වත්මන් රජයේ අදූරදර්ශී මූල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 35ක ලංකා ඉතිහාසයේ දැවැන්තම අයවැය හිගයට මේ වසරේ ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අනතුරු අගවා සිටී.
2019 වසර හා සසදද්දී රාජ්‍ය අදායම මේ වසරේදී 28%කින් පහත වැටී ඇති බවත්, ආණ්ඩුවේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය ඊට හේතු වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම 2020 ජනවාරි සිට ජුලි මාසය දක්වා වූ මාස 6ක කාලය ඇතුළත ආණ්ඩුවේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් ඉහළ ගොස් ඇති බවත්, මේ වනවිට එය ට්‍රීලියන 13 සිට ට්‍රිලියන 14 දක්වා ඉහළ ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.
ඒ අනුව 2020, 2021 සහ 2022 යන වසරවලදී ණය ගෙවීමේ බරපතළ අර්බූදයකට ආණ්ඩුව මුහුණ පානු ඇති බවත් වික්‍රමරත්න මහතා සදහන් කරයි.