පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය දැක්වීම උදෙසා චීන රජය සහ මෙරට ප්‍රධාන පෙළේ අයතන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් ආධාර මුදල් සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙත භාර දී ඇත.
අද (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ආධාර මුදල් සහ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.
ඒ අනුව,
• ෆොන්ටෙරා ආයතනය විසින් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 8ක වටිනාකමකින් යුත් සෞඛ්‍යාරක්ෂණ උපකරණ ප්‍රදානය කරනු ලැබීය.
• අක්බාර් බ්‍රදර්ස් පෞද්ගලික සමාගමෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කර ඇත.
• මෙටර්ලොජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා පෞද්ගලික සමාගමෙන් (MCC) ආරක්ෂිත මුහුණු ආවරණ 100,000 සහ ආරක්ෂිත අත් ආවරණ 50,000ක් පරිත්‍යාග කර ඇත.
• නවෙස්ටා ෆාමසූටිකල් පෞද්ගලික ආයතනය විසින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 100ක් ලබා දී ඇත.
මීට අමතරව චීන රජය විසින් ප්‍රදානය කරනු ලැබූ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගය නිල වශයෙන් චීන තානාපතිවරයා විසින් නිල වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමනු ලැබ තිබේ.










