මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ වනවිට කරට කර සමබර සටනක (finely balanced) නිරත වෙමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
අද (15) සවස 2.51ට නිකුත් කළ නවතම පුවත මගින් ඔවුන් මේ බව අනාවරණය කර තිබේ.
ජනපතිවරණ සටන ආරම්භ කරද්දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටියද අවසන් සති 2 තුළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ ඇති බවත්, මේ වනවිට දෙදෙනාම කරට කර සටනක සිටින බවත් එම ප්‍රවෘත්ති සේවය අනාවරණය කර ඇත.
එමෙන්ම සිංහල ජනතාව රාජපක්ෂවරුන්ට සහාය පළ කළද දමිල සුළු ජාතික පක්ෂ රාජපක්ෂවරුන් නැවැත්විය යුතුය යන ස්ථාවරයේ සිටිමින් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බවද රොයිටර් පුවත් සේවය අනාවරණය කොට තිබේ.