• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමෘද්ධි නවත්වනවා! විශ්‍රාම වැටුප් නවත්වනවා! රාජ්‍ය සේවයේ වැටුප් නවත්වනවා කියලා ඇමැති කෙනෙක් කියද්දී ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරන බවත් සහන දෙන බවත් මහා බැංකු අධිපතිට උපදෙස් දුන් බවත් ජනාධිපති කියයි! (VIDEO)

January 12, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
රනිල්ගේ ප්‍රධානත්වයෙන් ආහාර කමිටුව රැස්වෙයි!
Share on WhatsAppShare on Facebook

මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස තමා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කිංග්ස්බර් හෝටලයේ ඊයේ (11) පස්වරුවේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමිනි.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
කාන්තාවන් ව්‍යාපාරවලට සම්බන්ධ කර ගැනීම සඳහා ඔබ විසින් කරන ලද පුරෝගාමී මෙහෙවර ගැන මම මේ සභාවට ප්‍රශංසා කළ යුතුයි, නමුත් ග්‍රාමීය මට්ටමේ කුඩා කඩ සාප්පු පවත්වාගෙන යන කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ ක්ෂුද්‍ර කාණ්ඩ අපි මතක තබා ගත යුතුයි. ප්‍රධාන වශයෙන් ආහාර මෙන්ම වෙනත් භාණ්ඩ ව්‍යාපාර , එළවළු අලෙවිසැල් ආදී කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන අය පිළිබඳ සිතිය යුතුයි.
දැන් ඔබ ඔවුන්ටත් උදව් කරන්නේ කෙසේද? විශාල නගරවල නම් කුඩා කර්මාන්තවල යෙදෙන කාන්තාවන් වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. නමුත් හඳුනා නොගත් විශාල කාන්තාවන් සංඛ්‍යාවක් සිටිනවා. ඒ තමයි මුදල් ණයට ලබා දෙන අය. සමහර පළාත්වල ඔවුන් තමයි ව්‍යාපාර පාලනය කරන්නේ. එම නිසා විශාල වශයෙන් ක්ෂුද්‍ර ව්‍යාපාර පවත්වා ගෙන ගියත් අපි ඒවා පිළි ගන්නේ නෑ.
එම නිසා මම හිතනවා අපි ඔවුන්ට උදව් කරන ක්‍රම වේදයක් සොයන්න අවශ්‍ය බව. ක්ෂුද්‍ර ව්‍යාපාරකයින්ට උදව් කරන්න ආණ්ඩුවත් විශාල උනන්දුවක් දක්වනවා. ඒ අය තමයි මේ රට පවත්වා ගෙන යන්නේ. ඔවුන් තමයි රටේ ආර්ථිකයේ ජීවය.
ඇත්ත වශයෙන්ම ඔබ සියලු දෙනා තමයි කාන්තා ව්‍යවසායකත්ව සංකල්පය ව්‍යාපාර ක්ෂේත්‍රයට ගෙනාවේ. එම නිසා මම ඔබ සියලු දෙනාට මගේ කෘතඥතාපූර්වක ස්තූතිය පුද කරනවා.
ලොව අනෙක් රටවල් සමඟ සන්සන්ධනය කිරීමේදී අපේ රටේ කාන්තා ව්‍යවසායකයින් සංඛ්‍යාව ඉතා අවම මට්ටමකයි තිබෙන්නේ. අපේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන්. එම නිසා අපි ආර්ථිකයට කාන්තා දායකත්වය මීට වඩා ලබා ගත යුතුයි. එයින් අපේ ආර්ථිකය ගොඩනඟා ගත හැකියි.
විශේෂයෙන්ම මේ වසරේ අපි බලාපොරොත්තු වෙනවා අලුත් නීති කිහිපයක් ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තු කාන්තා සංසදය විසින් මේවා කෙටුම්පත් කරලයි තිබෙන්නේ. මෙම නීති කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තා ජාතික ‍කොමිසම හා සම්බන්ධයි.

මම ඔවුන් සමඟ දෙසැම්බර් මාසයේදී සාකච්ඡා වටයක් පැවැත්වුවා. එතනදී ඔවුන් විමසා සිටියේ රටේ ප්‍රධාන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවලට කාන්තා නියෝජනය අඩු තරමින් එකක් හෝ දෙකක්වත් ඇති කරන්න පුළුවන්ද කියලා. එය විප්ලවීය වෙනසක්. මේ ගැන වාණිජ මණ්ඩලය මොනව කියාවිද කියා මම දන්නේ නෑ. නමුත් පාර්ලිමේන්තු කාන්තා සංසදය නම් ලෑස්ති වෙන්නේ පෞද්ගලික අංශයේ කාන්තා නියෝජනය වැඩි කිරීමටයි.
ඔවුන් කියා සිටින්නේ රාජ්‍ය අංශයේ කාන්තා නියෝජනය පිළිබඳ සතුටුදායක වුවත් පෞද්ගලික අංශයේ එය මීට වඩා වැඩි විය යුතු බවයි.
මෙතනදි ජයග්‍රහණය කළ සියලු දෙනාව මම අගය කරනවා. මොකද ඔවුන් මෙම ජයග්‍රහණ ලබා ගෙන තිබෙන්නේ ඉතා දුෂ්කර වර්ෂයක් තුළයි. පසුගිය වසර කාන්තාවන්, පුර්ෂයින්, පවුල් විසින් පවත්වා ගෙන ගිය බොහෝ ව්‍යාපාර කඩා වැටුන වසරක්. නමුත් මේ සියලු බාධක හා කරදර මධ්‍යයේ ඔබ සියලු දෙනාට හිස කෙළින් තබා ගෙන සිටීමට හැකි වී තිබෙනවා. එබැවින් මම ඔබ සියලු දෙනාගේ ජයග්‍රහණ අගය කරනවා.
මෙම වකවානුව ව්‍යාපාර කරන අයට පමණක් නෙවෙයි රැකියා කරන අයටත් දුෂ්කර කාල පරිච්ඡේදයක්. මෙම දුෂ්කරතා ගෙදර ඉන්න අයටත් දැනෙනවා. අප සියලු දෙනාටම තවමත් දැනෙනවා. අප පසු කරමින් සිටින කාලය බොහෝ අභියෝග තිබෙන කාලයක්.
අද හැම කෙනාම ඉතා අමාරුවෙන් ජීවත් වෙන්නේ. රැකියා නැතිවෙලා, ආදායම් අඩු වෙලා, අනාගතය ගැන යම් සැකයක් ඇති වෙලා. සමහරු තමන්ට අනාගතයක් නෑ කියලා අඩපන වෙලා ඉන්නවා. සමහරු රට හැර දාලා යනවා . පොඩි දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වා මේ තත්ත්වය අත්විඳිමින් සිටිනවා.
රට ඇයි මේ තත්ත්වයට පත්වුණේ . අපේ ආර්ථිකය කඩා වැටුණේ ඇයි ? තවදුරටත් ඒ ගැන වාද විවාද කරල වැඩක් නෑ. දැන් ආර්ථිකය කඩා වැටිලා ඉවරයි. ඒ ආර්ථිකය කඩා වැටීමේ විපාකය තමයි අද අපිට විඳින්න වෙලා තියෙන්නේ. අපේ උද්ධමනය වැඩි වෙලා. රුපියලේ වටිනාකම අඩු වෙලා. ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වෙලා තිබෙනවා. බංකොලොත් වුණාම අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි කොහොමද බංකොලොත් භාවයෙන් ගොඩ එන්නෙ යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
තනි පුද්ගලයෙක් ණය වුණොත් ඒක විසඳගන්න පුළුවන්. යාලුවෙක්ගෙන් ඥාතියෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. හැබැයි රට බංකොලොත් වුණොත් උදව් කරන්න තියෙන්නෙ ලෝකයේ එක ආයතනයයි. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපි කොච්චර කෑගැහුවත්, පූජා තිබ්බත් වෙන කාගෙවත් උදව් ලැබෙන්නේ නෑ. අන්තිමට අපිට පිහිටක් සහනයක් ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණයි.
අපි මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පළමුවෙන්ම කියන්නේ තමන් මූල්‍ය සහය ලබාදෙන රටකට ලාබ ලබන්නේ නැති ආයතන පවත්වා ‍ගෙන යාමට නොහැකි බවයි. විවෘත ආර්ථිකයත් තිබෙනවා නම් පාඩු ලබන ආයතන වෙනත් අංශවලට ලබා දෙන්න ඕනේ. රජය විසින් ආයතන පවත්වා ගෙන යනවා නම් ඒ ආයතන ලාභ ලබන්න ඕන. එහෙම වුණොත් ආණ්ඩුවේ මුදල් ජනතාව වෙනුවෙන් යොදවන්න පුළුවන්. නැතිනම් වෙන්නේ පාඩු ලබන ආයතන රජය විසින් පවත්වාගෙන යාමටයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන නොමැති නම් රජයේ මුදල් ජනතාවගේ සහන, සේවා ලබාදීමට වැය කළ හැකියි. රට වැටී තිබෙන අසීරු තත්ත්වය නිසා මේ අවස්ථාවේදී අපිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න සිදු වුණා.
ඒ අනුව ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් කාර්ය මණ්ඩල එකඟත්වයට පැමිණීමට අපට හැකි වුණා. එම එකඟතා තමයි මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන්නේ. එහි තිබූ අමාරු තීන්දු සියල්ලම අප පසුගිය වසරේ දී ගනු ලැබුවා.
එහි ප්‍රතිඵලය මේ වසරේදී ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. මං එක උදාහරණයක් කියන්නම්, විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කළාට පසුවත් තවත් බිලියන 350 ක අලාභයක් තියෙනවා. අලාභ සමඟ විදුලි බල මණ්ඩලය පවත්වා ගෙන යන්න බැහැ. එය කඩාගෙන වැටෙනවා. බැංකුවෙන් මුදල් ණයට අරගෙන බැංකු කඩා වැටෙනවා. එහෙම නම් වැට් ( VAT) වැඩි කරන්න අවශ්‍යයයි. නැතිනම් විදුලිබල ගාස්තු වැඩි කරන්න අවශ්‍යයයි. මේ දෙකෙන් එකක් අපි කළ යුතුයි. එසේ නොකළහොත් අපිට ආධාර ලැබෙන්නේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුවත් අපට ඒ කටයුත්ත කරන්න සිදු වෙනවා.
අපි දන්නවා මේ වැඩ කරනකොට කවුරුත් අත්පොළොසන් දෙන්නේ නැති බව. ඒක දැන ගෙන තමයි අපි මේ වැඩ බාරගත්තෙ. මේ අමාරු තීරණ අපි ගන්න ඕන. එම තීරණ ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපානවා. මේ නිසා භාණ්ඩ මිල ඉහළ යනවා . නමුත් අපිට පහුගිය කාලේ ලැබුණු ආධාර නිසා ඉන්ධන ප්‍රශ්නය, ආහාර ප්‍රශ්නය,පොහොර ප්‍රශ්නය විසඳන්න හැකි වෙලා තිබෙනවා.
අපි පොහොර ලබා ගත් නිසා මෙවර මහ කන්නයෙදී හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඇත්ත වශයෙන්ම අපිට වී අතිරික්තයක් ලැබෙමින් තිබෙනවා. ඒක ආර්ථිකයට මෙන්ම ජනතාවට ඉතා හොඳ තත්ත්වයක්. මෙයින් ජීවන වියදමත් අඩුවෙන්න පුළුවන්. සමහර ආහාර බෝගවල අතිරික්ත අස්වැන්නක් ලැබී තිබෙනවා.
මෙහි සිටින හැම කෙනාටම වගේ අය බදු ගෙවන්න සිදුවෙලා තිබෙනවා. සමහර රාජ්‍ය වෘත්තීයවේදීන් පවා ඊට විරුද්ධව කතා කරනවා. සමහර අය පෙළපාලි යනවා. පෙළපාලි ගියාට මට ප්‍රශ්නයක් නැහැ. නමුත් විසඳුම මොකද්ද කියලත් කියන්න ඕන. මෙවැනි අවස්ථාවක පෙළපාලි යන එක, ආණ්ඩුවට විරුද්ධව කෑ ගහන එක ලෝකයේ ඕන රටක සිදු වෙනවා. ඒවා නවත්වන්න බැහැ.
මේ තීන්දුවලින් ඉවත් වී අපි මොකද කරන්නේ. රටට මොකද වෙන්නේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ වැඩපිළිවළින් අපි අයින් වුණොත් අපිට කවුද ආධාර දෙන්නෙ. මිල වැඩි කළොත් ජීවන වියදමට අමාරුයි. මිල වැඩි නොකළොත් ආධාර ලැබෙන්නේ නෑ. එවිට ආර්ථිකය කඩා වැටෙනවා.
දැන් වෙලා තියෙන්නෙ හරියට, ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ තත්ත්වයක්. මේක තමයි අපිට තිබෙන අමාරුම කටයුත්ත. අපට මෙහෙම හැමදාම ජීවත් වෙන්න බැහැ. අමාරුවෙන් ජීවත් වුණත් අපි ඉක්මනින් ඉදිරියට යා යුතුයි. ව්‍යාපාර හැම එකටම තිබෙන ප්‍රශ්නයක් තමයි දැනට තිබෙන උද්ධමනය. අපි මේ තීන්දු තීරණවල ඉදිරියට ගියොත් උද්ධමනය අඩු කරගන්න පුළුවන්. බැංකු පොලිය අඩු කරන්න පුළුවන්. නිවැරදි තීන්දු තීරණ ගන්න නොහැකි වුණොත් උද්ධමනය ඉහළ යයි.
ණය පමා කිරීම විශාල ප්‍රශ්නයක්. නමුත් ණය පමා කිරීමට අවශ්‍ය ව්‍යාපාරවලට ඒ සහනය ලබා දෙන්න කියලා මම මහ බැංකු අධිපතිතුමා සමඟ කළ සාකච්ඡාවේ දී උපදෙස් දුන්නා. බැංකුවලටත් ප්‍රශ්න තිබෙනවා. පළමුවෙන්ම බැංකු ආරක්ෂා කළ යුතුයි . නැත්නම් බැංකු කඩා වැටෙනවා. බැංකු ආරක්ෂා කළාට පස්සේ ව්‍යාපාර ආරම්භ කරන්නත් පුළුවන්.
අපි දැන් වැඩ කටයුතු කරගෙන යන නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉක්මනින් ලබා ගන්න පුළුවන්. අපිට ණය දුන්න රටවල් අපිට සහයෝගය දෙන්න ලෑස්තියි කියලා මේ වන විට ප්‍රකාශ කරලා තියෙනවා.
අපේ ප්‍රධාන ණයකරුවන් තුන්දෙනාගෙන්, ජපානය, පැරිස් සමාජය සහයෝගය දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඉන්දියාවයි චීනයයි සමඟ අපි මේ වෙනකොටත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
මම ඊයේ චීන එක්සිම් බැංකුව සමඟ එක්ක සාකච්ඡා කළා. අපේ ණය ප්‍රතිව්‍යුගත කරන්න කරන්නේ කොහොමද කියලා දැන් සාකච්ඡා කරගෙන යනවා. එය ඉක්මනින් ඉටුකරන්න චීන පාර්ශ්වය පිළිගෙන තිබෙනවා.
ඉන්දියාවේ විදේශ ඇමතිතුමා ලබන සතියේ ලංකාවට එනවා. ඉන්දියාව සමඟත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සාකච්ඡා කරගෙන යනවා. මේ සියලු දේවල් කළාට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන දෙකහමාරක් අපිට ලැබෙනවා. ඊට පස්සේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යන ආයතනවලින් ඩොලර් බිලියන 5කට ආසන්න මුදලක් අපිට ලැබෙන්න පුළුවන්. එතකොට අපේ අතට බිලියන හතහමාරක් ලැබෙනවා.
ලාබ ලබන්නේ නැති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලැබෙන ඩොලර් බිලියන 3 එක් කර ගත් විට ඩොලර් බිලියන දහයක් එකතු කරගන්න පුළුවන්. එවිට අපේ ආර්ථිකය ගොඩ ගන්න හැකියාව තිබෙනවා. අපි ඒ තැනට යා යුතුයි. හැමදාම ජනතාවට දුක් විඳින්න බැහැ. අපි එතැනින් එළියට පැමිණිය යුතුයි.
දැන් අපි ඉන්නේ තීරණාත්මක ස්ථානයක. ඒ තීරණාත්මක ස්ථානයෙන් ඉදිරියට යා යුතුයි. තිත්ත බෙහෙත් ගන්න සිදුවෙලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් බණින්නෙ මේ ලෙඩේ බෝ කරපු අයට නෙමෙයි. බණින්නේ තිත්ත බෙහෙත් දෙන වෙදාටයි බණින්නේ. බැණ්නත් කමන් නෑ, අපි මේ තිත්ත බෙහෙත් අරගෙන ආර්ථිකය සුවපත් කරන වැඩපිළිවෙළට යනවා.
මේ අවුරුද්දේ දුකෙන් එළියට එන මාර්ගය ඇති වෙන බව මට විශ්වාසයි. මේ ඔක්කොම කරන්න අපිට මේ දුක විඳින්න සිද්ධ වෙනවා. මේ සියල්ලම අපිට නැවත ගොඩනඟන්න පුළුවන්. එය මට විස්වාසයි. ඉන්පසු අලුත් ව්‍යාපාර ගැන හිතලා ලෝකයත් සමඟ තරග කළ හැකි නව ව්‍යාපාර සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. එහෙම කළොත් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න අපට හැකියාව තිබෙනවා. ඒ බව අපට විශ්වාසයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නේපාල තානාපති බාෂු දේව් මිෂ්රා , බ්‍රිතාන්‍ය වැඩබලන මහකොමසාරිස් ලීසා වැන්ස්ටොල් යන මහත්ම මහත්මීහු සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනි අනෝජි ද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡන්දෙ තියමු! හැබැයි අපි සමෘද්ධි ගෙවන එක නවත්වනවා! විශ්‍රාම වැටුප් ගෙවන එක නවත්වනවා! රාජ්‍ය සේවක පඩි ගෙවන එකත් නවත්වනවා! ඇමැති මනූෂ කියන කතාව අහන්න! (VIDEO)
SendShareShare
Previous Post

ඡන්දෙ තියමු! හැබැයි අපි සමෘද්ධි ගෙවන එක නවත්වනවා! විශ්‍රාම වැටුප් ගෙවන එක නවත්වනවා! රාජ්‍ය සේවක පඩි ගෙවන එකත් නවත්වනවා! ඇමැති මනූෂ කියන කතාව අහන්න! (VIDEO)

Next Post

ඡන්ද කල් දාන්න කුමන්ත්‍රණයට තවත් මහා පරාජයක්! මැතිවරණය යනු ව්‍යවස්ථාපිත කරුණක් බැවින් භාණ්ඩාගාරය ඊට අවශ්‍ය මුදල ලබා දෙනවා! කොමිසම හමුවට ආපු භාණ්ඩාගාර නිලධාරීන් කොමිසමට දැනුම් දීලා!

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.