කොරෝනා වෛරසය පාලනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය මේ වන විට අවසන් සායනික පරීක්ෂාව සඳහා යොමු කර ඇති නමුත් ඊට රෝගීන් සොයාගැනීමට නොහැකි වීමෙන් අර්බූදයක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත.
වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ එම ඖෂධ පරික්ෂාව සඳහා ආසාදිතයන් සොයා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රතිඵල ප්‍රමාද වෙන බවයි.
සායනික පරීක්ෂණය සිදු කිරීමට අවම වශයෙන් රෝගීන් 128ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේ ය.
දැනට එම පරීක්ෂාවට සහභාගී වී ඇත්තේ 42ක් වැනි පිරිසක් බවත් ප්‍රතිඵල ප‍්‍රමාද වී ඇත්තේ එම හේතුවෙන් බවත් ඔහු පැවසීය.










