• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ අලුත් ‌පැත්තකට යයි! තමන් සිටින ස්ථානය සොයන Location Tracking පහසුකම බිරියට සහ මිතුරාට මීට පෙරත් ලබා දී තිබුණාද? ෂාෆ්ටර් මගදී කඩේකින් ‌දෙදෙනෙකුට සෑහෙන්න ෂෝට්ඊට්ස් අරන් ගියේ ඇයි?

December 22, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න භයානක ප්‍රවෘත්තියක්! ප්‍රකට සමාගමක සභාපතිවරයකු පැහැරගෙන බොරැල්ල කනත්තට අරන් ගිහින් පහර දීලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසින් පිටතට යන අවස්ථාවලදී ජංගම දුරකතනයේ තමා සිටින ස්ථානය හඳුනා ගැනීමේ (Location Tracking) පහසුකම සිය බිරිය වන ටානි ෂමින්ට සහ සිය මිතුරා වන ෆැට්රික් ක්‍රිස් පෙරේරාට ඔහුව ඝාතනය වූ දිනට පෙරත් ලබා දී තිබුණේදැයි අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර තිබේ.

ඊට මුල් වී ඇත්තේ පැය භාගයකින් නැවත නිවෙසට පැමිණෙන්නේ යැයි කියා කොළඹ 07 මල් පාරේ පිහිටි නිවෙසින් පිටත්ව ගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමියේ රැඳී සිටින බව බිරිය ටානි ෂමින් සහ ක්‍රිෂ් පෙරේරා හඳුනාගෙන ඇත්තේ ස්ථානය හඳුනා ගැනීමේ (Location Tracking) පහසුකමින් බව පවසා ඇති බැවිනි.

මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සිය භාරයට ගෙන ඇති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනය වෝහාරික විමර්ශනයකට ලක් කරමින් බිරිය සහ මිතුරාට එම පහසුකම මීට පෙර දී ඇති අවස්ථා ගණන පරීක්ෂාවකට කරමින් ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කරමින් දීර්ඝ ප්‍රකාශ ගෙන ඇතත් මෙතෙක් මෙවැනි ප්‍රශ්න කිරීමකට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මිතුරා වන ක්‍රිෂ් පෙරේරා මහතාව යොමු කර නැත. අපරාධකරුවන්ට ගොදුරු වී සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල කනත්තෙන් සොයාගෙන කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ක්‍රිෂ් පෙරේරා මහතාය. ඒ මහතාගෙන් බොරැල්ල පොලිසිය මූලික ප්‍රශ්න කිරීමක් මුල් අවස්ථාවේදී කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඉදිරියේදී ඒ මහතාගෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිටින්නේ තොරතුරු රැස් කරමිනි. දිනේෂ් ෂාෆ්ටර් මහතා ක්‍රිකට් විස්තර විචාරකයකු වන බ්‍රයන් තෝමස් මහතා මුණගැසීමට යන බව තමාට පැවසූ බව පොලිසියට පවසා තිබුණේද ක්‍රිෂ් පෙරේරාය. බ්‍රයන් තෝමස් මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරමින් ඔහුගේ විදෙස් ගමන් තහනමක් පවා ගැනීමට විමර්ශන නිලධාරීන් විසින් පියවර ගන්නේ ඒ අනුවය.

ක්‍රිෂ් පෙරේරා මහතා වත්තල හැඳල පදිංචිකරුවකු වන අතර වසර 19ක් දිනේෂ් ෂාෆ්ටර් මහතා සමීපයේ සේවය කළ අයෙකි. මේ වන විට ඔහුද සමාගම් අධ්‍යක්ෂවරයකු බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ විශ්වාසවන්තම සේවකයකු ලෙස කටයුතු කර ඇති ඔහුගෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතා ඇසුරු කළ පුද්ගලයන් සහ ඔහු ගනුදෙනු කළ අය ගැන බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් ඒ ඔස්සේ ඝාතකයාව පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනුයේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතියක් මේ වන විට ඇති බවය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරියගෙන් මේ වන විට ප්‍රකාශ ගෙන ඇති බවත් විමර්ශනවලින් පැනනඟින අලුත් කරුණු අනුව ඉදිරියේදීත් ප්‍රකාශ ගනු ඇති බවත් ඔහු පැවසීය. ඒ හැරුණුකොට තව අයගේ ප්‍රකාශ ගැනීමටද පියවර ගනු ඇති බවද ඔහු කීය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාළව දැනට පුද්ගලයන් 50 දෙනකුගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ ගෙන තිබේ. ප්‍රකාශ 42ක්ම ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම වන අතර ප්‍රකාශ 08ක් ගෙන ඇත්තේ බොරැල්ල පොලිසිය මඟින් බව නිහාල් තල්දූව මහතා පැවසීය.

“තවමත් ඍජුවම සැකකරු මෙයා කියල හඳුනාගෙන නැහැ. සැකයන්ට විවිධ පුද්ගලයන් භාජන වෙනවා. පුළුල් දැක්මක් සහිතවයි විමර්ශන සිදු වෙන්නේ. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විමර්ශන සිදු වෙනවා.“ යැයිද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙතෙක් නිශ්චිතව අපරාධකරු හඳුනාගෙන නැති බවත් සැකයට ලක් වන අයට එරෙහිව සාක්ෂි ලද වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය පොලිසියට පවසා ඇත්තේ ඔහු සිය නිවෙසින් පිටව යන්නේ පැය භාගයකින් නිවෙසට පැමිණෙන බව පවසමිනි. ඒ ගොස් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතා ගමන් කළ මෝටර් රථය පොලිසිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි කෙටි ආහාර අලෙවි ස්ථානයකින් ආහාර නිකුත් කිරීමේදී ආහාර බහා දෙන කවරයක් හමු වී ඇත. විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ එම බෑගය දෙදෙනකුට සෑහෙන කෙටි ආහාර බහාලන බෑගයක් බවය.

පැය භාගයකින් නිවෙසට එන බව කියා නිවෙසින් පිටත් වූ ඔහු සිය ගමනාන්තය වූ බොරැල්ල සුසාන භූමිය ආසන්නයේ ස්ථානයකින් දෙදෙනකුට සෑහෙන කෙටි ආහාර වේලක් රැගෙන යෑම කෙරෙහිද විමර්ශකයන්ගේ විශේෂ අවධානයකට යොමු වී තිබේ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ උකුසු ඇස් යොමු වී ඇත්තේ එදා ඔහු කනත්තේදී හමුවීමට ගිය පුද්ගලයා කවුරුන්දැයි කියාය. එම පුද්ගලයාව නිශ්චිත ලෙස සාක්ෂි සහිතව හඳුනා ගත් විට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය තවදුරටත් අබිරහසක් නොවනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පැය 24 පුරාම මේ ඝාතන අබිරහස විසඳීමට කැපවී කටයුතු කරන බවය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

අනුර එන්න – විමල් එන්න – උදය එන්න – පාදෙණිය එන්න, ඉන්න තැනකින් එන්න ඔන්න එනවා එට්කා…

Next Post

මහබැංකු අධිපති කරන්න සිටි දිනේෂ්ට ජනපති ආයෝජන මණ්ඩලය බාරදෙයි!

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.