ශත්තිමත් ආර්ථික වැඩපිළිවෙළක් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික කඩාවැටීම පිළිබදව ශ්‍රී ලංකාව හොඳම උදාහරණය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ජී 20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමක් අමතමින් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මෙම අදහස් පළකළාය.
පවතින ගෝලීය ආර්ථික තත්ත්වය හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය බිඳ වැටෙමින් පවතින බව ඇය පැවසීය.
යුක්‍රේන යුද්ධය සමග ලෝක ආහාර සහ භාණ්ඩ මිල දැඩි පීඩනයට ලක්ව ඇති බවත් ගෝලීය මූල්‍ය තත්ත්වයන් බලාපොරොත්තු වූවාට වඩා දැඩි වෙමින් පවතින බවත් ඇය පෙන්වා දී තිබුණාය.
මෙම තත්ත්වය යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍ය වන අතර ශ්‍රී ලංකාව එහි අනතුරු ඇඟවීමේ සලකුණක් ලෙස පෙන්වා දිය හැකි බව ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා වැඩිදුරටත් ප්‍රකාශ කළාය.










