණ්ඩුවට හිමිවීම විශේෂත්වයකි.
දකුණු වෙරළබඩ තීරයේ සුනාමියට විනාශ වූ දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමට එදා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන් ඉතා උනන්දුවෙන් කටයුතු කිරීමද බොහෝ දෙනකුගේ පැසසුමට ලක්විය.

ඉන් අනතුරුව මුළු රටම එක් මතයකට එක්කරමින් විරුද්ධ පක්ෂයේ බහුතරයකගේ සහාය 2005-2006 යන වසරවල එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවූයේ කොටි ස්‍රත්තවාදය පරාජය කිරීම සඳහාය.

2005 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තමන්ට සහයෝගය ලබාදෙන ලෙසයි.

මීට අමතරව පාර්ලිමේන්තුවේ රාජාසන කතාව සිදුකරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තමන්ට සහයෝගය ලබාදෙන ලෙසයි.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට වැල නොකැඩී දේශපාලනඥයන්ගේ සහයෝගය දිගින් දිගටම හිමිවීම විශේෂත්වයකි.

රනිල් වික්‍රමසිංහ එවක විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට එතරම් කැමැත්තක් නොදක්වන විට කරු ජයසූරිය, දොස්තර රාජිත සේනාරත්න, ගාමිණී ලොකුගේ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනකු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරමින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා එක්වීම කැපීපෙනේ.

‘මේ මල් වට්ටියට අතගහන්න එන්න. එහෙම නාවොත් ඔබතුමාට කවදා හරි පසුතැවෙන් වේවි…’ යනුවෙන් ඒ අවස්ථාවේදී රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයාටයි.

ඒ අවස්ථාවේදී රනිල් යම් ආකාරයකට මහින්දගේ යුද්ධය අවතක්සේරු කළේය. ‘තොප්පිගල කියන්නේ විශාල කැලෑවක්’ යනුවෙන් රනිල් ප්‍රකාශ කළේ තොප්පිගල මෙහෙයුම් ක්‍රියාත්මක වන අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ රවි කරුණානායක ප්‍රකාශ කළේ ‘අලිමංකඩ කියා පාමංකඩ යන’ බවයි. ‘කිලිනොච්චිය කියා මැදවච්චි යන’ කතාවක්ද රවි කීවේය.

රනිල් තොප්පිගල කැලෑවක් යනුවෙන් ප්‍රකාශ කළද 2001දී කොටි සංවිධානය සමග අස්සන් කරන ලද සටන් විරාම ගිවිසුම හේතුවෙන් කොටි සංවිධානයේ සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් සැලකිය යුතු පිරිසක් සමග ඉවත් වූයේ රනිල්ගේ සටන් විරාමය නිසා බව අමතක නොකළ යුතුය.

කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඇතුළු කොටි සංවිධානයේ සන්නද්ධ අංශයේ විශාල පිරිසක් කොටි සංවිධානයෙන් කඩාගෙන පැමිණීමෙන් ඔවුන් ආරක්ෂක හමුදා වෙත ඔත්තු හා තොරතුරු ලබාදීම නිසාත් කොටි සංවිධානය අඩපණ කිරීමට හේතු වූ කරුණු බව සැබෑය.

2005 වසරේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කිරීමද අමතක නොකළ යුතුය.

2005 වසරේ ජනාධිපතිවරණයේදී මහින්ද හා රනිල් අතර ඡන්ද පරතරය 1,75,000කට ආසන්න විය. එදා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය මහින්දට නොලැබෙන්නට එදා බොහෝ විට ජනාධිපති ධුරයට පත්වන්නේ රනිල් වික්‍රමසිංහය.

උතුරු නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂවල සහාය නොලැබුණත් බහුතරයක් දේශපාලන පක්ෂ එදා සහයෝගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමටය.

ඉතිහාසය තුළ අඩුවැඩි වශයෙන් ජාතික උවදුරකදී පවතින ආණ්ඩුවට විපක්ෂයේ සහාය ලැබුණද එවැනි කිසිදු සහයෝගයක් නොලැබුණු අවස්ථාවක් වූයේ ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි විගස 2020 වසරේදී පැමිණි කොවිඩ් හෙවත් කොරෝනා ලෝක වසංගතයටය.

කොවිඩ් ලෝක වසංගතය සමග පැමිණි ලෝක ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ආර්ථිකය උඩුයටිකුරු වූ බව නොරහසකි.

කොවිඩ් ලෝක වසංගතයේ භයංකාරත්වය සහ ඊට මුහුණ දිය යුතු ආකාරය ගැන එවක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්ුවේ ප්‍රකාශයක් කළද ඒ ගැන එතරම් අවධානයක් යොමුකිරීමට එවක පැවැති පොහොට්ටු ආණ්ඩුව කටයුතු නොකළේ ඔවුන් තුනෙන් දෙකක බලයකින් උද්දාමයට පත්ව සිටි නිසාය.
පොහොට්ටු ආණ්ඩුව තුනෙන් දෙකක බලයකින් කෙතරම් උද්දාමයට පත්වී සිටියාද කියනවා නම් තමන්ගේ ආණ්ඩුවේ සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි කැබිනට් ඇමැතිවරුන්ද ශත පහකට මායිම් නොකරන තත්ත්වයක් ඇතිවෙමින් පැවැතිණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වටේ සිටි ඇතැම් උද්දච්ච නිලධාරීන් හා උපදේශකයන්ද ගෝඨාභය රාජපක්ෂට යම් යම් දිරච්ච ලණු දුන් අතර, ගෝඨාභය ඒවා ගිල දැමුවේ කිසිදු දේශපාලන අත්දැකීමක් ඔහුට නොතිබූ නිසාය.

මෙම පිරිස ඉතා සූක්ෂ්මව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ක්‍රමයෙන් ඈත් කරන්නට විය.
මෙම කරුණු සමග කොවිඩ් ලෝක වසංගතය සහ ලෝක ආර්ථික අර්බුදයද ක්‍රමයෙන් වර්ධනය වූ අතර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවරක්ම ජාතිය අමතමින් ඉල්ලා සිටියේ මෙම අභියෝගය ජයගැනීම සඳහා ශක්තිය ලබාදෙන ලෙසයි.

මෙම කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ විය යුතු බවට රනිල් වික්‍රමසිංහ යෝජනා කළද එවක මුදල් රාජ්‍ය අමාත්‍ය වූ අජිත් නිවාඩ් කබ්රාල් ඊට එතරම් කැමැත්තක් නොදැක්වීය. පසුව අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට තේරීපත් විය.

විමල්, ගම්මන්පිල හා වාසුදේව අයි.එම්.එෆ්. යනවාට කැමැත්තක් නොදැක්වීය.

විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩුවට එරෙහි විරෝධතා ව්‍යාපාර ක්‍රමයෙන් ආරම්භ කර තිබූ අතර, එම විරෝධතාවලට පෙර ආණ්ඩුව සමග විමල් හා ගම්මන්පිලගේ ගැටුම් උග්‍ර විය.

බැසිල් රාජපක්ෂ හා විමල්, ගම්මන්පිල අතර ඇතිවූ මෙම ගැටුම සමථයකට පත්කිරීමට ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වවල එතරම් උනන්දුවක් නොවූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් කළේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමය.

බැසිල්-විමල්, ගම්මන්පිල ගැටුමෙන් විපක්ෂය තවත් ප්‍රබෝධයට පත්වූ අතර, ඔවුන් දිගටම විරෝධතා දියත් කළේය.
ජනතාවට මැරෙන්න දෙන්නේ නැහැ කියමින් කොවිඩ් එන්නත් ගෙන එමින් කොවිඩ් තත්ත්වය පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළේය.

නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව සිදුකළ අතර පවුල් ලක්ෂ 80කට රුපියල් 5,000 බැගින් මාස 3ක් ලබාදීමටද කටයුතු කර තිබිණි.
රුපියල් දසදහසක වටිනාකමකින් යුත් බඩු මල්ලක් නිරෝධායනය වන සෑම පවුලකටම ලබාදීමටද කටයුතු කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ සියල්ල සිදුකළේ මහා භාණ්ඩාගාරයට කිසිදු ආදායමක් නොමැති තත්ත්වයක් තුළදීය.
රට වසා ඇති අවස්ථාවක අපනයන ආදායමක් නොලැබේ. සංචාරක කර්මාන්තයද බින්දුවට වැටී තිබේ. මෙවැනි තත්ත්වයකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිතුවේ රට යම්කිසි මට්ටමක් දක්වා ගෙන ඒමට විපක්ෂයේ සහාය ලැබෙයි කියාය.
ඒ අවස්ථාවේ විපක්ෂයේ කිසිදු සහායක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමිවූයේ නැත.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලි කැපීම්, ආර්ථික අර්බුද ඇතුළු අරගලය සමග රටේ ඇතිවී තිබෙන තත්ත්වයෙන් තැටිය රත්වූ විට රොටිය පුච්චා ගැනීම විපක්ෂයේ ප්‍රධාන අරමුණ වී තිබිණි.

කොරේ පිටට මරේ මෙන් ගෝඨාභයගේ ආණ්ඩුව අසරණ කිරීම සඳහා විරුද්ධ පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති දිගින් දිගටම විරෝධතාවල නියැළුණු බව අමතක නොකළ යුතුය.

ගුරුවරුන්ගේ වැටුප් ඉතා ඉහළ ප්‍රමාණයකින් වැඩිකරන ලෙස ගුරු වෘත්තීය සමිති දැඩි ලෙස බලපෑම් කළ අතර, එම වැටුප් වැඩිකළේ ඒ අවස්ථාවේ ඉතා අමාරුවෙනි.

සෞඛ්‍ය වෘත්තීය සමිති හැම විටම ප්‍රකාශ කළේ රට වසාතැබිය යුතු බවයි. එවිට නිතැතින්ම ආර්ථික අර්බුදයක් ඇතිවී ආණ්ඩුව අසරණ වන බව ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ විසින් එම වෘත්තීය සමිතිවලට දන්වා තිබිණි.

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විපක්ෂය කළ දේවලින් කිහිපයක් පමණක් මෙසේ සටහන් තබන්නේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකද මෙම කරුණුවලින් පාඩමක් ඉගෙනගත යුතු නිසාය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බද්ද නිසා විපක්ෂය සතුටු වී ඇති බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ කියන්නේ මේ බදු අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විපක්ෂයේ සහාය නොලැබෙනවා කියන එකද?

නමුත් විපක්ෂය කියන්නේ එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපරිම සහායක් ආණ්ඩුවට ලබාදීමට සූදානම් බවයි.
ජනාධිපතිවරයාටත් විපක්ෂයේ පක්ෂ නායකයන්ටත් මෙම ගැටලුව විසඳා ගැනීමට ඉඩදී අනෙක් පාර්ශ්ව නිහඬව සිටිනවා නම් වඩා හොඳය.
විජිත හේරත් විදේශ කටයුතු අමාත්‍යවරයා නිහඬව මේ වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින විට චතුරංග අබේසිංහලා වැනි අයගේ ඇතැම් ප්‍රකාශ විපක්ෂයේ සහාය ලබාගැනීමට බාධාවක් බවද මතක තබාගත යුතුය.

එම නිසා එදා ගෝඨාට එදා විපක්ෂය කළ දේ, මෙදා අනුරට මෙදා විපක්ෂය රට ගැන නොසිතා නොකරනු ඇතැයි කියා සිතමු.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

හැමෝම හොයන්න බැරි මහමොළකාරයා හොයනවා! පාස්කු ප්‍රහාරයට පස්සේ සජිත් ප්‍රේමදාස මාස දෙකෙන් මොනවද කළේ? කොච්චිකඩේ පල්ලියට වරායෙන් ඉඩමකුත් අරන් දුන්නා! හැම අඟහරුවාදාම බිෂොප් හවුස් එකේ සාකච්ඡාවට වාඩිවුණා! වහලේ දුර්ලභ වීදුරු වතිකානයෙන් ගෙන්නුවා! වින්දිතයන් සියලු දෙනාට ගෙවල් හදලා දුන්නා! දේවස්ථාන 3ම රජයේ අරමුදලින් හැදුවා! Sri Lanka Latest News

Next Post

ඉතුරු ගිවිසුම් 5 එළියට දැම්මොත් මැයි 6 ඡන්දය මාලිමාව පරදිනවා! ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් 7න් 2ක් එළියට දාපු ගම්මන්පිල තවත් අඩව්වකට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.