මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධයෙන් රියදුරන්ට විශේෂ ලකුණු ක්‍රමයක් හඳුන්වාදී එම ලකුණු අඩු වන ආකාරයට අනුව රියැදුරු බලපත්‍රයක් හදුන්වා දීමට පොලිසිය සැලසුම් කර ඇත.
මාර්ග ආරක්ෂාව පිලිබඳව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා කියා සිටින්නේ එහිදී ලකුණු 24ක් රියැදුරෙක්ට ලබාදෙන බවත්, රියදුරන් විසින් සිදුකරනු ලබන වැරදි මත ලකුණු අඩු කිරීම සිදුකරන බවත්ය.
යම් හෙයකින් ලකුණු 24ම අඩුවූ පසු රියදුරු බලපත්‍රය වසරක කාලයකට අහෝසි කොට පසුව යළි යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකිවන බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.
වාහන ලක්ෂ 82ක් ධාවනය වන රටේ ඊට ගැලපෙන පරිදි මාර්ග තත්ත්වයන් වැඩිවී නොමැති බව පැවසූ ඔහු දිනකට ප්‍රධාන මාර්ග 05ක් ඔස්සේ කොළඹ නගරයට වාහන ලක්ෂ 05ක් පැමිණෙන බව කියා සිටියේය.