ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ඊයේ (17) පස්වරුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී හදිසි රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
මෙම සාකච්ජාව සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා, පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා, අපේ ජනබල පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එල් එම් අතාවුල්ලා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරතුංග යන මහත්වරුද එක්ව සිටියහ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු නියෝජිතයෙකු ඊයේ සාකච්ඡාවට සහභාගී වී නොතිබිණ.










