අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 50 වැනි බස් රථය බාර දුන් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ 2022 වසර සදහා පාසලේ විවිධ කාර්යයන් සදහා දැරූ ප්‍රවාහන වියදම ලක්ෂ 32 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ඒ බව පාසලේ විදුහල්පති පූජ්‍ය මහමාන්කඩවල ධම්මසිරි හිමයන් සිය කතාවේදීද සිහිපත් කර සිටියේය.
ඒ අනුව මෙම බස් රථය ලබා දීම සම්බන්ධයෙන් සිසු පරපුර වෙනුවෙන් උන්වහන්සේ විපක්ෂනායකවරයා හට විශේෂ ස්තූතියක් පිරිනැමීමට පියවර ගත්හ.












