සූදු චෝදනා ලැබ සිටින කිසිවකුට ක්‍රිකට් පරිපාලන රැස්වීම්වලට සහභාගි විය නොහැකි බවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් පසු ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (11) පැවැති ක්‍රිකට් කළමනාකරණ කමිටු රැස්වීමට පැමිණ නොමැති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් අදාළ රැස්වීමට තමන් සහභාගි වන බවට කලින් තිලංග සුමතිපාලමහතා ප්‍රසිද්ධියේ සදහන් කර තිබුණද මෙසේ ඊට සහභාගි නොවීම හරහා හරීන් ප්‍රනාන්දු මහතා සුමතිපාල මහතාට එල්ල කර ඇති චෝදනා අනියමින් පිළිගැනීමක් බව ක්ෂේත්‍රෙයේ බොහෝ දෙනාගේ මතය වී තිබේ.
මේ අතර ක්‍රිකට් විගණන වාර්තාවෙන් තිලංග ප්‍රනාන්දු මහතාට පමණක් නොව තවත් පුද්ගලයන් රැසකට දූෂණ චෝදනා එල්ල කර තිබියදී හරීන් ප්‍රනාන්දු මහතා ඒ සියල්ලන්ම බේරා සුමතිපාල මහතා පමණක් දංගෙඩියට යැවීම සම්බන්ධයෙන්ද ක්ෂේත්‍රයේ බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ.
ඊට බලපෑ ඇති හේතු කාරණාද ඉදිරි දින කිහිපය තුළ කරළියට පැමිණෙනු ඇති බවද බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.










