විදේශිකයන් දෙදෙනකු ව්‍යාජ කාඩ් දමා බද්දේගම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක්ද ගාල්ල කරාපිටිය රාජ්‍ය බැංකුවකින් රුපියල් 2,75,000 ක මුදලක් ද වංචනිකව ලබා ගෙන පලාගොස් ඇතැයි බද්දේගම හා ගාල්ල පොලිසිය පවසයි.
බද්දේගම රාජ්‍ය බැංකුවකට පැමිණ ඇති විදේශිකයන් දෙදෙනකු ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබාගන්නා අයුරු එහි සවි කර ඇති ආරක්ෂක කැමරාවේ රූප රාමු පරීක්ෂාකර බැලීමේදී දක්නට ලැබී ඒ ගැන බැංකු කලමනාකරු බද්දේගම පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම බැංකුවේ ඇති ඒ.ටී.එම් යන්ත්‍රයෙන් රුපියල් 5000 නෝට්ටු1140 යන්ත්‍රයට කිසිදු හානියක් නොකර ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ් පතක් යොදාගෙන රැගෙන ගොස් ඇති බව බද්දේගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
හික්කඩුව හා කරාපිටිය යන ප්‍රදේශවල පිහිටි එම රාජ්‍ය බැංකු ශාඛා දෙකකින් ද මෙවැනි ආකාරයට මුදල් ලබා ගෙන ඇති බවට දැන ගැනීමට ලැබීමෙන් පසු බද්දේගම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා ඔහු සේවය කරන බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රය.ද පරීක්ෂා කර බැලීමේදී මෙම මුදල රැගෙන ගොස් ඇති බව පෙනී ගිය නිසා ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම බැංකුවේ පරිගණක දත්ත පද්ධතියේ මුදල් ඇති බව පෙන්නුම් කරනු ලැබුවත් ඒටීඑම් යන්ත්‍රය තුළ මුදල් නොමැති බව එම කළමනාකාරවරයා තවදුරටත් පොලිසියට දැනුම් දී ඇත.
මේ අතර ඊයේ දිනයේ තුළ ගාල්ල කරාපිටිය රාජ්‍යබැංකු ශාඛාවේපිහිටි ඒටීඑම් යන්ත්‍රයෙන් ද විදේශිකයන් දෙදෙනකු විසින් ව්‍යාජ කාඩ් පතක් යොදාගෙන රුපියල් දෙලක්ෂ 275000 ක මුදලක් රැගෙන පලාගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
එම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා මේ බව පොලිසියට පැමිණිලි කර තිබේ.










