පොහොට්ටු කුහකයන් සහ ඉකුත් පාලන සමයේ සිටි හොරු රැල එක්ව මේ වනවිට ඩීල් එකක් දමා ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
පඩුවස්නුවර පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ප්‍රේමදාස මහතා මේ බව අනාවරණය කළේය.
තමන් ජනතාවට රුපියල් 20,000ක් දෙන බව කී විට මේ කුහකයින් එක්ව මුහුණු පොතේ සහ වොයිස් කට්වලින් පහර දෙන බවත්, අද වන විට මේ දෙපාර්ශ්වය අතර පැහැදිලි ඩීල් එකක් ඇතිි කරගෙන ඇති බවත් ඒ මහතා කීය.











