ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර ඉතා තීරණාත්මක සාකච්ජාවක් අද (12) සවස 4ට පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ජාවේදී ශ්‍රීලනිපයට ලබා දිය හැකි නාමයෝජනා ප්‍රතිශතය සම්බන්ධයෙන් අවසන් වශයෙන් තීරණයකට එළඹීමට නියමිත බව දැනගන්නට තිබේ.
මේ වනවිට ශ්‍රීලනිපය එළඹී ඇති ගිවිසුම්වලට අනුව 30%ක ප්‍රතිශතයක් නාමයෝජනාවලින් ඉල්ලා සිටින නමුත් පොහොට්ටුව දැනුම් දී ඇත්තේ එපමණ ප්‍රමාණයක් ලබා දිය නොහැකි යැයි කියාය.
ඒ අනුව මෙම සාකච්ජාව දෙපාර්ශ්වයටම ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව දැනගන්නට තිබේ.