තමන් කිසිදිනෙක මාධ්‍ය වෙත පහර දී නොමැති බවත්, ඉදිරියෙදීත් මාධ්‍ය වෙත කිසිදු බලපෑමක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අලුත් අවුරුද්දේ පළමු වතාවට අද (06) දිනයේදී පුවත්පත් කර්තෘවරුන් හමුවෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.
සමහරු විපක්ෂයේ පක්ෂ කොටවන්න කටයුතු කරන බවද කී ඒ මහතා අද ආණ්ඩුව ඇතුළේ අලු යට ගිනි මෙන් ප්‍රශ්න පවතින බවද කියා සිටියේය.
කෙසේවෙතත් මාධ්‍ය මුහුණ දෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවද විපක්ෂනායකවරයා සදහන් කළේය.










