මැතිසබයේ කාන්තා හිංසනයට විරෝධය පළ කරන බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් “කාන්තාවන්ට එරෙහි හිංසනය වළක්වමු” යන පාඨය සිය ශරීරයන්හි ප්‍රදර්ශනය කරමින් අත්වල තැඹිලි පැහැති පටියක්ද පැළඳ මැතිසබයට අද (25) පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ දේ පැවසීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක්ද පෙරවරුවේ ඇතිවිය.
















