• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙනෝ දාහක් බලා සිටියදී…!
මම ද ඈ දෙස බලා සිටියෙමි…!
සතුටු කඳුළක් ඇසෙන් මතු විය…!
ඇත්තටම ඈ වීරවරියකි…!

February 26, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
දෙනෝ දාහක් බලා සිටියදී…!  මම ද ඈ දෙස බලා සිටියෙමි…!  සතුටු කඳුළක් ඇසෙන් මතු විය…!  ඇත්තටම ඈ වීරවරියකි…!
Share on WhatsAppShare on Facebook

එදා දවස හරියටම පෙබරවාරි 21 වැනිදා. වෙලාව සවස 6ත් 6.15 අතර. ස්ථානය කොළඹ ටවුන්හෝල් එක, එහෙමත් නැත්නම් කොළඹ මහනගර සභාව ළඟ පිහිටි මහජන බැංකුව ඉදිරිපිට බස් නැවතුම. දවසේ රාජකාරි නිමාකරපු බොහෝ දෙනෙක් ඒ වෙලාවට එතැනින් එහා මෙහා යනවා. ඒ වෙලාවෙ අඳුර වැටී තිබුණෙ නැති වුණත් හැමෝම ගමන් කළේ කඩිමුඩියෙන්. තවත් පිරිසක් අංක 138, 175, 125, 164, 166 යන මාර්ගවල ගමන් කරන බසයක් බලාපොරොත්තුවෙන් එතැන රැඳී සිටියා. ඒ හැමෝම ඉන්නේ උදේ සිට රැකියාව කරලා බොහොම වෙහෙසට පත්වෙලා. ඉක්මනින් නිවෙස බලා යෑම ඒ හැමෝගෙම අරමුණයි. ඒ වගේම බසයේ ගමනාන්තයට යන තෙක් අසුන්ගෙන යන්නත් ඒ හැමෝම බලාපොරොත්තුව ඉන්නවා. මමත් වෙනදා සේම එදිනද එම බස් නැවතුමේ රැඳී සිටියේ 164 බසය අපේක්ෂාවෙන්.

එසේ රැඳී සිටින අතරතුර මා නගරසභා පිටිය දෙස නිතර බලන්නේ එහි වගාකර ඇති ඵලදාවට ඇලුම් කරන නිසාවෙනි. එදිනද සුපුරුදු ලෙස එහි ඇති භෝග වගාව දෙස බලමින් සිටි මා හට දැකගන්නට ලැබුණේ මගේ ඇස් අදහාගන්නට නොහැකි සිදුවීමකි. ඒ, තරුණියක් විසින් තරුණ ගැටයකු අල්ලා දෙඅත් බඳිමින් ඔහුට පහර දෙන දර්ශනයකි ඒ. තරුණියක් එලෙස තරුණයකුට පහර දෙන්නේ කෙසේද? ඇයට මෙතරම් ශක්තියක් කොයින්ද? මගේ සිත මුමුණන්නට විය. විශේෂත්වය වන්නේ එම තරුණිය මා නිතර දැක ඇති තරුණියක් වීමයි. වෙනත් දිනවලදී ඇය හමුවන්නට එන පෙම්වතා අපේක්ෂාවෙන් බස් නැවතුම අසල ඇය සිටගෙන සිටිනු මා අවස්ථා කිහිපයකදීම දැක තිබුණා. දකින ඕනෑම කෙනකුට දෙපාරක් බලන්න හිතෙන තරමේ ලස්සන රූ සපුවක් හිමි ඇයගේ වයස අවුරුදු 27ක් පමණ වේය යන්න මගේ අනුමානයයි.

මේ තරුණිය විසින් අවුරුදු 30ක් පමණ වයස තරුණයකුට නගරසභා පිට්ටනිය අසල බිමදමාගෙන පහර දෙනවා. බස් නැවතුමේ සිටින මා හට මේ සිදුවීම හොඳින් පෙනෙනවා. තරුණියගේ පහරදීමෙන් බිම වැටුණු පිරිමි පුද්ගලයා, කෙඳිරි ගාමින් ‘අනේ මට ගහන්න එපා… අනේ මට ගහන්න එපා…’ යැයි ඇගේ දෙපතුල ළඟ වැඳවැටෙමින් සිටිනවා. එහෙත් ඇය නොනවත්වාම ඔහුට පහරදෙනවා.

ඒ අසල සිටි අයකු පැවැසුවේ මේ තරුණයා ඔහුගේ රහසඟ එම තරුණියට පෙන්වන්නට ඇතැයි කියාය. ඒ අනුව මෙම තරුණයා මීට පෙරද මෙවැනි ක්‍රියාවන් සිදුකළ අයකු බව මම වටහා ගතිමි. එසේම ඔහු එම ක්‍රියාව සිදුකරමින් මීට පෙර අවස්ථා කිහිපයකදීද තරුණියන් අපහසුතාවට පත්කළ අයකු බවද කියැවිණි.

එසේ වුවත් ඒ අසල සිටි තවත් පුද්ගලයකු පැවැසුවේ අදාළ තරුණයා විසින්, තරුණියගේ ගමන් මල්ල උදුරාගෙන දුවන්නට උත්සාහ ගත් අවස්ථාවේදී තරුණිය ඔහුට පහර දුන් බවයි. සත්‍ය වශයෙන්ම සිදුව තිබුණේ තරුණියගේ බෑගය උදුරාගැනීමට ඔහු උත්සාහ ගැනීමයි.

කෙසේ වෙතත් මෙම පහරදීම සිදුවී සුළු මොහොතකට පසුව තරුණියගේ පෙම්වතාද එහි පැමිණි අතර, ඔහුද අදාළ තරුණයාට පහරක් ගසන අයුරු දැකගත හැකි විය. නමුත් ඔහුගේ පහරදීමට වඩා දැඩි ආවේගයකින් සහ ශක්තියකින් තරුණිය ඇගේ බෑගය සොරාගන්නට උත්සාහ කළ පුද්ගලයාට පහර පිට පහර දුන් බව එදෙස බලා සිටි සියල්ලන්ටම දැකගත හැකි විය. ඇය සතුව විශාල කුඩයක් තිබුණද, ඇය ඔහුට පහර දුන්නේ සිය දෑතින්මය.

මෙලෙස පහරකෑමට ලක්වූ තරුණයා දිග කලිසමක් සහ ටී ෂර්ටයක් ඇඳ රබර් සෙරෙප්පු පැලඳ සිටි හීන්දෑරි අයෙකි. ඔහු බිම වැතිරෙමින් ‘ගහන්න එපා මට ගහන්න එපා’ යැයි ආයාචනා කරමින් මහ නගරසභා පිටිය දෙසට දිවගියේය.

තම බෑගය සොරාගන්නට උත්සාහ කළ සැකකාර තරුණයාව පොලිසියට භාරදෙන්නට ඇය උනන්දු වූයේ නැත. ඇගේ ශක්තියෙන් සොරකු මෙල්ලකිරීම ගැන ඇයට ආඩම්බරයක් ඇතිවන්නට ඇත.

මේ අතරතුර 164 බසයක් පැමිණියෙන් මා එයට ගොඩවීමි. ඒ අවස්ථාවේදී බසය මගීන්ගෙන් පිරීගොස් තිබූ නිසා මෙම සිදුවීමට මුහුණ දුන් තරුණිය සහ ඇගේ පෙම්වතා එයට ගොඩවූයේ නැත.

තරුණිය මෙම අකරතැබ්බයට මුහුණ දුන් අවස්ථාවේ ඒ අසල සිටි එක් පුද්ගලයකු ඇරෙන්නට වෙනත් කිසිවකු ඇයට උපකාර කරන්නට ඉදිරිපත් වූයේ නැත. ඇය කිසිවකුගෙන් එවැනි උපකාරයක් බලාපොරොත්තු වූයේද නැත. කාන්තාවක් ලෙස, ඇගේ ආත්මශක්තිය ගැන මා තුළද ඒ අවස්ථාවේ ඇතිවූයේ අභිමානයකි. කාන්තාවක ලෙස මෙවැනි සිදුවීම්වලට මුහුණ දීමට මා හටද සිදුවිය හැකිය. එවැනි අවස්ථාවක නොබියව ඒ අවස්ථාවට මුහුණ දෙන්නට මේ තරුණිය දුන් ආදර්ශය කදිමය.

මෙවැනි ගැටකපන්නන්, සොරුන් ඉදිරියේ අප බොහෝ විට මුනිවත රකිමින් සමාජයට බියෙන් සිදුවූ පාඩුව තනිව දරාගන්නවා. එහෙත් මේ තරුණිය එම අවස්ථාවට තනිව මුහුණ දෙමින් ඇගේ ආරක්ෂාව සලසා ගත්තේ සමස්ත කාන්තා පරපුරටම කදිම ආදර්ශයක් දෙමිනි.

මේ සිදුවීම සමග තවත් විශේෂ කරුණක් සඳහන් කළ යුතුමය. එනම්, කොළඹ 07 හෙවත් කොළඹ නගරයේ හදවත බඳු අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක තරුණියකගේ ගමන් මල්ල සොරාගැනීමට තරම් රටේ ආරක්ෂාව දුර්වල තැනකට පත්ව තිබීමයි. ප්‍රධාන පොලිස් ස්ථාන සහිත, බුද්ධි අංශ නිලධාරීන්, අපරාධ පරීක්ෂණ අංශයේ සාමාජිකයන් නිතර ගැවසෙන මෙවැනි බිම්කඩක් මීට වඩා සුරක්ෂිත තැනක් විය යුතුය යන්න අපේ අදහසයි.

අද සමාජයේ බොහෝ දෙනෙකු හිතන්නේ තරුණියන් ළඳ බොළඳ යැයි කියාය. නමුත් වර්තමාන සමාජ ක්‍රමයත් සමග ගැටෙන අපි ඒ සංස්කෘතික අන්‍යතාව වෙනස් කළ යුතුයි. ආදරය සෙනෙහස කරුණාව යන කාරණා ගැහැනියකට පමණක් උරුම වූ දේවල් නොවෙයි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම එක හා සමානව ඒවා උරුමයි.

පසුගිය දා කොළඹ පුරහල ආසන්නයේ සිදුවූ මේ සිදුවීම සමාජයේ බොහෝ කාන්තාවන්ට ආදර්ශයක්. පොදු ප්‍රවාහන බස්රථවල ගමන් කරන තරුණ කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන්ට මුහුණ දීමට සිදුවෙනවා. මෙවැනි අවස්ථාවල ලැජ්ජාව නිසාම බොහෝ කාන්තාවන් ඒ ගැන සිය විරෝධය පළකරන්නේ නැහැ. නමුත් කාන්තාවන් එලෙස මුණිවත රැකීම නිසාම එවැනි සිදුවීම් දිනෙන් දින ඉහළ යන අන්දම දැකගත හැකියි. හෙට දිනයේ ඔබට, ඔබේ අම්මාට, සහෝදරියට හෝ පෙම්වතියට මෙවැනි හිරිහැරයක්, ලිංගික හිංසනයක් සිදුවෙන්නට ඉඩ ඇත. ඒ නිසාම වරදක් දුටු තැන නොබියව හඬ අවදි කරන්නට තරම් ධෛර්යයක්, ශක්තියක් අපි අපේ හද තුළ ගොඩනගාගත යුතුයි. අසාධාරණය වෙනුවෙන් හඬනගන්න, අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්න, ඒ වෙනුවෙන් සටන් කරන්න. ඒ සඳහා කාන්තා ඔබට අයිතියක් තිබේ.

ලෝක කාන්තා දිනයට තවත් ඇත්තේ තවත් දින 10ක පමණ කාලයකි. මෙවරත් මහ ඉහළින් අපේ රටේද කාන්තා දිනය සමරනු ඇත. කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඒ දිනයේදී විවිධ උත්සව පවත්වනු ඇත. එහෙත් මහා නගරයක් මැදදී තමන් සතු දෑ සොරාගන්නට පැමිණි තරුණයකු තනිවම මෙල්ල කර, තම ආරක්ෂාව තමන් විසින්ම සලසාගත් එඩිතර තරුණිය රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, කාන්තා සංවිධාන විසින් ඇගයුමට ලක්කරනු ඇතැයි අප බලා සිටින්නෙමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කඳුලු ගෑස් ගහලා ඉවර වුණාට පසු අනුරලා ලිප්ටන් වටරවුමේ රැස්වීම තියයි! VIDEO

Next Post

සජබෙට පොලිසියෙන් ගහද්දී මාලිමාව නිහඬව සිටියාට මාලිමාවට පොලිසියෙන් ගහද්දී සජිත් නිහඬව නොසිටී! ආණ්ඩුවට විරෝධය පළ කරමින් පණිවුඩයක් තියයි! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.