අද පැවැති ජාතික ජන බලවේගයේ විරෝධයට පොලිසිය එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් තබා තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ මේ හරහා ආණ්ඩුව විපක්ෂයේ කට වසා තැබීමට උත්සාහ දරමින් සිටින බවකි.
එහි මෙසේ සදහන්ව තිබිණ.
“කිසිම නායකයෙක් හෝ පක්‍ෂයක් හැම විටම සහමුලින්ම නිවැරදි වී නැත., ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි.
අද ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදුවිය.
මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලිය. ආණ්ඩුව කියන්නේ ජනතාවට නිශ්ශබ්දව පැත්තකට වී සිටින්න කියාය.”
No leader or party has ever been right all the time, it’s why we need to tolerate dissenting voices within a democracy. Today #NPP protestors were tear gassed and many sustained many serious injuries. The Government’s message is loud and clear to the public, SHUT UP AND SIT DOWN.
— Sajith Premadasa (@sajithpremadasa) February 26, 2023