ශ්‍රීී ලංකා නිදහස් පක්ෂයෙන් විනය පියවර ගන්නා බවට දැනුම් දෙමින් පසුගියදා පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා යැවූ ලිපිවලට එම පස්දෙනාම එක්ව එක් ලිපියක් පිළිතුරු වශයෙන් යැවීමට තීන්දු කොට ඇත.
මෙහිදී දැකගන්නට ඇති විශේෂත්වය වන්නේ එම පස්දෙනා ප්‍රධාන පක්ෂ දෙකටම සම්බන්ධ වී සිටියද එක්ව තනි ලිපියක් යැවීමට තීන්දු කිරීමය.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම ලිපිය පක්ෂ මහලේකම්වරයා වෙත යැවීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට ඇත.
විනය ලිපි ලැබුණු ලක්ෂමන් යාපා අබේවර්ධන, එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රිවරුන් මේ වනවිට පොහොට්ටුවට සම්බන්ධ වී සිටින අතර විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරු මේ වනවිට එජාපයට සම්බන්ධව කටයුතු කරමින් සිටිති.