ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරගෙන රාජපක්ෂ පවුලේ දෙවැනි ප්‍රහාරය නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා විසින් ඊයේ (11) දිනයේදී එල්ල කරනු ලැබීය.
විජේරාම මාවතේ පිහිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේදී පොහොට්ටුවේ නාමයෝජනාවලට අස්සන් කිරීමෙන් පසුව රාජපක්ෂ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.
එහිදී හෙතෙම කියා සිටියේ මෙවර මනාප භාවිතා කිරීමේදී පොහොට්ටු පාක්ෂිකයන් අතීත සිද්ධීන් මතකයේ තබාගෙන මනාප පාවිච්චි කළ යුතු බවකි.
මේ හා සමානවම පෙරේදි දිනයේදී චමල් රාජපක්ෂ මහතා හම්බන්තොටදී අදහස් දක්වමින් උකුස්සා පක්ෂයේ අපේක්ෂකයන්ට ජන්දය භාවිතා නොකළ යුතු බව ප්‍රසිද්ධියේ කියා සිටියේය.