ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ජාවේදී සියලුම සාමාජිකයන් ඊට පත්කරන තුරු සභාව ක්‍රියාත්මක නොවන බවට වූ පූර්ව තීන්දුව මත පිහිටා කටයුතු කිරීමට එකගතාව පළව ඇති බව වාර්තා වේ.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ජාවේදී පළමුව සිවිල් සංවිධාන නියෝජනය කරමින් පත්කළ යුතු නියෝජිතයන් තිදෙනා පිළිබදව සාකච්ජා කොට තිබේ.
ආණ්ඩුව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන් මෙහිදී පෙන්වා දී ඇත්තේ වහාම සිවිල් සංවිධාන නියෝජිතයන් පත් කළ යුතු බවත්, එසේ නොමැති නම් පත් කොට සිටින නියෝජිතයන් සමග ව්‍යවස්ථාදායක සභාව ඉදිරියට කටයුතු කරන බවත්ය.
මෙහිදී බොහෝ දෙනා ව්‍යවස්ථාදායක සභාව ආරම්භයේදීම සියලු දෙනාම එකගතාවකට පැමිණි කරුණක් සිහිපත් කරමින් සාමාජිකයන් 10 දෙනාම පත්කරන තුරු ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක නොවන බවට වූ පූර්ව එකගතාවයට අනුව කටයුතු කළ යුතු බව පෙන්වා දී තිබේ.
ඊට අනුව සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනා පත් කිරීමට පළමුව සුලු පක්ෂ නියෝජිතයා පත් කළ යුතු බව විපක්ෂනායකවරයා පෙන්වා දී තිබේ.
මේ වනවිට සුලු පක්ෂ නියෝජිතයා වශයෙන් උතුරේ සුලු පක්ෂ විසින් සිද්ධාර්ථන් මහතා නම් කොට ඇති අතර දකුණේ සුලු පක්ෂ උදය ගම්මන්පිල නම් කොට ඇත.
ඒ පිළිබද මෙතෙක් අවසන් එකගතාවයක් ඇති කර ගෙන නොමැත
ඒ අනුව පළමුව එම නියෝජිතයා පත් කළ යුතු බවට සාකච්ඡා වී තිබේ.
එම සාකච්ඡාවෙන් පසු යළි රැස්වීමට දින නියමයකින් තොරවම රැස්වීම අවසන් වී ඇති බව දැනගන්නට ඇත.










