අකමැත්තෙන් වුවද ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජීවන තොණ්ඩමන් මහතා සඳහන් කරයි.
ජලය පිරිසුදු කිරීම සඳහා විදුලි බලය භාවිතා කරන බවත් විදුලි ගාස්තු ඉහළ දමා ඇති නිසා ජල ගාස්තු ද ඊට සමගාමීව වැඩි කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියි.
ජල ගාස්තු මේ මොහොතේ ඉහල දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේ දී උත්සවයක් අමතමිනි.