සජිත් ප්‍රේමදාස මහතා අගමැති වූ වහා ජනතාවට ලබා දෙන සහන සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කිරීමට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා පියවර ගත්තේය.
ඒ අනුව මරික්කාර් මහතා පෙන්වා දුන්නේ ජල බිල්පතට සහ විදුලි බිල්පත ඒකක 100ක් දක්වා සම්පූර්ණයෙන්ම කපා හරින බවකි.
එමෙන්ම පාසල් යන දරුදැරියන්ට නොමිලේ දිවා ආහාර වේලක් ලබා දීමට පියවර ගන්නා බවද හෙතෙම සදහන් කර සිටියේය.










