• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වේල්ල වීදියේ හිස නැති කාන්තා මළ සිරුර අරන් ඇවිත් තියෙන්නේ හංවැල්ලේ සිට බස් එකේ (VIDEO)

March 2, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
වේල්ල වීදියේ බෑගයක කාන්තා මළ සිරුරක්
Share on WhatsAppShare on Facebook

කොළඹ, වේල්ලවීදියෙන් හමු වූ කාන්තා මළසිරුර සහිත බෑගය ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ සිට පුද්ගලයකු තල්ලුකරගෙන විත් අත හැර දමා ගොස් ඇතැයි විමර්ශනවලදී තහවුරු වී ඇත. කළුපැහැති අලුත්ම ගමන් බෑගයක තිබූ (ට්‍රැවලින් බෑග්) මෙම කාන්තා සිරුර වේල්ලවීදිය පොලිසිය ඊයේ (1 වැනිදා) දහවල් සොයා ගත්තේය.

පසුව මෙම ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී තහවුරු වී ඇත්තේ හිස නොමැති කඳ පමණක් ඇති කාන්තා මළ සිරුරක් එතුළ තිබුණු බවයි. එම කඳ කොටසේ පාද ගැට ගසා තිබූ අතර හිස කඳින් වෙන්කර ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමෙන් යැයිද මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඝාතනයට ලක් වූ කතගේ හිස සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

ගෙල කපාදමා සිරුර දෙකට නවා බෑගයට දමා තිබී මෙලෙස පොලිසියට හමුවී ඇත.

මෙම බෑගය දීර්ඝ වේලාවක් මාර්ගය අසල තිබියදී වේල්ලවීදිය පොලිසියට ලද ඇමතුමක් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි ඇතුළු කණ්ඩායමක් ඊයේ (1 වැනිදා) සවස 2.30ට පමණ බෑගය පරීක්ෂා කිරීමේදී මළ සිරුර හමුවී තිබේ.

සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී ගෑස්පහ හන්දිය දෙස සිට දහවල් 1.30ට පමණ පුද්ගලයකු මෙම බෑගය තල්ලුකරගෙන එන ආකාරය සටහන්වී ඇත.

සැකකරු අවට අයට සැක නොහිතෙන පරිදි මෙම බෑගය රැගෙන විත් ඇත.

මෙම සිද්ධීය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු ඊයේ (01දා) පෙරවරු 11.45 ට පමණ මෙම ගමන් බෑගය සහිතව හංවැල්ල බස් නැවතුම්පළට පැමිණ ඇති බවයි. ඔහු එම බස් නැවතුම්පොළේදී කොළඹ බලා ධාවනය වූ බස් රථයක නැගී රියැදුරු අසුනට පිටුපස අසුණේ වාඩි වී අදාළ ගමන් බෑගයද සමීපයේ තබා ගනිමින් කොළඹට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

පිටකොටුව බස්නැවතුම්පළ ආශ්‍රිත සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා හංවැල්ලේ සිට පැමිණි බස් රථයෙන් බැස ගෑස්පහ හන්දිය දෙසට ගමන් කර ඇති බවය. එම සැකකරු කොළඹ බලා තම බස් රථයේ පැමිණි බවට බස් රියැදුරුගෙන් හා කොන්දොස්තරගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මගින්ද අනාවරණය විය.

බෑගය රැගෙන යන පුද්ගලයා පිළිබඳ සී.සී.ටීවි දර්ශන ඊයේ දිනයේ දී නිකුත් කළ අතර, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ  0718 591 557 හෝ හදිසි ඇමතුම් ඒකකය වන 0112 433 333 යන දුරකථන අංකයන්ට දැනුම්දෙන දෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.

ඝාතනය වූ කතගේ මළ සිරුර බෑගයෙන් පිටතට නොගෙනම පශ්චාත් මරණ පරීකෂණය සඳහා පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම පශ්චාත් මරණ පරීක්ෂණය අද (2 වැනිදා) පැවැත්වීමට නියමිතය.

SendShareShare
Previous Post

හිටපු ජනපති වසර 3ක් හිරේ: මහේස්ත්‍රාත්වරයකුට අල්ලස් දීලා

Next Post

වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිනිය දොට්ට: කෘෂිකර්ම ලේකම් ලියුම ගහයි

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.