විශ්වවිද්‍යාල ගැටලුවක් මුල් කරගෙන ලංකාව හා රුසියාව අතර අර්බූදයක් හටගෙන ඇති බව දැනගන්නට තිබේ.
මෙරට සිසුන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානු විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත ලේඛනයෙන් ඉවත් කිරීම හේතුවෙන් මෙම අර්බූදය පැන නැගී ඇති බව පැවෙසේ.
අනුමත ලේඛනයෙන් ඉවත් කර ඇති විශ්වවිද්‍යාල අතර අතීතයේ ලුමුම්බා (Lumumba) නමින් පැවති විශ්වවිද්‍යාලය ද වේ. එම විශ්වවිද්‍යාලය වර්තමානයේ හැඳින්වෙන්නේ ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය (Peoples’ Friendship University of Russia) නමිනි. ලෝක ශ්‍රේණිගත ලේඛනයේ 392 වැනි ස්ථානයේ මෙම විශ්වවිද්‍යාලය පවතී.
මොස්කව් හි අතිශයින් ජනප්‍රිය පහත සඳහන් විශ්වවිද්‍යාල දෙකක් වන Pirogov Russian National Research Medical University සහ Tver State Medical Univers යන විශ්ව විද්‍යාල ද වෛද්‍ය සභාව විසින් අනුමත ලේඛනයෙන් ඉවත්කර ඇත.
රුසියානු බලධාරීන් පවසන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් හෝ සාකච්ජාවකින් තොරව කර ඇති මෙම ඉවත් කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවකි.
මේ හරහා මෙරට උසස් පෙළ විභාගවලින් ඉහළම සුදුසුකම් ලබාසිටින සිසු සිසුවියන් 40කට රුසියානු ශිෂ්‍යත්ව අහිමිවීමේ තත්වයක් මතුව ඇති බවක්ද දැනගන්නට ඇත.










