අපරාධ චෝදනාවක තොරතුරු තමාට ලබාදීම වෙනුවෙන් මහේස්ත්‍රාත්වරයෙකුට ඉහළ තනතුරක් අල්ලස් ලෙස ලබාදීමට උත්සහ ගැනීමේ චෝදනාව මත ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි හට එරට අධිකරණයක් මගින් තුන් වසරක සිර දඬුවම් ලබා දී තිබේ.
66 හැවිරිදි සාර්කෝසි සිරදඬුවම් නියමවූ ප්‍රංශයේ පළමු හිටපු ජනාධිපතිවරයාය.
අල්ලස් ලබා දීමට උත්සහ ගත් ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදාළ දුරකථන ඇමතුම එරට පොලීසිය විසින් පටිගත කර තිබිණ
මෙහිදී අදාළ මහේස්ත්‍රාත්වරයා සාර්කෝසිගේ නීතීඥවරයාටද සිර දඬුවම් ලබා දුන්නේය.

2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධුරය දැරූ සාර්කෝසි හට මේ දඬුවම හිමිවුයේ 2014 වසරේදී සිදුවූ සිද්ධියක් මතය.
සාර්කෝසි ගේ තුන් අවුරුදු සිර දඬුවමෙන් වසර දෙකක් අත්හිටවූ සිර දඬුවම් වන අතර ඉතිරි වසරක කාලය බන්ධනාගාර ගත කිරීමක් සිදු නොකර සිය නිවසේම රඳවා තැබීමට නියමිතය.
එම කාලය තුල ඔහුගේ අතෙහි ඉලෙක්ට්‍රොනික් බ්‍රේස්ලට් එකක් සවි කරන අතර එමගින් ඔහුට නිවසෙන් පිටතට යාම පාලනය කෙරේ.
මීට පෙර හිටපු ජනාධිපතිවරයකු වන ජැක් චිරාක් හටද දුෂණ චෝදනා මත අත්හිටවූ සිර දඬුවම් හිමිවි තිබිණ.
කෙසේ වෙතත් ඔහු මේ සමබන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමටත් නියමිතය.
මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීම් අදහසින් සිටින සාර්කෝසි තවමත් ප්‍රංශ ජනතාව අතර ජනප්‍රිය චරිතයකි.










