මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉලක්ක කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (09) දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් කිහිප දෙනකු විසින් සංවිධාන කර තිබූ රැස්වීම් කිහිපයකට සහභාගී විය.
ඒ අනුව උතුරු කොළඹ, හයිඩ් පිටිය, බටහිර කොළඹ, කඩුවෙල, දෙමටගොඩ, අයි.ඩී.එච්. යන ස්ථානවල පැවැති ජනහමුවලට සහභාගී වීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
මෙහිදී ජනතාව ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයා පිළිගත් ආකාරයක්ද දැකගත හැකිවිය.












