ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රස් ඇඩනොම් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට අද (01) දිනයේදී දුරකතන ඇමතුමක් ලබා දී ඇත.
සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණයම කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා යොදවා තිබීම සම්බන්ධයෙන් හෙතෙම ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කොට ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම මෙම වයිිරසය හේතුකොටගෙන මතුව ඇති ආර්ථික අර්බුදය පිළිබදවද දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බව වාර්තා වේ.










